
(සුජිත් හේවාජුලිගේ)
සංචරණ සීමා වැඩපිළිවෙළක් ක්‍රියාත්මකවෙද්දී පාරවල්වලට වාහන මේ ආකාරයට පැමිණීම විහිලුවක් බව වයිරසවේදය පිළිබඳ ප්‍රකට විශේෂඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.
පාරවල්වලට වාහන පැමිණීමෙන් එම සංචරණ වැඩපිළිවෙල කඩාකප්පල්වන බව කී මහාචාර්යවරයා මෙලෙස පැමිණෙන සෙනග අතරින් කිසියම් ආසාදිතයකු සිටියහොත් ඔහුගෙන් සමාජයේ විශාල පිරිසකට රෝගය බෝවිය හැකි යැයි ද සඳහන් කළේය .
සංචරණ සීමා වැඩපිළිවෙළක් සාර්ථක කර ගැනීමට නම් එය දින 14 ක අඛණ්ඩ සංචරණ වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත් වරින් වර සංචරණ සීමා ලිහිල් කිරීමෙන් ප්‍රතිඵල හීන වන බවත් තිස්ස විතාරණ මහතා අවධාරණය කළේය.
පවතින තත්වය යටතේ රට දින 14 ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමිය යුතු බව පැවසූ මහාචාර්යවරයා එම කාල සීමාවේදී විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාවට ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවද ප්‍රකාශ කළේය.
දින 14 ක අඛණ්ඩ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමෙන් වයිරසය පරිසරයෙන් නැති වී යන බවද ඔහු අනාවරණය කළේය.
සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලසීමාවේදී මේ රෝගයෙන් ගැලවීමට හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව උපරිමයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙන්ම වෙනත් ප්‍රචාරක මාධ්‍යද යොදා ගත හැකි බවත් විතාරණ මහතා පැවසීය.
මුව ආවරණ පැළඳීම,පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම සහ විවිධ පෘෂ්ඨ ඇල්ලූ පසු අත් සබ න් යොදා සේදීම යන ක්‍රියාමාර්ගවලින් වයිරසය තම තමන්ගේ ශරීරයට ඇතුළුවීම වළක්වා ගත හැකි බවත් සබන් අපට තිබෙන හොඳ විෂබීජ නාශකයක් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
තමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ වයිරස රෝග වැළැක්වීමේ කමිටුවේ සාමාජිකයෙකු ලෙස වසර විසි පහකට වැඩි කාලයක් කටයුතු කළ බවත් ලෝකයේ විවිධ රටවල වසංගත පාලනය සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මේ නිසා තමාට හොඳ අත්දැකීම් ඇති බවත් විතාරණ මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතිකරගන්න නෙවෙයිනේ උපදෙස් හම්බවෙන්නේ අඩුකරගන්නනේ... එ්කයි ප්‍රශ්නේ... අද වෙනකල් මීඩියා වලින් අහපු එකකවත් නැතිකරන හැටි උපදෙස් හම්බවුනේ නෑ.. ඔක්කොම දුන්නේ අඩු කරගන්න. ඉතින් පාරේ වාහන තියෙන එක අහන්න දෙයක්ද?
මෙතුමාවත්, මහාචාර්ය මලික් පීරිස්වත් වයිරස පිළිබඳ ප්‍රාඥයෝ නෙවෙයි. සැබෑ ප්‍රාඥයෝ ඉන්නේ අපේ කෝවිඩ් කමිටුවේ සහ රජයේ බලන්න යුද්ධය දිනපු කට්ටිය, මුට්ටි කාරයින්, පැණි වෙළෙන්දන්, නාථ දෙවි සරණ ගියපු මහැදුරුතුමන්ලා තව කව්ද අපට අඩු...? එයාල මේ තාක් දුරට කරපු ක්‍රමය මරු නොවැ නියමයි...! දැන් බලන්න කොවිඩ් හෙට, අනිද්දා නැත්තටම නැතිවෙන හැටි. එහෙම වෙලා අපි ලෝකෙට ආදර්ශයක් දෙනහැටි!!!
ඔව් සර්!!!. ඔයාලාට ආණ්ඩුවේ පඩිටික අච්චු ගහලා හරි දෙනවා. පුද්ගලික අංශයේ මිනිස්සු දැන් අවුරුදු 1.5 ක් දත කනවා. කියන තරම් ලේසි නැහැ... මිනිස්සුන්ට පඩිගෙවා ගන්න සල්ලි නැතිව කොම්පැනි අමාරුවෙන් ඉන්නේ... ඒවා ගොඩක් අයට තේරෙන්නේ නැහැ.
රට වහන්න කියලා කැ ගහන හැමෙෝටම මාසේ අන්තිමේට පඩුයක් ලැබනෙවා නේද?
හැම වාහනයකටම සංචරණ බලපත්‍ර දුන්නහම ඉතින් ඔහොම වෙන එක සාමාන්‍ය දෙයක්නෙ..
ඉතින් අපිට කියන්නේ... කියන්නකෝ ඔයාලගේ සර්ට...?
අද මෙවන් සැබෑ උගත්තුන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. මේවාගැන මොනවත් දන්නේ නැති උදවිය ලොක්කෝ කරගෙන පිස්සු නටනවා. සැබෑ උගත්තු පත්කරගත්තා නම් එයාලා වෙන හැම දේටම වගතියනවා නේද ? නිකන් විෂයය නොදන්න අයට ලොකු තානාන්තර දීලා. රටේ මිනිස්සු මර බියෙන් ඉන්නේ දැන්..
ඔබතුමාට ආණ්ඩුවේ බත් කාලා ඇතිවුනාද? එළියට ගිහිල්ලා විවේචනය කරන්න. නැතිනම් පොහොට්ටුව කියන විදිහට පාඩුවේ ඉන්න පුරුදු වෙන්න. ඔබලා යන එක අපිට වාසියක්..
ඔබේ අදහස් රජය ඇහුම්කන් නොදෙන්නේ මන්ද?
වාහනවල ගියාම කොහොමද කොරෝනා බෝ වෙන්නේ? ලොක්කා මරු කියවනවා.
මේ කරන මදිපුංචිකම් ඒකක ඉවසීමෙන් ඔබ තව දුරටත් ආණ්ඩුවේ සිටීම විහිලුවක්
දාන කමෙන්ට් වල ඩිස්ලයික් ගැන නම් පොඩි සැකයක් තියෙනවා..
මෙය කිසිදා සාර්ථක නොවන සංචරණ සීමාවකි. මේ හැම කෙනෙක්ම වයිරස් බෝම්බයක් ලෙස තමයි නිවසට යන්නේ. මුලු පවුලම අනතුරේ. ඇත්තටම වියයුත්තේ ආයතන විසින් කැඳවීමක් නොකර ගෙදරටම වී සිට පවුලේ උදවිය, මරණයෙන් බේරා ගැනීමයි.
කොරෝනා කියන්නේ ජාත්‍යන්තර ගේමක් වගේ