
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම මස පළමු දින 13 තුළ දී මෙරටට සංචාරකයන් 79,771 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 1,247,815 සීමාව පසුකර ඇත. පළමු දින 13 තුළදී මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 16,329 ක් මෙරටට පැමිණ තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 20.5 කි.
දෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර තෙවැනි ස්ථානයට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන්ය. මෙම වසර තුළදී ද මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර මෙම වසර තුළ දී ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 258,323 ක් මෙරටට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදි මදි. ඉන්නකො මං හිතාගෙන ඉන්නේ අපේ හඳුන්ව තව ප්‍රධාන රටවල් කීපයකට ඇරලා මේ සම්බන්ධව ප්‍රමෝෂන් කීපයක් කරවන්න. සුද්දො එයි වැල නොකැඩී.