මොරටුව පිටකොටුව බසයක ගමන් ගත් සී ෂෙල්ස් ජාතිකයකු සතු රුපියල් 11,34,000 ක් වටිනා ඇමෙරිකා ඩොලර් අඩංගු මුදල් පසුම්බිය සොරකම් කළැයි කියන තිදෙනෙක් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් රංගජීව විමලසේන මහතා විසින් ලබන 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
එම විදේශිකයා මීට මාස පහකට පමණ පෙර ගල්කිස්ස පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇමෙරිකා ඩොලර් දෙදහස් එකසීයක් හා විදේශිය මුදල් හුවමාරු කිරීමෙන් ලබා ගත් රුපියල් ලක්ෂයක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් බව පොලීසිය කියයි.
පානදුරේ ඉන්දික ජෙරාඩ් සංජිව ප්‍රනාන්දු , කළුතර තොටගේ මංජුල ප්‍රනාන්දු හා රත්මලානේ දර්ශන සාරංග රත්ගමගේ රිමාන්ඩ් කළ අය වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරු පහේ පන්තිවල හෝටල් වල ගණන් වැඩි. එක දන්නේ නැති අයනේ තවම ලංකාවේ ජීවත් වෙන්නේ. පව් කියලත් හිතෙනවා දසුනි වගේ අය ගැන. ඒ මුදල් ඒ අයට පොඩි උනාට, අපේ මුදල් අගයෙන් බලනකොට විශාලයි. අනික ඒ අය හිතන්නේ නැහැනේ මෙහෙම දෙයක් වෙයි කියල. ලංකාවේ නම කැත කරන අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
අපි ජීවත් වෙන්න හා දුක් විදිනකොට මේ මිනිස්සු අද කාලේ බොහොම කෙටි මාර්ග හොයනවා අනිත් එක මේ වගේ වැඩ නිසා විදේශිකයෝ අපේ රටට තියෙන ගෞරවය නැති වෙනවා ඒකට මට දුකයි. රට දැය සමය රකින්න ඔබේ දරුවන්ට රට ජාතිය ආගම ගැන හැගීමක් ඇතිවෙන්න ජීවත් වෙන්න මගේ රටට දළදා හිමි සරණයි.(නදී)
ලංකාවේ නම කැතකරන කාලකන්නියෝ.(නදී)
ආගන්තුක සත්කාරයක්... මාස පහකට පස්සෙ හරි අපරධකරුවන් අල්ල ගත්තු එක හොඳයි. අනේ ඒමනුස්සයා ආපහුනම් ලංකාවට එන එකක් නැහැ.(නදී)
මෙච්චර මුදලක් අරගෙන අපිටවත් බස් එකක යන්න බැහැ.මේ අය යන්නේ කොහොමද? පව් රට බලන්නනේ එන්න ඇත්තේ. (නදී)
දසුනි! ඔයා හරි මෝඩයි. ඔය දන්නවද හොද හොටල් වල දැන් කාලේ ගණන. අනික එයැයි අපහේ කට්ටියගේ හැටි නොදැන තමයි ඒ වගේ ගානක් අරන් බස් එකේ ගියේ.(නදී)
ලංකාව ඇපයක් කරන අයට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. ඒ සංචාරකයාට මේ මුදල් ආපසු ලබා දුන්නොත් හොඳයි (නි)