IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංචාරකයාගේ ලක්ෂ 11 ට විදලා

මොරටුව පිටකොටුව  බසයක ගමන් ගත් සී ෂෙල්ස් ජාතිකයකු සතු රුපියල් 11,34,000 ක් වටිනා ඇමෙරිකා ඩොලර් අඩංගු  මුදල් පසුම්බිය  සොරකම් කළැයි කියන තිදෙනෙක්  ගල්කිස්ස  ප්‍රධාන මහෙස්ත්‍රාත්  රංගජීව විමලසේන මහතා විසින් ලබන 05 වැනිදා  තෙක්  රිමාන්ඩ් කරනු ලැබුහ.

එම විදේශිකයා මීට මාස පහකට පමණ පෙර ගල්කිස්ස පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් ලැබුණු තොරතුරක් ඔස්සේ පරීක්ෂණ පවත්වා ඇමෙරිකා ඩොලර් දෙදහස් එකසීයක් හා විදේශිය මුදල් හුවමාරු කිරීමෙන් ලබා ගත් රුපියල් ලක්ෂයක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් බව පොලීසිය  කියයි.

පානදුරේ ඉන්දික ජෙරාඩ් සංජිව ප්‍රනාන්දු , කළුතර  තොටගේ මංජුල ප්‍රනාන්දු හා රත්මලානේ දර්ශන සාරංග රත්ගමගේ රිමාන්ඩ් කළ අය වෙති.

 



අදහස් (0)

සංචාරකයාගේ ලක්ෂ 11 ට විදලා

උද්දික Sunday, 25 August 2013 08:45 AM

තරු පහේ පන්තිවල හෝටල් වල ගණන් වැඩි. එක දන්නේ නැති අයනේ තවම ලංකාවේ ජීවත් වෙන්නේ. පව් කියලත් හිතෙනවා දසුනි වගේ අය ගැන. ඒ මුදල් ඒ අයට පොඩි උනාට, අපේ මුදල් අගයෙන් බලනකොට විශාලයි. අනික ඒ අය හිතන්නේ නැහැනේ මෙහෙම දෙයක් වෙයි කියල. ලංකාවේ නම කැත කරන අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)

:       0       0

නිශාන්ත Friday, 23 August 2013 08:53 PM

අපි ජීවත් වෙන්න හා දුක් විදිනකොට මේ මිනිස්සු අද කාලේ බොහොම කෙටි මාර්ග හොයනවා අනිත් එක මේ වගේ වැඩ නිසා විදේශිකයෝ අපේ රටට තියෙන ගෞරවය නැති වෙනවා ඒකට මට දුකයි. රට දැය සමය රකින්න ඔබේ දරුවන්ට රට ජාතිය ආගම ගැන හැගීමක් ඇතිවෙන්න ජීවත් වෙන්න මගේ රටට දළදා හිමි සරණයි.(නදී)

:       0       0

බංඩාර Saturday, 24 August 2013 12:57 PM

ලංකාවේ නම කැතකරන කාලකන්නියෝ.(නදී)

:       0       0

අමිතා Saturday, 24 August 2013 01:28 PM

ආගන්තුක සත්කාරයක්... මාස පහකට පස්සෙ හරි අපරධකරුවන් අල්ල ගත්තු එක හොඳයි. අනේ ඒමනුස්සයා ආපහුනම් ලංකාවට එන එකක් නැහැ.(නදී)

:       0       0

දසුනි Saturday, 24 August 2013 01:04 AM

මෙච්චර මුදලක් අරගෙන අපිටවත් බස් එකක යන්න බැහැ.මේ අය යන්නේ කොහොමද? පව් රට බලන්නනේ එන්න ඇත්තේ. (නදී)

:       0       0

රෝහිත Saturday, 24 August 2013 01:41 PM

දසුනි! ඔයා හරි මෝඩයි. ඔය දන්නවද හොද හොටල් වල දැන් කාලේ ගණන. අනික එයැයි අපහේ කට්ටියගේ හැටි නොදැන තමයි ඒ වගේ ගානක් අරන් බස් එකේ ගියේ.(නදී)

:       0       0

දිල්ශානි Saturday, 24 August 2013 07:41 AM

ලංකාව ඇපයක් කරන අයට දැඩි දඬුවම් පැමිණවිය යුතුයි. ඒ සංචාරකයාට ‍මේ මුදල් ආපසු ලබා දුන්නොත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site