පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් එක්ලක්ෂ අනූහතර ඉක්මවා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය මෙරටට සංචාරකයින් පැමිණීම සියයට 24.4 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඉකුත් වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් හය දහස් දෙසිය හතළිස් හයකි.

ජනවාරි මාසයේ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් අතුරෙන් බහුතරයක් දෙනා ඉන්දීය ජාතිකයින් වන අතර සෙසු පිරිසට හොංකොං ,මැකාවු  සහ චීනයෙන් පැමිණියහ.