(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, "නව්‍ය සංචාරක කර්මාන්තයක් ආකර්ශනීය ගමනාන්තයක් " යටතේ පොහොසත් රටක් නිර්මාණය කිරීමේදී සංචාරක ව්‍යාපාරයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානයක් යොමු වී ඇත.
එම කාර්යයන් වඩාත් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටු වීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව, සංචාරක කර්මාන්තයේ කඩිනම් සංවර්ධන ඉලක්කයන් ළඟා කර ගැනීම සහ ඉහළ මට්ටමේ තිරසර වර්ධනයක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය මග පෙන්වීම හා ක්‍රියා මාර්ග ගැනීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතුව අදාළ අමාත්‍යාංශ, ආයතන සහ සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශයන්වල නියෝජනයන් ද සහිතව ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සංචාරක සංවර්ධනයට ජනපති කාර්ය සාධක බලකායක්