වසරක් තුළ දිවයිනට පැමිණි පහලොස් ලක්ෂ වැනි සංචාරකයා ලෙස ජර්මන් ජාතික ටොරෙන්ස් ජෙමී මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සේද මාවතේදී ඊයේ(28) දහවල් හරසරින් පිළිගනු ලැබිණි.
ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 558 දරණ ගුවන් යානයෙන් බිරිඳ සමග ඔහු දින 21 ක සංචාරයක් සඳහා ආවේය.
එහිදී ශ‍්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂක රූම් ජවුෆර් මහතා ඇතුළු නිලධාරීන් විසින් ඔවුන් දෙපළ පිළිගෙන ත්‍යාග පිරිනමනු ලැබීය.
මෙය ශ‍්‍රී ලංකා සංචාරක ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිසක් පැමිණි අවස්ථාවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හෝටල් සේවකයෙක්. මේ එන සංචාරකයෝ යන්නේ කොහේටද ? හැමදාම හෝටල් වේලෙනවා. (නදී)
මෙහෙමත් දෙයක් තියනවා මම ඉන්නේ හික්කඩුවේ. මේ පැත්තේ දැන් ලංකාවේ අයට වඩා සුද්දෝ පිරිලා. ලංකාවේ මිනිහෙක් හොයා ගන්නත් අමරුයි (නදී)
ඔය සිහිවටන තෑග්ල මොකක්ද ? හරිනම් ලංකාව පුරාම නොමිලේ සංචාරයක්වත් දෙන්න එපැයි (බ)
මීට මාස 4කට පෙර කටුනායකදී දසලක්ශයවැනි සංචාරක යුවල පිළිගත්තා. දැන් එක පාරටම ලක්ෂ 15 ක් වුනේ කොහොමද ? මේවට කියනනේ ' ටුවරිසම් ජිල්මාට් ''. (බ)
15 ලක්ෂය 365 බෙදුවම දවසකට එන ගාන 4109 වෙනවා. තවම 2014 අවසන් නෑ. හීත්‍රො පරාදයිද? (ර)
මේ සංචාරකයන් පැමිණෙන කාලය බව අමතක වෙළාද? (ර)
සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය රටට අත්‍යාවශ්‍යයි. (නි)
රුවන්තක කියන විදිහට මෙරටට එන සංචාරකයන් හාල්ගෝනි ගණන් කරනවා වගේ ගණන් කරන්නේ නැහැ. (නි)
මම 1986 සිටම ගුවන් තොටුපොළේ වැඩකළා. අදට වඩා එදා ගුවන්තොටුපොළ බොහොම කලබලකාරීයි. විශාල සංචාරකයන් පිරිසක් ආවා (නි)
ආශ්චර්යය තමයි ඉතින් (නි)
මම නම් අවංකවම සතුටු වෙනවා (නි)
එයාලා සියල්ලම සංචාරකයෝ වියහැකිද? (නි)