චීන සංචාරකයන් රැගත් චීන කුළී ගුවන් යානා මත්තල රාජපක්ෂ ගුවන්තොටට ගෙන්වා ගැනීම රජයේ උත්සාහය බව නව සංචාරක ඇමැති ජෝන් අමරතුංග මහතා ශින්හුවා චීන පුවත්සේවය සමඟ පැවසීය.
‘අපේ රටට එන ලෙස චීන ජනතාවට අප හැම අනුබලයක්ම දෙනවා. ඔවුන්ගේ ආරක්ෂාවත් සලසනවා. චීන සමාගම් රැසක් ලංකාවේ තිබෙනවා. චීන හෝටල තිබෙනවා. පසුගිය වසර කිහිපයේ චීන සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී තිබෙනවා.
වැඩිපුරම දැන් ලංකාවට එන්නේ චීන ජාතිකයො. ඔවුන් වැඩිපුර ගෙන්වා ගැනීමයි අපේ අරමුණ. ජනාධිපතිතුමාගේ අරමුණත් එයයි. සංචාරකයන් සඳහා තවත් පහසුකම් සලසනවා. අප වැඩිපුර චීන භාෂාව ප්‍රචලිත කළ යුතුයි. අපේ රටේ වැඩිපුර චීන භාෂාව භාවිතා කළ යුතුයි. චීන කෑම පුංචි කඩවලත් තිබිය යුතුයි. චීන කෑම තිබිය යුත්තේ තරු පහේ හෝටල්වල පමණක් නොවෙයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට පුළුවන්නම් ගොඩාක් වාසනාවන්තයි (අ)
චීන ජාතික සංචාරකයින් දිරිමත් කිරීම ද දැනට ඇති ප්‍රධාන ප්‍රතිඵල වලින් කිහිපයකි.(අ)
මහින්දගේ කාලේ හොඳ නැති චීනා දැන් කොහොමද හොඳ උනේ. දැන් මත්තලත් හොඳ වෙලා. බොරු කියලා රට අාගාදයට දාපු එකයි කළේ මේ යහපාලන කට්ටිය (නදී)
මේ වයිකෝ ඔයාට අපිට ඕනි විදිහට ගුවන් යාන බස්සවන්නේ නැ.මත්තල බස්සනවා කීවොත් ලංකාවට එන එකත් නතර කරයි හොදේ.මොකද මිනිස්සු මත්තල අවිල්ලා ආයේ මත්තල ඉඳල මිනිස්සු බඩ ගාන්න ඕනි තම තමන්ගේ ගෙවල් වලට (අ)
මොකෝ.. සංචාරකයන් ලවා වී කොටවන්නද? (අ)
ලංකාවේ කොහෙ බැලුවත් චීන අවන් හල් නේ වැඩිපුරම තියන්නේ (අ)
චීන්නු රනිල් කිව්වා වගේ වතුර විතරක් බොන සංචාරකයෝ නොවේ වෙන්න ඇති තලගොයා වුණා එහෙනම් චිනත් .(අ)
අන්න හොද අදහසක්. අපේ රටේ සල්ලි කෝටි ගානක් මහජන මුදල් වැය කරලා ඕවා හැදුවේ ආණ්ඩු මාරුවෙන ගානට පලිගන්න, වී කොප්පරා පටවල ගුල්ලෝ බෝකරන්න නොවේ. වැඩක් ඇති වැඩක් ගන්න ඕනේ (නදී)
ඇයි මේතරම් චීනුන්ටම අපි අනුබල දෙන්නේ? චීන්නු මුළු ලොවම ආක්‍රමණය කරමින් සිටී. (නි)
දැන් චීන්නුත් හොඳයි, මත්තලත් හොඳයි එහෙනම්.... (නි)
සැබෑ වෙනසක්. (අ)
හොද තරුණයෙක් (අ)
චීනුන් නිතරම බලන්නේ ඔවුන්ගේ ආහාර පිළිවෙත ඒ ආකාරයට තිබෙන ස්ථාන වලින් කන්නට ,(ම)
ඩිරාම් 275 ට ලංකාවට යන්න එන්න තිබිලත් මම නම් මත්තලින් යන්න කැමති වුනේ නැහැ.මොන මැරෙන්න යන්න කැමති? (අ)
වී ගබඩා කරන්නේ කොහෙද? (නදී)
වී ටිකත් ඡිනුන්ටම අරන් යන්න කියමු (අ)
මිට වැඩ හොඳයි වී ගබඩා කළා නම් (අ)
වී ගබඩා කරන්නේ සංචාරකයින් හට පරිහරණය කරන්න තියෙන ගොඩනැගිල්ලක නොවෙයි නේද? (අ)
කටුනායකට එන ගුවන්යානාවලින් සියයට 10ක් මත්තලට බස්සන්නේ නැත්තේ ඇයි (අ)