රාජ්‍ය බැංකුවලින් ණයට මුදල් ලබාගෙන මිලට ගත් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් පොළොන්නරුවේ ඇතැම් ව්‍යාපාරිකයින් සඟවාගෙන සිටින බව වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටියේදී පැවසීය.
‘මෙවර ජනපතිවරණයේදී සහල් හිගයක් ඇති කිරීමට පොළොන්නරුවේ ඇතැම් ව්‍යාපාරිකයින් උත්සාහ කරන බව පේනවා .පිටරටින් ගෙන්වන සහල් කිලෝව රුපියල් හැට ගණනේ අලෙවි කිරීමට සතොස පියවර ගන්නේ ඒ නිසා.සඟවාගෙන සිටින සහල් එළියට නොදැම්මොත් දිවයිනේ සියලු ව්‍යාපාරිකයන්ගේ සහල් තොග පරීක්ෂා කරනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ හාල් මිල අඩු කරේ පොළොන්නරුවේ හාල් මෝල් හිමියන්ගේ බඩට ගහන්නද ගොවියන්ගේ බඩට ගහන්නද? (නදී)
හාල් මාෆියා වැලි මාෆියා වලට ඉඩ දෙන්න එපා. මේවයින් තැලෙන්නෙ අහිංසක මිනිස්සු. වෙනදා විපක්‍ෂය මේ කාරණය ගැන කථා කලා. දැන් දේශපාලන වාසියට එයාලා නිෂ්ශබ්දයි. මෙයාලා දැන් වත් ඔය හාල් මාෆියාව නැති නරන්න බලන්න ඕනා. (නදී)
මා ගාව හාල් කෑලි තොගයක් නම් තියනවා, (හේ)
ඔතන ඉදගෙන බෙරිහන් දෙන්නේ නැතුව, ගිහින් හොයන්න තියෙන්නේ.නැත්නම් වෙන දේ දන්නවනේ.(හේ)
හාල් වලට බාර් සමාන කරන අයත් කමෙන්ට්ස් දානවා (නදී)
බයවෙන්ට දෙයක් නැහැ මොනවා නැති උනත් එතනෝල් හිඟයක් නම් ඇති වෙන්නේ නැහැ. එනිසා බත් පැකට් එක නැතත් අරක්කු ටික සුවර් එකටම ලැබෙනවා ඡන්ද කාලේදී. (නදී)
සහල් මිල පාලනය කරන්න ගත්ත එක නම් හොඳයි. නමුත් ඒක කරන්න ගත්ත කාලේ තමයි අවුල්. මොකද සහල් මිල වැඩි උනේ දැනට හුගක් කලකට පෙරයි. ඒ දවස්වල මොකද දන්නේ නැහැ මේ මිල පාලනය කරන්න බැරි උනේ. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේන් මේවට තමයි. (නදී)
එක පාරක් කුඩ සෙල්ලමකට ගිහින් නාගත්තා වගේ තව පාරක් ඇදගෙන නාගන්න හදනවද? (නදී)
අපිත් බලාගන ඉන්නේ පරීක්ෂා කරන්න (නදී)
" ඉර පායා ඉර පායා අළුත් දවසකට නව මං පෙතකට" දොරගුළු විවෘත වේවා! (නදී)
ජනතාව එකග වෙනවා මෝලේ හාල් වගේ බාර් වල හංගපුවත් බලන්න ඕනා (නදී)
ඒකම නෙමේ බෙනට්, වී මෝල් ආධිපත්‍ය තියෙන්නේ මෛත්‍රීගේ පවුලේ කට්ටියට කියල අදහස් තීරුවේ තිබුනා. පොඩි වී මෝල් වැහුනා එනිසා. ඒක මොන තරම් අපරාධයක්ද? ඒවාට මෙච්චර කල් ඉඩදීලා, ඔය දැන් ඇහැරිලා ඉන්නේ පළිගන්නයි. මිනිසුන්ට ආදරේට නෙමේ? (නදී)
ඇයි දැන් සහල් මිල පාලනය කරන්න හිතුවේ? මෙච්චර කල් නිදාගෙනද හිටියේ ? (නදී)
අද රටේ මැති ඇමති වරුන්ගේ ප්‍රධාන රාජකාරිය මහජන සේවය නෙවෙයි කුලියට කැහීමයි. අහෝ! රටකට ගිය කලක්. (නදී)
අනේ යන්න අනේ යන්න (නදී)
සේරම කට්ටිය චීනෙට පටවන්න වෙන්නේ ඡන්දෙන් පස්සේ (නදී)
හාල් සඟවනවා කියන්නේ අමුලික බොරුවක්. මේක මඬ ගැසීමක්.(නදී)
ලූනු ගොවිය ලූනු ටික විකුනගන්න බැරිව පාරේ නිදාගන්නවා , මෙයාලා ඒ ගැන කතාවත් කරන්නේ නැහැ , දැන් මේ සෑම කෙනාම කතා කරන්නෙම පොලොන්නරුව ගැනමයි ? දුප්පත් මනුස්සයාට හෙන ගැහැව්වත් මෙයාලට කමක් නැහැ . මෙයාලට ඕනෙ මොන උප්පරවැට්ටියක් හෝ දලා මේ ඡන්දේ දිනන්නයි . (හේ)
වැඩි ගානට හාල් පිටරටින් ගෙනත් ඡන්දෙ නිසා පාඩුවට හාල් දෙනවා, ඒ පාඩුව මොනවහරි බද්දක් ගහල ඒ පාඩුව අපෙන්ම ගන්නවා , මේවා ලංකාවේ අසරණ මිනිස්සුන්ගේ සල්ලි, යන්න අපායවල් වෙනම හදන්න ඕනේ මේවා කරවන අයට.(හේ)
දැන්ද හාල් මතක් වෙලා තියෙන්නේ ? පැනපු දවසේ ඉඳල අද දක්වාම හාල් ගැන වගක් වත් නැතිව ඉඳල දැන් මතක් වෙලා.(හේ)
ලක් සහල්, ලක් බියර් වෙන්නේ කොහොමද? එතනෝල් ගෙනත් හංගන්නේ කව්ද? (නදී)
දැන්ද පොළොන්නරුවේ හාල් මතක් වුනේ? ෆයිල් එක බලාගෙන. (නදී)
අනේ ඔබතුමාට දෙයියන්ගේ හාල් කැවිලද කොහෙද (නදී)
මුදුන්කොටුව, හාල් හංගල තියෙන්නේ එයාගේ ගෙදර ගොහින් බලන්න (නදී)
නිපුන ගේ හාල් වලත් ගල් තියෙනවා (නදී)
හාල් මාෆියාවට කලින් ඔබතුමා බාර් මාෆියාව ගැන සොයා බැලුවොත් හොඳ නැද්ද ? (නදී)
අවන්කවම කියනවා නම්, ඔය හාල් වලට වඩා බාස්මති හාල් හොඳයි. හංගාගෙන ගබඩා කරගෙන නැහැ හොඳට විකිනෙනවා. එත් ටිකක් ගණන්. (ර)
දැන් හෙට වෙනකොට සතොසේ හෝ ගාලා පෝලිම් තියේවි. ෆෛල් එලියට දාන එක වගේම ගේමක් ද ? (නදී)
දැන් ද ඔයාලට ඕක තේරුනේ. මීට ඉස්සරත් ඕක වුනා. එතකොට ඔහෙලට කොන්ද පන තිබුනේ නැහැ. මොකද ඔක්කොම එක පැත්තෙනේ. දැන් තමා වී හංගන එක ගැටලුව. ඔය එක්කම බියර් වලට වී ගන්න එකත් හොයලා බැලුවා නම් තමා හොඳ. ඒකට කොන්ද පන නැහැ මොකද මිනිහා ඔහෙලගෙ පැත්තෙනේ. අනික තමුන්ගේ බාර් වලට බඩු දෙන්නෙත් මිනිහනේ. මිනිහගෙන් පංගුව යන්නෙත් කාටද දන්නවනේ. (නදී)
මෙන්න තියනවා ඇමතිතුමෝ අපේ දුම් මැස්ස උඩ මුට්ටියක. ඔබතුමා ඔච්චරටම කියන එකේ අපි ඒක හෙට කුරුණෑගලට එවන්නම්. (නදී)
මේක අර මනුස්සයගෙන් පලිගන්න ගහපු ගැටයක් වගෙයි පෙනෙන්නේ (නදී)
හාල් නෙමෙයි බාර් පරික්ෂා කරන්න . මතට තිත කියලා නේද වැඩ පටන් ගත්තේ. (හේ)
දෙයියන්ගේ හාල් කැවිලා වගේ. ලොක්ක පැරදුනොත් ඉතින් මේ අය කොහේ කියලා යන්නද? (නදී)
ව්‍යාපාරිකයන්ගේ විතරක් නෙවෙයි ගායිකාවන් ඇතුළු සැම පුරවැසියෙකුගේම ගෙවල් පරික්ෂා කලා නම් හරි හංගපු හාල් මුට්ට තියනවද කියලා. (නදී0
මෙච්චර දවසක් සහල් තිබුනේ මිදුලේ වනල වෙන්න ඇති නේද? (නදී)
මහින්ද චින්තනයේ 'මතට තිත' වගන්තිය මෙයා තිතටම ඉටු කරමින් රජයට සහයෝගය දෙනවා. (නදී)
අනේ වෙච්ච දෙයක්.(හේ)
අනිත් කාට වුනත් මෙයාටනම් යන්න වෙන්නේ කුරු ගනින තැනට තම පැරදුනොතින්. ඒකයි මෙච්චර බයවෙලා තියෙන්නේ. (හේ)
ඇයි මේ වන විට හාල් හංගලාද?(හේ)
හොද වැඩක්.(හේ)
හොඳ වැඩක් (නදී)
තමුන්ගේ කටේ සද්දෙට වැඩත් තිබුනා නම් කොච්චර හොඳද (නදී)
ටිකක් සද්දේ දාන්න තමුන්ගේ ෆයිල් එක ටිකක් බරට උඩින්ම තියෙනවා (නදී)
වාසි පැත්තට හෙත්තු වෙනවා නේද? ජනවාරි 9 වෙනිදට පටි තද කරගෙන ඉන්න ෆයිල් ඔක්කොම් දැන් ලෑස්තියි (නදී)
ඔය දේ මේ දැන්ම මතක් වුනේ ඇයි.(හේ)
සියලු එතනෝල් එලියට ගනු වෙළෙද ඇමැති යුද්ධ ප්‍රකාශ කරයි (නදී)
අනේ ඔයාගේ ෆයිල් එක ජනාදිපති පෙරලුවොත් ඔයා ඉවරයි. (නදී)
මෙයාල මෙච්චර කල් සද්ද වහන් ඉදල ඡන්දෙ ළඟ එද්දී කකෑ ගහනවා.(ර)
දැන් තමයි ඉතින් ඒවා හොයන්නේ. (නි)
ඔක්කොම හාල් ටික මුදුන්කොටුවේ හංගලා මේන් දැන් අපේ ගෙවල් වල හාල් තියනවද බලන්න යනවා. (ම)
සැඟවුණු එතනොල් එලියට දමනු (ම)
චම්පික..බාර් එකෙන් බොන්නේ බේබද්දෝ..හාල් හැම කෙනාම කනවා. (ස)
සහල් වගේම රත්තරනුත් එළිහට ගන්නයි කල්පනාව. දැනුයි මේගොල්ලන්ට ඒව මතක් වෙලා තියෙන්නේ, (ස)
සමිතා අක්කේ, ඔයාලගේ මෝලෙත් හාල් හන්ගපුවා එහෙම තියනවාද නෑනේද? (ස)
මෙයත් හොඳ මෝලක අයිති කාරයෙක් තමයි. (ස)
මෙයාගේ අමාත්‍යාංශයෙන් රටට මොනවා හරි හොඳ වැඩ කරල තියනවද? බාල සිමෙන්ති, බාල පොල් ඕව නම් ගෙනැල්ල තියනවා. (ස)
කඩේ යන පුද්ගලයෝ හොඳට ඇස් දෙක ඇරලා බලන්න ..මේගොල්ලන්ට ජනතාව දීල තිබෙන ප්‍රතිචාරයේ තරම ....මේ සියලු දෙනාටම මාගේ ආචාරය... (ස)
බයවෙන්න එපා. ලොක්කා පැරදුන ගමන් වීසිකරපු ෆයිල් ටික අපි නැවත එළියට ගන්නවා. (ස)
හාල් මිල ඉහල යන විට හාල් ඉංදියවෙන් හෝ ගෙන්වා මිල පහත දැමිය යුතුයි.එතකොට ඔය හන්ගපු වී ඔක්කොම එලියට එනවා (ම)
ඉන්දියන් සුදු සහල් ආනයන කරන්නේ කව්ද හා (ම)
ඔන්න තව ෆයිල් මහත්තයෙක්. (ස)
"ඔය හැම කාගැහිල්ලක්ම බත්හැලිය ඉදෙනකම් "කියල කියමනක් තියෙනවනේ, ..අන්තිමට මහින්ද, මහිත්‍රි, හොදවෙයි ... දෙන්නම කරලා තියෙන්නේ එකම දේනේ. පරම්පරාව ගොඩදාගත් එකනේ... (ස)
මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ සහෝදරයාගේ හාල් වෙළඳාම ගැන ඔය විදියට පහර ගහන්න එපා. ඇමතිතුමෝ ඔබත් බුර බුර ඉදලා නේද අද ඇමති වුණේ. මුල අමතක කරන්න එපා. (ස)
දාස් 2014-11-27 16:46:16 මෙයත් හොඳ මෝලක අයිති කාරයෙක් තමයි. ඔව් (ස)
රටක වෙළද ඇමති.මොකක්ද පාස් කරලා තිබෙන විභාගය ? (ස)
මට ලංකාවට තොග පිටින් එතනෝල් ගෙන්වන මුදලාලිව මතක් වුනා .බය වෙන්න එපා 8 වෙනිදට පස්සේ බලා ගන්න මොකක්ද වෙන්නේ කියල.(ස)
අයියා වෙනුවෙන් මල්ලි සටනට බැස්ස කියලා පුවතක් අද පත්තරේක තිබුණා. ආන්න එතන සහ ඒ අවට බලන්න. ලංකාවටම අවුරුද්දකට ඇතිවෙන්න එහෙ හාල් ඇති. (නදී)
පාස් කරලා තිබෙන විභාගය ? ප්‍රන්සයේ සෝබෝන් වළලු. (නදී)
මා හරි උගතා මා හරි වියතා - සිතනා මිනිසා තිරිසනෙකි. (නදී)
හාල් හිඟයකුත් නැතිව මොකද මේ හදිසියේම කුලප්පුව හැදිලා වගේ. අපි දන්නවා හේතුව නම්. ඉතින් දැන් රුපියල් හැටට දෙන්න පුලුවන්නම් මෙච්චරකල් නොදී හිටියේ මොකද. 8 වෙනිදායින් පස්සේ ඔයාලගේ බලපුළුවන්කාරකම් සේරම ඉවරයි. (නදී)
හාල් එලියට දැම්මොත් සතොසේ ගණන් බහිනවා. ගෙනාපු ගානටත් වැඩිය අඩුවට දීල පාඩු වෙනවා නේද එතකොට? ගෙදර එකවුන්ට් එකෙන් ගෙන්නපුවද මෙහෙම අය ද මේ රට කරවන්නේ. (නදී)
බුද්ධිමත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනි මේ ඔබලාගේ කෙනෙක්ද? මොහු ගෙන යන්නේ ඔබලාගේ මතයද? මොහු බණ්ඩාරනායකවරුන් මනා සංයමයකින් ගොඩනැඟූ ප්‍රතිපත්තිද මේ ඉදිරියට ගෙන යන්නේ? හොඳින් කල්පනා කර බලන්න මෙයාගේ 'මෝල්' වල නිෂ්පාදනය කර ලාංකිකයාට බෙදා හරින්නේ මොනවද කියලා? (නදී)
කවදා ඉදලාද වැඩ කරන්න පටන් ගත්තේ? (නදී)
කුරුණෑගල බෝගහ ඉස්සරහ බාර් එකක් දාලා තියෙන්නේ කව්ද. (නදී)
අරලිය උන්නැහේට ගේමක් දෙන්න වගේ හදන්නේ. එකපාරට ජහමනයා ගැන අනුකම්පාවක් ඇවිල්ලා. පහුගිය ටිකේ එතනෝල් හදන්න හාල් ටික විකුනනකම් බලාගෙන හිටිය මේගොල්ලන් වගේ කට්ටිය හින්දා තමයි මහින්ද මහත්තය කිසි කරදරයක් නැතිව දිනාගන්න තිබ්බ ජනාධිපතිවරණෙ මෙච්චර අමාරු උනේ (නදී)
හාල් නෙවෙයි ලැම්බෝගිනි ටික ඔන්න හංගලාලු. (නදී)
හාල්,හොර හරක් ජාවාරම , වැලි , නිදන් ඔක්කොම හාරපු මගේ 3 ගිය නිසා දැන් අපිට හාල් ටික අඩුවට ගන්න පුළුවන්. නැති දුලි වෙන්න ඕන මහවැලි ගගට කරන හානියට (නදී)
එ් මුදලාලිට සහල් මුදලාලිලා මතක් වෙලා තියෙන්නේ (නදී)
අටුවේ තිබුන වී ටික නැති වූ සේමා. (නදී)
පිස්සුද මන්දා. මෛත්‍රී මහත්තයා පොලොන්නරුවෙනේ. එ්කයි මොනවා කරන්නද? මෙච්චර කල් රටේ අය කෑවේ පොළොන්නරුවේ හාල්ද? (නදී)
සිරිසේනගේ මහත්තයෝ ඒක තියෙන්නේ ඇහැලියගොඩ පැත්තේ. ඒ පැත්ත ලොකු හාල් මෝලුත් නැහැ. හාල් හංගලත් නැහැ. (නදී)
අනෝතත්ත විල නෙළුම නෙළාලා , පීරා වරලස මල් ගවසාලා , නාග ලොවින් නාලිය ගමනින්, වාණිජ මැති එනවා සබයට හාල් සොයාලා // (නදී)
ඇත්තට වෙන කෙනෙක් නම් විලි ලැජ්ජාවක් කියල දෙයක් තියනවා නම් මේ මහජන අදහස් ටික දැකල හරි හැදේවි. (නදී)
මිනිස්සු තව හාල් ගරන්න පටන් ගත්තේ නැහැ. එතකන් බෙරිහන් දෙනවා. (නදී)
ඊට වඩා හොඳ නැද්ද සැඟවුන සංගීත තැටිය එලියට දැම්ම නම් (නදී)
මොකද මේ හිටි ගමන් රාජකාරි මතක් වෙලා. මෙච්චර කල් කලා කටයුතු කරගෙන යුග ගීයක් ගයාගෙන හිටිය වගේ ඉන්නකෝ. (නදී)
දැන් ඉස්සෙල්ලාම ඔබතුමා මොන කඩේ හාල්ද කන්නේ කියන්නකෝ. (නදී)
රටක වෙළඳ කටයුතු භාර දෙන්න ඕන අඩු වශයෙන් වාණිජ හෝ ආර්ථික විද්‍යා ඩිප්ලෝමාවක් වත් හදාරපු , යම් කිසි වෘත්තීය දැනුමක් ඇති කෙනෙකුට. එහෙන් මෙහෙන් පනින කට්ටිය තියාගන්න ඔක්කොම ප්‍රධාන තනතුරු දෙනවා. ඊට පස්සේ පක්ෂෙට දර දිය ඇදපු මිනිස්සු යන්න ගියාම හාල් හොයපල්ලා කියනවා. (නදී)
හා බලාගෙන ඉන්න ඔයාගේ ගෙදර හංගගෙන ඉන්න දේපල ජනවාරි 9 අපි එලියට අදින්නම් (නදී)
කෙහෙල්මල් හාලක් නෙවෙයි ඇමතිතුමෝ අන්න අර ලුණු වල ප්‍රශ්නය ගිහින් බලන්න. රටේ වෙළඳ කටයුතු විහිළුවක් වෙලා. හිතන්නේ අපි තුන් වේලටම හාල් විතරක් ගිලින්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. ඒ එක්කම ලුණු පරිප්පු අල එලවලුත් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ගත් කනවා තුමෝ. (නදී)
මයිත්‍රිපාල මහත්මය ඔය පැත්තේ හිටියනම් මේ හංගපු හාල් එලියට ගන්න කතාව බොරු. මොකද හාල් හංගන්නේ අද ඊයේ ඉදල නොවෙයිනේ? ඔය වැඩෙන් වෙන්නේ ගොවියාගෙන් රුපියල් 40.00 ට ගන්නවා කියපු වී මිල බහින එකයි, අපේ සල්ලි රට රට වලට යවන එකයි මැති ඇමතිවරුන් එ්කෙන් කොමිස් ගහන එකයි විතරයි. දැක්කනේ ඌවෙ ඡන්ද කාලේ වැලිමඩ අර්තාපල් වැඩි මිලට අරන් වෙච්ච දේ? අන්තිමට අල කුණු උනා. සමුර්දි ලාභීන්ට කිලෝ 2 ගානේ නොමිලෙත් දුන්නා. (නදී)
ඔය සහල් හොයන්න කලින් ඔයාගේ බාර් ගැන බලා ගන්න (නදී)
අපි දන්නවා කාටද මේ කියන්නේ කියලා. (නදී)
බැංකුවලින් ණයට මුදල් ලබාගෙන මිලට ගත් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් ? ඉතින් එළියට දාලා පාඩු උනොත් වෙළද ඇමතිතුමා අලාභයයි බැංකු ණයයි ගෙවනවද? (බ)
මුල් පියවර. (ර)
අමුතුවෙන් සොයන්න දෙයක් නැහැ ඔක්කොම ඇත්තේ ඔබතුමා පසුගිය කාලේ අල හාල් තුනපහ අරන් විසිටින් ගිය තැන් වල. (නදී)
නියමයි ඇමති තුමනි. (ර)
හාල් මාෆියාව කාගේද කියලා අපි දන්නවා (නි)
අපිත් මේ කතා කර කර හිටියේ ඔය ගැනම තමා. සහල් තොග සඟවාගෙන සිටින ව්‍යාපාරිකයින් වහාම අත්අඩංගුවට ගන්න. (නි)
හොඳයි බලමුකෝ... (නි)
ලංකාවේ ලොකුම හාල්මෝල තියෙන්නේ ආණ්ඩු පක්සේ කෙනෙක් ගාවනේ. වැඩිමිලට වී ගන්නේ අර බියර් පාට දාන එක්කෙනත් ඉන්නේ ආණ්ඩු පැත්තේ නේද ? බියර් නිසා එතනෝල් වලට පාඩුද? (නදී)
දැන් වීරයා වගේ කෑගහනවා.... (නි)
දැන්ද ඕක දන්නේ? (නි)
මොනවාහරි වෙලා සහල් මිල අඩුවෙනවා නම් එච්චරයි (නි)
දැන් දැන් මෙයාල ඉන්නේ බයවෙලා .. නිකන් හරි පැරදුනොත් කොහේ කියලා යන්නද නේ .(හේ)
හොද වැඩක්. එ්ත් මාතලේ ඇමතිතුමා බියර් හදන්න වී ගන්න එක අවුලක් නැද්ද ? (නදී)
ඇමතිතුමා සිරිසේනට ගහනකොට සිරිපාලටත් වදිනවා. සමහර කතා වලට ඔබතුමාට රිදුනට, ඔබ තුමා දැන් සිරිසේනට ගහන්න ගිහින් සිරිපාලවත් අනිත් පැත්තට පන්නන්න හදන්නේ. අන්තිමට කෙලවෙන්නේ අපේ ජනාධිපති තුමාටයි. අඟේ ඉඳන් කන කන්න එපා. ඔබතුමා වගේ මිනිසුන් නිසා තමා ජනාධිපතිතුමාට අද ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙන්නේ. කවුද ඇමති කෙනෙක් ඒ කාලේ විපක්ෂේ ඉන්නකොට ජනාධිපති තුමාව මරන්න ආව මරාගන මැරෙන කොටියෙකුට නවාතැන් දුන්නලුනේ. ඒ වගේ මිනිස්සු ගැන ජනාධිපතිතුමාට අමතක වුනාට අපි දන්නවා. (නදී)
බැරල් වල දාලා වරායෙන් පන්නපු හාල්ද? දැන් දැන් දෙයියන්ගේ හාල් කැවෙනවා වගේ පෙනෙන්නේ.(හේ)
මොකද මේ හදිස්සිය. (නදී)