මුන්නේෂ්වරම භද්‍රකාලි කෝවිලේදී පැවැත්වීමට නියමිත සත්ත්ව බිලි පුජාව සදහා බලපත්‍රයක් ලබා නොදන ලෙස ජාතික සංඝ සම්මේලනය හලාවත ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලයි.
සංඝ සම්මේලයේ පුත්තලම දිස්ත්‍රික් නියෝජිත වෙන්නප්පුව ශාසනාරක්ෂක බල මණ්ඩයේ සභාපති බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියෝ මේ ඉල්ලීම කරති.හලාවත - මුන්නේෂ්වරමේ කාලි දේවාලයේදී වාර්ෂිකව ප්‍රසිද්ධියේ සිදු කරන සත්ත්ව බිලි පුජාව තහනම් කරන ලෙස ඉල්ලමින් ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන 16 ක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිබිණි.
එය විභාග කළ අභියාචනාධිකරණය 2013 අගෝස්තු මස 23 වැනිදා නියෝග කරන ලද්දේ කිසියම් සත්ත්ව ඝාතනයක් සිදු කරන්නේ නම් ඒ සදහා අදාල පළාත් පාලන ආයතනයේ බලපත්‍රයක් ලබා ගත යුතු බවය.
එම තීන්දුවට එරෙහිව මුන්නේෂවරම කාලි දේවාලයේ භාරකාර මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබුණි.පසුගිය 03 වැනිදා එම පෙත්සම සලකා බැලු අගවිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව තහවුරු කළේය.ඒ අනුව සත්ත්ව බිලි පුජාවක් පවත්වනේ නම් ඒ සදහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගත යුතු බව එම නියෝගයේ සදහන් වේ.
හලාවත - මුන්නේෂ්වරම කාලි දේවාලයේ වාර්ෂික බිලි පුජාව ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නිවැරදි ධර්ම අවබෝදයෙන් මිසක් බලෙන් නවත්වන්න බැහැ.මිත්‍යාවේ තෝතෙැන්නක් වූ ඉන්දියාව මිත්‍යාවෙන් ඉවත්වෙමින් ඉන්නවා. අපි හැම අතින්ම මිත්‍යාව වැළඳ ගන්නවා. (ස)
මා ඇසුරු කරන බොහෝ දෙමල හින්දු අය මස් මාංශ වලින් පවා වැළකුණු පුද්ගලයින්ය. ඔවුහු මේ බිලිපුජා ප්‍රතික්ෂේප කරති. මේ පුජනිය ශ්‍රී ලංකාවේ මේවාට ඉඩදිය යුතුද? (නි)
සත්‍යපාල, අපිට හැමදෙයක්ම එක පාර කරන්න බැහැ. අනවසර සත්ව ඝාතනය වෙනම කතාවක්. අවසර සහිතව ප්‍රසිද්ධියේ වදහිංසා පමුණුවා සතුන් මැරීම තවත් දෙයක්. ඒක නිසා මේ දේ නතර කළයුතුයි. අනෙත් කරුණ සිංහල නමක් භාවිත කර අදහස් දාන්නේ නැතුව තමන්ගේ නියම නමින් කිව්වා නම් නේද හොඳ? (නි)
සත්‍යපාල ගේ කතාව මම අනුමත කරමි. හැබැයි ඔය කව්රුත් උපාසකලා කොහේ හරි නිධානයක් ගන්න නම් ඕනේ බිල්ලක් දෙයි. (නදී)
කාට හෝ මරණයක් සිදු කිරීමත් පාපයක් අපි මේවට කැමති නෑ (නදී)
කෝ අපේ දුටුගැමුණු (නදී)
බිලි පුජාව ලංකාවේ තහනම් කළ යුතුයි (නදී)
අනේ දෙයියනේ උසාවියට ගිය කල. වෙනද ඕන ප්‍රශ්නයකට ගියේ උසාවි. දැන් ප්‍රාදේශීය සභාද (නදී)
සතුන් මැරීම පාපයක්. සතුනට ජීවත්වීමට මිනිසාට වඩා උරුම හිම්කමක් තිබෙනවා. ආගමකින් උගන්වන්නේ දුබලය විනාශ කිරීම නොවේ, සුවපත් කිරීමයි. නමුත් ආගමික ඇදහිලි වලින් 'සතුන්' ජිවිත හානිය සිදුකිරීම තර්කානුකුල නැහැ. එයින් අධ්‍යාත්මික අභිවෘද්ධියක් කොහෙත්ම පෙන්නුම් නොකරයි. නිෂ්පල අනර්ථකාරී අන්ධ භක්තියයි. ලංකාවේ සමහර ලොකු මිනිසුන් පවා අන්ධ විශ්වාස මත ඉඳගනිමින් කටයුතු කරන කාල පරිච්චේදයක් තිබෙන්නේ. රටත් ජනතාවත් එ්නිසා කිය නොහැකි තරම් දුක් විඳිනවා. (ස)
තමාගේ යහපත වෙනුවෙන් අනුන්ගේ ජීවිත බිලි දෙන්න එපා. අහිංසක සතුන් බිලි දීමෙන් හිතන, බලාපොරොත්තු වන යහපත කුමක්ද? සැමට කරුණා කරන්න. (නදී)
අවසර අපේ හාමුදුරුවනේ, මේ රටේ දිනකට කී දාහක් සත්ව ඝාතන වෙනවාද? ඒවා සියල්ල නවත්වන්න පුළුවන් නම් විතරක් අපි මේ සත්ව බිලි පුජාව නවත්වමු. නැතිනම් ඒවා කරනකොට වගේම මේකටත් නිෂ්ශබ්දව ඉන්න එක තමයි නුවනට හුරු කියලා මට හිතන්නේ. (ස)
පුරාණ ආගමික චාරිත්‍ර උනත් මේවා යල් පැනගිය පුද පුජා. සත්ත්ව ඝාතනය නවත්වා ,අනෙක් පුජා පවත්වන ලෙස දේවාල භාරකාර මණ්ඩලය හා සාකච්චා කිරීම වටිනවා. සත්ත්ව ඝාතන වගේම දිනපතා රටේ සිදුවෙන මිනිස් ඝාතන සම්පුර්ණයෙන්ම අතුගා දැමීමට ජාතික සංඝ සම්මේලනය ,මහා නාහිමිවරුන්,සේනා සංවිධාන,ඇතුළු මහා සංඝ රත්නය ,රාජ්‍ය ආරක්ෂක අංශ දැනුවත් කිරීම මහා සංඝ රත්නයේ සහ සියලුම ආගමික නායකයින්ගේ පරම යුතුකමක් !! කඩිනමින් ! (ස)
ආගමේ නාමයෙන් කරන ම්ලේච්ඡ බිලි පුජා වලට අපිත් විරුද්ධයි. (නදී)
මේ මිලේච්ඡ බිලි පුජාවල් අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. යමෙකුට අවශ්‍ය නම් එවැනි රටවල් සොයාගෙන යන්න කියන්න. (නදී)
අපිත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි (නදී)
සත්තු මරන්න කාටවත් අයිතියක් නැහැ. එක පණක් හරි බේරන්න පුළුවන් නම් ඒක වටිනවා. මොකද හැම පණකටම තියෙන්නේ එකම වටිනාකම. (නි)
මෙම බිලිපූජාව වහාම නවත්වන්න (නදී)
සත්ව බිලි පූජා බෞද්ධයකු හැටියට මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මේවා ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් නම් කරන්න දේකුත් නැහැ. ගරුතර සංඝ රත්නයත්, ප්‍රාණඝාතයට එරෙහිව පෙනී සිටින අනෙක් සංවිධානත් මේ රටේ සිදුවන මනුෂ්‍ය ඝාතනවලටත්, ඒවාට අනුබල දෙන දේශපාලඥයින්ටත්, ඝාතකයින් නීතියෙන් ගැළවී යාමත් පිළිබඳ මේ හඬ නැගුවා නම් රටට මීට වඩා සෙතක් වේවි. (නි)
මේවට යන අයව බිලි පූජාවට දාල සතුන්ව නිදහස් කරන්ඩ මිත්‍යා දෘෂ්ටිකයො රටට වෛරසයක් (නදී)
මෙම ලිපියට දැනට දක්වා තිබෙන ප්‍රතිචාර බොහොමයක් හරියට හරි. නිමල් ලලිතා සහ කමනි මහත්මියන්ගේ අදහස් විශේෂයි. රටේ තිබෙන මෙවැනි අවස්ථා ගැන හුවා දක්වන "ලංකාදීප' පුවත් පතට ස්තුතිය පුද කරමි.(නදී)