IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


සඟ සමුළුව බිලි පුජාව එපා කියයි

මුන්නේෂ්වරම භද්‍රකාලි කෝවිලේදී පැවැත්වීමට නියමිත සත්ත්ව බිලි පුජාව සදහා බලපත්‍රයක් ලබා නොදන ලෙස ජාතික සංඝ සම්මේලනය හලාවත ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලයි.

සංඝ සම්මේලයේ පුත්තලම දිස්ත්‍රික් නියෝජිත වෙන්නප්පුව ශාසනාරක්ෂක බල මණ්ඩයේ සභාපති  බණ්ඩිරිප්පුවේ විනීත තිස්ස හිමියෝ මේ ඉල්ලීම කරති.හලාවත - මුන්නේෂ්වරමේ කාලි දේවාලයේදී වාර්ෂිකව ප්‍රසිද්ධියේ සිදු කරන සත්ත්ව බිලි පුජාව තහනම් කරන ලෙස ඉල්ලමින් ජාතික සංඝ සම්මේලනය ඇතුළු සංවිධාන 16 ක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිබිණි.

එය විභාග කළ අභියාචනාධිකරණය 2013 අගෝස්තු මස 23 වැනිදා නියෝග කරන ලද්දේ කිසියම් සත්ත්ව ඝාතනයක් සිදු කරන්නේ නම් ඒ සදහා අදාල පළාත් පාලන ආයතනයේ බලපත්‍රයක් ලබා ගත යුතු බවය.

එම තීන්දුවට එරෙහිව මුන්නේෂවරම කාලි දේවාලයේ භාරකාර මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබුණි.පසුගිය 03 වැනිදා එම පෙත්සම සලකා බැලු අගවිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව තහවුරු කළේය.ඒ අනුව සත්ත්ව බිලි පුජාවක් පවත්වනේ නම් ඒ සදහා හලාවත ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගත යුතු බව එම නියෝගයේ සදහන් වේ.

හලාවත - මුන්නේෂ්වරම කාලි දේවාලයේ වාර්ෂික බිලි පුජාව ලබන 09 වැනිදා පැවැත්වීමට නියමිතය.

 

 



අදහස් (0)

සඟ සමුළුව බිලි පුජාව එපා කියයි

සේන Thursday, 04 September 2014 09:03 AM

මේවා නිවැරදි ධර්ම අවබෝදයෙන් මිසක් බලෙන් නවත්වන්න බැහැ.මිත්‍යාවේ තෝතෙැන්නක් වූ ඉන්දියාව මිත්‍යාවෙන් ඉවත්වෙමින් ඉන්නවා. අපි හැම අතින්ම මිත්‍යාව වැළඳ ගන්නවා. (ස)

:       0       0

උපාලි Friday, 05 September 2014 07:22 AM

මා ඇසුරු කරන බොහෝ දෙමල හින්දු අය මස් මාංශ වලින් පවා වැළකුණු පුද්ගලයින්ය. ඔවුහු මේ බිලිපුජා ප්‍රතික්ෂේප කරති. මේ පුජනිය ශ්‍රී ලංකාවේ මේවාට ඉඩදිය යුතුද? (නි)

:       0       0

කසුන් ධර්මවංශ Thursday, 04 September 2014 03:22 PM

සත්‍යපාල, අපිට හැමදෙයක්ම එක පාර කරන්න බැහැ. අනවසර සත්ව ඝාතනය වෙනම කතාවක්. අවසර සහිතව ප්‍රසිද්ධියේ වදහිංසා පමුණුවා සතුන් මැරීම තවත් දෙයක්. ඒක නිසා මේ දේ නතර කළයුතුයි. අනෙත් කරුණ සිංහල නමක් භාවිත කර අදහස් දාන්නේ නැතුව තමන්ගේ නියම නමින් කිව්වා නම් නේද හොඳ? (නි)

:       0       0

මිනිපෙ Thursday, 04 September 2014 03:31 PM

සත්‍යපාල ගේ කතාව මම අනුමත කරමි. හැබැයි ඔය කව්රුත් උපාසකලා කොහේ හරි නිධානයක් ගන්න නම් ඕනේ බිල්ලක් දෙයි. (නදී)

:       0       0

මහේෂ් Thursday, 04 September 2014 03:38 PM

කාට හෝ මරණයක් සිදු කිරීමත් පාපයක් අපි මේවට කැමති නෑ (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 04 September 2014 09:26 AM

කෝ අපේ දුටුගැමුණු (නදී)

:       0       0

දිලුක්ෂි Thursday, 04 September 2014 09:35 AM

බිලි පුජාව ලංකාවේ තහනම් කළ යුතුයි (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Thursday, 04 September 2014 09:38 AM

අනේ දෙයියනේ උසාවියට ගිය කල. වෙනද ඕන ප්‍රශ්නයකට ගියේ උසාවි. දැන් ප්‍රාදේශීය සභාද (නදී)

:       0       0

සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 04 September 2014 09:37 AM

සතුන් මැරීම පාපයක්. සතුනට ජීවත්වීමට මිනිසාට වඩා උරුම හිම්කමක් තිබෙනවා. ආගමකින් උගන්වන්නේ දුබලය විනාශ කිරීම නොවේ, සුවපත් කිරීමයි. නමුත් ආගමික ඇදහිලි වලින් 'සතුන්' ජිවිත හානිය සිදුකිරීම තර්කානුකුල නැහැ. එයින් අධ්‍යාත්මික අභිවෘද්ධියක් කොහෙත්ම පෙන්නුම් නොකරයි. නිෂ්පල අනර්ථකාරී අන්ධ භක්තියයි. ලංකාවේ සමහර ලොකු මිනිසුන් පවා අන්ධ විශ්වාස මත ඉඳගනිමින් කටයුතු කරන කාල පරිච්චේදයක් තිබෙන්නේ. රටත් ජනතාවත් එ්නිසා කිය නොහැකි තරම් දුක් විඳිනවා. (ස)

:       0       0

මල්කි Thursday, 04 September 2014 09:40 AM

තමාගේ යහපත වෙනුවෙන් අනුන්ගේ ජීවිත බිලි දෙන්න එපා. අහිංසක සතුන් බිලි දීමෙන් හිතන, බලාපොරොත්තු වන යහපත කුමක්ද? සැමට කරුණා කරන්න. (නදී)

:       0       0

සත්‍යපාල Thursday, 04 September 2014 09:57 AM

අවසර අපේ හාමුදුරුවනේ, මේ රටේ දිනකට කී දාහක් සත්ව ඝාතන වෙනවාද? ඒවා සියල්ල නවත්වන්න පුළුවන් නම් විතරක් අපි මේ සත්ව බිලි පුජාව නවත්වමු. නැතිනම් ඒවා කරනකොට වගේම මේකටත් නිෂ්ශබ්දව ඉන්න එක තමයි නුවනට හුරු කියලා මට හිතන්නේ. (ස)

:       0       0

ගාමිණී-සිරිවර්දන Thursday, 04 September 2014 10:09 AM

පුරාණ ආගමික චාරිත්‍ර උනත් මේවා යල් පැනගිය පුද පුජා. සත්ත්ව ඝාතනය නවත්වා ,අනෙක් පුජා පවත්වන ලෙස දේවාල භාරකාර මණ්ඩලය හා සාකච්චා කිරීම වටිනවා. සත්ත්ව ඝාතන වගේම දිනපතා රටේ සිදුවෙන මිනිස් ඝාතන සම්පුර්ණයෙන්ම අතුගා දැමීමට ජාතික සංඝ සම්මේලනය ,මහා නාහිමිවරුන්,සේනා සංවිධාන,ඇතුළු මහා සංඝ රත්නය ,රාජ්‍ය ආරක්ෂක අංශ දැනුවත් කිරීම මහා සංඝ රත්නයේ සහ සියලුම ආගමික නායකයින්ගේ පරම යුතුකමක් !! කඩිනමින් ! (ස)

:       0       0

සඳුනි Thursday, 04 September 2014 10:16 AM

ආගමේ නාමයෙන් කරන ම්ලේච්ඡ බිලි පුජා වලට අපිත් විරුද්ධයි. (නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 04 September 2014 10:43 AM

මේ මිලේච්ඡ බිලි පුජාවල් අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. යමෙකුට අවශ්‍ය නම් එවැනි රටවල් සොයාගෙන යන්න කියන්න. (නදී)

:       0       0

දිලු Thursday, 04 September 2014 10:43 AM

අපිත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි (නදී)

:       0       0

හිරු Thursday, 04 September 2014 07:17 PM

සත්තු මරන්න කාටවත් අයිතියක් නැහැ. එක පණක් හරි බේරන්න පුළුවන් නම් ඒක වටිනවා. ම‍ොකද හැම පණකටම තියෙන්න‍ේ එකම වටිනාකම. (නි)

:       0       0

චින්තක Thursday, 04 September 2014 11:20 AM

මෙම බිලිපූජාව වහාම නවත්වන්න (නදී)

:       0       0

කමනි Thursday, 04 September 2014 08:49 PM

සත්ව බිලි පූජා බෞද්ධයකු හැටියට මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. මේවා ඔවුන්ගේ සංස්කෘතියේ කොටසක් නම් කරන්න දේකුත් නැහැ. ගරුතර සංඝ රත්නයත්, ප්‍රාණඝාතයට එරෙහිව පෙනී සිටින අනෙක් සංවිධානත් මේ රටේ සිදුවන මනුෂ්‍ය ඝාතනවලටත්, ඒවාට අනුබල දෙන දේශපාලඥයින්ටත්, ඝාතකයින් නීතියෙන් ගැළවී යාමත් පිළිබඳ මේ හඬ නැගුවා නම් රටට මීට වඩා සෙතක් වේවි. (නි)

:       0       0

විමල් Thursday, 04 September 2014 11:28 AM

මේවට යන අයව බිලි පූජාවට දාල සතුන්ව නිදහස් කරන්ඩ මිත්‍යා දෘෂ්ටිකයො රටට වෛරසයක් (නදී)

:       0       0

හරිස්චන්ද්‍ර Friday, 05 September 2014 01:27 PM

මෙම ලිපියට දැනට දක්වා තිබෙන ප්‍රතිචාර බොහොමයක් හරියට හරි. නිමල් ලලිතා සහ කමනි මහත්මියන්ගේ අදහස් විශේෂයි. රටේ තිබෙන මෙවැනි අවස්ථා ගැන හුවා දක්වන "ලංකාදීප' පුවත් පතට ස්තුතිය පුද කරමි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 328 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 531 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 374 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 665 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1307 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 618 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1548 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site