බණඩාරගම කැස්බෑව මාර්ගයේ රිය අනතුරු අවම කර මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට ආශිර්වාද පතා ජංගම පිරිත් සජ්ඣායනයක් අද (05) සවස මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
කිදෙල්පිටිය ශ්‍රි මහා චෙිතියාරාමාධිපති මකුරුප්පේ සෝමාලංකාර හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදු කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවනේ කරුණාකරලා පිරිත් කියන්න රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න කියලා. එහෙම වුනොත් සියලුම ප්‍රශ්න විසඳෙනවා. (නදී)
රටේ ඉහළ සිට පහළටම නීතිය,යුක්තිය, සදාචාරය පිරිහිලා ඇති තත්වයක් තුළ පාරට පැන් ඉසලා පමණක් මේ සිදුවන විනාශය නතර කරගන්න අමාරුයි අපේ හාමුදුරුවනේ. පාලකයන්ට දසරාජ ධර්මයෙන් තම ප්‍රදේශ පාලනය කරන්න උපදෙස් දෙන්න.එවිට රටවැසියන්ද හික්මුණු නිවුණු යහපත් මිනිසුන් වෙනු ඇති. සිවුරට ඉතිහාසයේ තිබුණු බලය ඇති කරගන්න. හිතේ වේදනාවට වැරදි යමක් කියවුණා නම් දහස් වරක් සමාවන්න. (නි)
බුද සරණයි! (නි)
බුදු සරණයි හාමුදුරුවනේ! මමත් නිතරම යන පාරක්. පාර හොඳ නිසා වේගයෙන් යන්න නම් හිතෙනවා. එහෙම ගියත් පාර ගැන කල්පනාවෙන් තමයි යන්නේ ... (නි)
මුළු ලංකාවෙන්ම මත්පැන් හා මත්කුඩු නතරවේවා කියා පිරිත් සජ්ඣායනයක් කරන්න අපේ හාමුදුරුවනේ, ඔය ජරාව බිලා රියපදවන අය තමයි වැඩිපුරම ජිවිත විනාස කරන්නේ, සැමටම වාසනාවන්ත අනාගතයක් පතමි, (ස)
මෙහෙමවත් කරලා රිය අනතුරු අවම කරගන්න පුලුවන් නම් ලොකු දෙයක් (නි)
බුදු සරණයි හාමුදුරුවනේ! (නි)
බුදු සරණයි! (නි)
මේ පාරේ මම ගිය සුමානේ ගියා. වර්ෂාව නිසා මට ඉන්න උනා ඒ ඉන්න වෙලේ අපි හිටපු කඩේ මනුස්සය කිව්වා ගිය මාසෙට විතරක් මේ පාරේ 22 ක් අනතුරු වලින් මලා කියල. පාර නම් හොදට හදල තියනවා අධික වේගය තමයි මේ සේරටම මුල. (නදී)