ථේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කර එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමෙයේ ශාසනික ලේකම් බියගම සුසිල හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අද (18) පෙත්සමක් ගොනු කළහ.
මෙහි වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියි.
2015 දරන තේරවාදී භික්ෂු කතිකාවත (ලියාපදිංචි) නමින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු පුස්තකයට ඇතුළත් කර තිබෙන අතර මෙම පනත් කෙටුම්පතෙහි 2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15 සහ 16 යන වගන්තීන් ආණුඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 4(ඇ) ,9,10,11,12(1), 12(2), 14(1) ඇ සහ 14(1) 6 වගන්තීන් වලට පටහැනි බව ඒ හිමියෝ කියා සිටිති.
මෙම පනත් කෙටුම්පත බලපැවැත්වෙන්නේ ථෙරවාද බුදු දහමට පටහැනිව බවත්, එබැවින් ථෙරාවාදී භික්ෂූන්ට නිදහස අහිම වන අතර මහායාන භික්ෂූන්, ක‍්‍රිස්තියානි සහ කතෝලික පූජකවරුන්ට එය බල නොපාන බවත් පෙත්සම කියයි.
මෙම කථිකාවත තුළීන් නිදහස් සිතුවිලි වලට අනුව නිදහසේ තමන් කැමති ආගමක් ඇදහීමේ මූලික අයිතීන් අහිමි කිරීමක් බවද එහි දැක්වේ.
එබැවින් මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ප‍්‍රකාශ කරන ලෙසද පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරයකින් මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට නියෝග කරන ලෙසද ඒ හිමියෝ කියා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් මේ වෙලාවේ ගන්නේ ස්වාමින් වහන්සේලාගේ පැත්ත (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
බෞද්ධ දර්ශනය බුද්ධිමත්ව සහ විචාරශීලීව අනුගමනය කරන පහන් සිතුවිලි ඇත්තාවූ සාධු ජනයාට ථෙරවාදී කතිකාවත වේවා මහායාන කතිකාවත වේවා මේ කිසිවක් අදාළ නොවේ. ගල් බොරළු නැති කටු කොහොල් නැති මාවත දිගේ ගැල ඉදිරියටම ඇදෙයි. (නි)
භික්ෂුන් අරභයා ගෙනඒමට නියමිත නව පනත් කෙටුම්පතට අදාළ නඩු විභාග කිරීමේ විනිසුරුවරුන් ලෙස ගිහි පුද්ගලයින් පත්නොකළ යුතුය. මෙම නඩු විභාග කිරීමට බෞද්ධ දර්ශනය, පාලි, විනය පිටකය සම්බන්ධව මනා අවබෝධයක් ඇති උගත් සංඝයා වහන්සේ පමණක් පත්කළ යුතුය. එහි අභියාචනා පවා ගිහියන්ගේ අධිකරණවල නොව සංඝ උත්තරීතර විනිශ්චය මහා සභාවක සිදුකළ යුතුය. (නි)
භික්ෂුන් අරභයා ගෙනඒමට නියමිත නව පනත් කෙටුම්පතට අදාළ මූලික අයිතිවාසිකම් නඩු විභාග කිරීමේ දී බෞද්ධ දර්ශනය, පාලි, විනය පිටකය සම්බන්ධව මනා අවභෝධයක් ඇති උගත් නීතීඥවරුන් සම්බන්ධ වෙනවාද? ලංකාවේ ඉන්න නීතීඥවරු අභිධර්මය, විනය පිටකය, පාලි බස ගැන දන්නේ මොනවද? මෙහෙම බුදුදහම ගැන තීන්දු ගැනීමට ඉඩ දී බලා සිටිමුද? (නි)
මේ ආණ්ඩුව මොන දේ කළත් එයට විරුද්ධවෙනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ (නි)
දුසිල් මහනුන්, සාසන දූෂකයන්, පන්සල් පාලුවන් භික්ශූත්වයෙන් නෙරපා දැමීම සිල්වත් යහපත් ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේත්, සැබෑ බෞද්ධයන්ගේ මෙන්ම පොදු සමාජයේත් යහපතට හේතු වන බවත්, එයට නිසි කල පැමිණ ඇති බවත් විචාරශීලී ජනතාවට වැටහේවා! (බ)
දියවන්නාවේ අයට මග ඵල ලැබිලද සංඝ විනය නීති හදන්නට (බ)
දුසිල් මහණුන්, සාසන දූෂකයන්, පන්සල් පාලුවන්, පිවිතුරු නම ගසාගෙන සිටින අපවිත්‍ර ශ්‍රමණ වේශධාරීන් භික්ෂූත්වයෙන් නෙරපා දැමීම සිල්වත් යහපත් ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේත්, සැබෑ බෞද්ධයන්ගේ මෙන්ම පොදු සමාජයේත් යහපතට හේතු වන බවත්, එයට නිසි කල පැමිණ ඇති බවත් විචාරශීලී ජනතාවට වැටහේවා. ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝග කළහොත් කහවස්ත්‍රධාරී තලිබාන් වරුන්ගෙන් ගෞතම බුදුන්ගේ ශාසනය බේරා ගැනීම සඳහා එය ජනමත විචාරණයේදී දිනවීමට විචාරශීලී ජනතාවට සිත් පහල වේවා. (බ)