රංගිරි දඹුලු රජමහා විහාරස්තානයට අයත් උයන්වත්ත පුරාණ විහාරස්ථානයේ අද (28) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් සංඝාවාසය ගිනිගෙන විනාශ විය.

ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට පොලිසිය සැකකරයි .

මෙම විහාරස්ථානයේ කුඩා සාමණේර භික්ෂු පුහුණු ආයතනයක්ද පවත්වාගෙන යන අතර පිරිමි ළමා නිවාසයක්ද පවත්වාගෙන යනු ලබයි .

ඇඳ  සිටින සිවුරු හැරෙන්නට පන්සලේ සියලු දේ ගින්නෙන් විනාශවී ඇතිබව විහාරාධිපති හල්මිල්ල වැවේ ප්‍රේමරත්න හිමියෝ පැවසූහ.

DSC08624 DSC08630 DSC08631 DSC08634 DSC08639 DSC08640 DSC08644 DSC08646 DSC08670