සංඝ කථිකාවතක් පැවැත්වීමට පෙර මහා සංඝරත්නයේ අනුමැතිය ලබා ගත යුතු බවත් ගිහියන් විසින් සංඝයා වහන්සේලාට සම්මුති පැනවිම යෝග්‍ය නොවන බවත් මහනායක ස්වාමීන් වහන්සේලාගේ ලිඛිත අනුමැතියකින් තොරව මහා සංඝරත්නයට නීති රීති පනවා ඊට අදාල පනත් සම්මත කළහොත් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ගිහි ජනතාව සහභාගි කරවාගෙන පාර්ලිමේන්තුව වටලා දැඩි විරෝධයක් දක්වන බවත් රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ අද (14) මහනුවරදී පැවසූහ.
ත්‍රස්තවාදය පරාජය කිරිම සඳහා දායක වු රණවිරුවන් ආරක්ෂා කරගැනිම වෙනුවෙන් යෝජිත අත්සන් දසලක්ෂයේ පෙත්සම පිළිබඳව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරිම සඳහා බෙංගමුවේ නාලක සහ කොටුව ශ්‍රි සම්බුද්ධාලෝක මහ විහාරයේ විහාරාධිපති ඉත්තදෙමිළියේ ඉන්දසාර හිමිවරු අද (14) එහි ගිය අවස්ථාවේ මේ බව කීහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවෙන් බුදු දහම ආරක්ෂා කර එය පෝෂණය කළ යුතුය යන වගන්තිය තවදුරටත් සුරක්ෂිත විය යුතු බවත් සිංහල ජාතිය, බුදු දහම විනාශ කරන කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නය කිසිවිටකත් අනුමැතිය නොදෙන බවත් නාලක හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොනිල විදියට පවුල් නඩත්තු කරන ප්‍රසිද්ධ අයත් ඉන්නවා. ඒ බව අපි දන්නවා. මේ වගේ පනත් වලට විරුද්ධවීම අනවශ්‍ය දෙයක් (නි)
දැන් පසුගිය කාලයේ ඇතැම් ආගමික ස්ථාන ඉදිරිපිට නොයෙකුත් සංදර්ශන පැවැත්වෙද්දී කවුද නිහඬව හිටියේ. ගිහියන් කට ඇරියේ නැත්නම් තවමත් රුසියානු ගණිකාවන් වැදගත් පුජනීය ස්ථාන ඉදිරිපිට නටනවා. සමහර උන්නාන්සේලා ප්‍රසිද්ධ රැස්වීම් වල, හැදෙන දරුවන්ට අහන්න හොඳ නැති වචන පාවිච්චි කරනවා. වැරැද්දට මෙච්චරකල් මුනිවත රැකපු නිසා තමයි නීතියක් අවශ්‍ය (නි)
ජනහිත, මහාවංශය පොඩ්ඩක් බලන්නකෝ. අතීතයේ රජවරු දුසිල් මහනුන් ශාසනෙන් පන්නන්න කලින් ඔවුන් හංවඩු ගහලත් තියනවා. රජවරු කී දෙනෙක් ශාසනය පිරිසිදු කළාද? පොළොන්නරු කතිකාවත මතකද? (නි)
හාමුදුරුවරුන්ගේ ඔය චණ්ඩි පාට් අපිට නම් දිරවන්නේ නැහැ. (නි)
කොහොමත් නීතිගරුක පුරවැසියන් ළඟදීම පාරට බහිනවා හොරුන්ට මිනීමරුවන්ට නීතිය ගොලුබෙලි ගමනින් යන නිසා. (නි)
සිවුරට මුවාවී පහත් වැඩ කරන දුසිල් මහණුන් ඉන්නවා තමයි. ඒත් ඒ මුවාවෙන් මුළු භික්ෂු පරපුරම නිහඬකර තමුන්ගේ පටු පරගැති අරමුණු ඉටුකර ගැනීමට දේශපාලුවන්ට අවස්ථාවක් නොදිය යුතුයි. මහා නායක ස්වාමින් වහන්සේලා මේ ගැන තීරණයක් ගතයුතුයි නේද? (නි)
දුසිල් මහණුන්ගෙන් වගේම අවස්ථාවාදී දේශපාලුවන්ගෙනුත් සංඝරත්නය බේරාගත යුතුයි. (නි)
දැන් වැඩිපුර ඉන්නේ සංඝරත්නයට වඩා චීවරධාරීන් (නි)
භික්ෂුන් වහන්සේලා පාලනය කිරීමේ අයිතිය දේසපාලන බලපෙරෙතයන්ට පැවරීමට සහය දෙනවා අමනයන් කුමක් පැවසුවත් එදා සිටම මේ සිංහල රටත් බුදුසසුනත්, බොදු උරුමයත් රැක ගත්තේ සංඝරත්නයයී.හරියට හරි ස්වාමින් වහන්ස එදා ජේ .ආර.විරෝදය නොතකා කොටි කටේ රිංගුවා සේ සංඝයා වහන්සේ පාලනය කිරීමේ තියඅයිතිය ගිහියනට පවර ගැනීමට ඉඩ නොතබන්න. (අ)
දේවදත්තත් එක අවස්ථාවක සංඝ නීති පනවන්න ලෑස්ති වුණා.(ම)
බුද්ධ ධර්මයේ එහෙම කියලා තිබෙනවද? දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ආණ්ඩුවට ඕන කරන්නෙත් මේ වගේ විවේචන තමයි. මේ තුළින් සිංහල බෞද්ධයා ඇවිස්සීම කොටසකගේ බලාපොරොත්තුවයි. (ම)
සිවුරුට නිගා නොකරනු! (නි)
හක්කේ දඩමස් (බ)
මොනවා උනත් හාමුදුරුවරු තමයි රට වෙනුවෙන් කතා කරන්න ඉන්නේ.ආණ්ඩුව තවමත් අනුන්ගේ කුණු හොයනවා මිසක් රටට වෙඩක් කලේ නැහැ.බොහොම හොදි හාමුදුරුවනේ ඔය වැඩේ. (කෞ)
විනය සංගායනාවක් අවශ්‍යම කාලයක් (ම)
මෙයාගේ නම.. වටලනවා.....කියල ලියාපදිංචි කරමු ..(බ)
බුදුන්ගේ කාලෙදිත් ප්‍රශ්න විසදන්න සංඝයාවහන්සේලා මෙහෙම හැසිරුනානම් අද කවුරුවත් බුදුදහම අදහන්නේ නැහැ (බ)
ඇතැම් හිමිවරුන්ගේ කටයුතු සමස්ත බුදු සසුනටම හානියක්.හැබැයි ඒ සදහා නීති පැනවීම ඒ ඒ නිකායවලට අයිති වැඩක්.කතිකාවත් පැනෙව්වම ක්‍රියාත්මක කිරීම රජයේ වැඩක්.හාමුදුරුවරු අතීතයේ පටන් රට වෙනුවෙන් පෙනී හිටියා.ඒ බව අමතක කරනවානම් රටදැය පිළිබද හැගීමක් නැති එන්.ජී..ඕ වලින් යැපෙන අය තමයි ඒ. (බ)
අනේ සිවුරට ගිය කලක් (බ)
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ රණවිරුවන් සුරැකීමේ සභාපති නේද මට ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද (බ)
සිවුරු අස්සේ තියන දස අකුසල් තමයි ඔය එලියට පැනෙන්නේ .සාදු.සාදු .සාදු ..(බ)
තරු චමිල ඔබ හරි (බ)
රටේ නීතිය මෙයාලගේ බූදලය වාගේ කතාව . (ම)
දන ගාසා වදින අත් මිරිස් ගලේ තලපිවු ..වන්ගේ ඩියේ දමා කොටපියවු .අනේ මෙහෙම රටක් .. (කෞ)
චීවර දාරීන් ගේ රාජකාරිය බන කියන එකද ??? වටලන එකද .(කෞ)
ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කලේ ප්‍රධාන වශයෙන්ම වඩා හොඳ ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන්. අවුරුද්දක් ඉවරයි. ඒ බලාපොරෝත්තුවනම් වතුරේ. ඒ වෙනුවට ආණ්ඩුව මේ අහක යන නයෙක් රෙද්ද අස්සට දා ගෙන කවා ගන්නයි හදන්නේ.(අ)
මහා සංඝරත්නය කියන්නේ මේ දෙනම විතරක් කියලා හිතාගෙනද මන්දා මෙහෙම පාර්ලිමේන්තුව වටලන්න වඩින බව දේශනා කළේ. දෙනමක් වැඩලා ඉතින් වටලන්න බැහැනේ ඒ වගේ ලොකු ගොඩනැගිල්ලක්. (නි)
සිවුරට මුවාවී කරන දුර්ජන කටයුතු වහා නවත් වනු .. (කෞ)
පන්සිල් ආරක්ෂා නොකරන දේශපාලුවන්ට සහ ගිහියන්ට කෙසේවෙතත් සඟ රුවනට නීති පැනවීම කළ නොහැකිය (නි)
වැරදි වැඩ කරන අය තමයි නීති එනවට බය වෙන්නේ.(අ)
සෑම්, රටේ නීතියයි සංඝ නීතියයි කියන්නේ දෙකක්. දුස්ශීලයන් ඉන්නවා තමයි. නමුත් විනය පිටකය තිබෙන්නේ සංඝ නීතිය උදෙසායි. (නි)
හාමුදුරුවන්ගේ වැඩ වලට ගිහියෝ අතදාන්න නරකයි (නි)
සංඝ නීති පනවනවා නම් අනෙකුත් ආගම් වලටත් ඒ සමානවම නීති ගෙනඑන එක නේද හොඳ? (නි)
අද සමහර පන්සල් සැපවිඳින හෝටල් වගේ. ස්පිල්ට් වර්ගයේ වායුසමීකරණ 7-8ක් හැම කාමරයක් ගානෙම සවි කරලයි තියෙන්නේ. සත්තකින්ම අද දුක්විඳින්නේ ගිහියෝ මිසක් හාමුදුරුවරු නෙමෙයි. (නි)
මම නම් මේවා විශ්වාස කරන්නේ නැහැ (නි)
සිංහලයාට, බොදු අයිතියට විනකරන හැම කෙනෙකුටම ශාප වේවා! (නි)
පසුගිය ආණ්ඩුවෙන් කළ දේවල් වලට ඇයි නිහඬව හිටියේ? (නි)
මුලින්ම ස්වාමින් වහන්සේලාට දේශපාලනය තහනම් කරන්න ඕනෑ. දේශපාලනය කරන්න යෑම නිසයි මේ ඔක්කොම ප්‍රශ්න (නි)
චමිල, බුදුහාමුදුරුවන්ගේ කාලේ රජවරු සංඝයා වහන්සේලට නීති දැම්මේ නැහැ (නි)
චමිල, බුදුන්ගේ කාලයේත් දෙව්දත්ලා හිටියා. පංච මහා බලවේග වලින් පළවෙනි,සඟ. ලංකාවේ බුද්ධාගම රැකිලා තියෙන්නේ මහා සංඝයා වන්සේලා නිසා තමයි. රටකට වෙන විපත්තිය අපිට වඩා දුරදක්නා නුවණින් උන් වහන්සේලාට හොඳින් වැටහෙනවා. (නි)
ඉන්ද්‍රියන්ට මුලාවූ සත්වයා ඉන්ද්‍රියන් තුළින් හදාගත් ලෝකවල ඉන්ද්‍රියන්ට මුලාවී ජීවත්වෙනවා. නිවන් මාර්ගය කියන්නේ බුද්ධිමත්ව මේ මුලාවෙන් ගැලවීමේ මඟ. බටහිර විද්‍යාව කියන්නේ මේ ඉන්ද්‍රියන්ට මුලාවෙලා සත්‍ය සොයන්නට උත්සාහ කිරීමක්. අද සිටින සංඝයා වහන්සේලා මොනතරම් දුරට ඒ මාර්ගයේ ගමන් කරනවාද කියන එක ලොකු ප්‍රශ්නයක්. නමුත් මුලාවේ සිටින සත්වයාට සංඝයා වහන්සේලාට නීති පැනවිය නොහැක. (නි)
ඇයි අනිත් ආගම් සඳහාත් නීති පාර්ලිමේන්තුව සකස් නොකරන්නේ? (නි)
අනේ අපේ හාමුදුරුවනේ! (නි)
මම නම් හිතන්නේ මේක ඉතාම හොඳ යෝජනාවක්. (නි)
භික්ෂුන් වහන්සේලා මෙවැනි තර්ජන කිරීම හරි දෙයක් නොවෙයි කියා මා හිතනවා. මීට වඩා මෘදු බසින්, දහම් දෙසන භාෂාවෙන් රජය, අගමැති හෝ ජනපති අමතනවා නම් මීට වඩා හොඳ නැද්ද? මම හිතන්නේ නැහැ රට කරවන ඇත්තෝ අස්ගිරි මල්වතු මහා නාහිමියන්ගෙන් විමසා බලන්නේ නැතුව මෙවැනි වැදගත් පනත් සම්මත කරගැනීමට සුදානම් වෙනවා කියා (නි)
ශාසනයට කරුමයක් පත්වෙලා .දුස්ශීලයි .(කෞ)
නීති පනවන්නේ නිවැරදි මඟට යෙමුකරවා ධර්මයට අනුව ජීවත්වෙන්න නම් මොන නීති ආවත් මොකද? (නි)
පුදුම කතානේ මේවා... (නි)
පන්සලට වෙලා බණ භාවනාවක් කරගෙන ඉන්න තරමට මම නම් කැමතියි (නි)
මෙවැනි වදන් සහ ක්‍රියා චීවරධාරින්ට සුදුසු නැහැ. බෞද්ධ ශාසනයට ගිය කලක්! (නි)
ඉතින් විනය නීති පාර්ලිමේන්තුවෙන් හදනවාට අකමැති නම් ත්‍රයිනිකායෙන්ම ඔය ටික හදාගෙන වැඩ වසන්නකෝ (නි)
ශාසන ශෝධනයක් සහ සංඝ කතිකාවතක් ඉතා අවශ්‍යයයි. ගුණවත් නැණවත් සිල්වත් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා නැති හෙටක සම්පාදනය වන සම්මුතියකින් විපතක් මිස යහපතක් නොවනු ඇත. මේ ඊට කාලයයි. (නි)
බුද්ධ ශාසන අමාත්‍යංශයට තියෙන්නේ ත්‍රයිනිකායික නායක හාමුදුරුවන් වහන්සේලා ලවා විනය කතිකාවක් කර ස්වාමින් වහන්සේලාගේ විනය පිළිබඳ තීරණ ගැනීම ඔවුන්ට භාර කිරීමයි. චීවරය දරා නොහොබිනා වැඩ කරන්නන්ට විනය නීති ක්‍රියාත්මක කළයුතුය (නි)
දයාවතී ...ඔයාගේ අදහස නියමයි මම එකයි ...වටලනවා ...(ම)
හාමුදුරුවරුන් පාර්ලිමේන්තුවට ගිය දවසේ සිට ඔවුන්ගේ ගරුත්වය නැතිවුණ බවයි මම නම් හිතන්නේ. (නි)
මෙහෙම තර්ජන ගර්ජන ඔබවහන්සේලාට සුදුසුද? (නි)
බුදුන් වහන්සේ කිසිදිනක හඳහන්, නැකැත්, සුබ දවස් ගැන බලාපොරොත්තුවෙන් කටයුතු කළේ නැහැ නේද? (නි)
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
කොසොල් රජු දැක ඇත්තේ දවල් හීන නෙමෙයි (නි)
මේවා ගැන කතාකිරීමක් කාලය කාදැමීමක් (නි)
මහජනයා නුසුදුසු පන්සල් වටලන කාලය වැඩි ඈතක නොවෙයි (නි)
සිල්වත් ස්වාමීන් වහන්සේලා මේ පනතට විරුද්ධ නැහැ . උන්වහන්සේලා බුදුන් වදාළ ආකාරයට තමන්ගෙන් ශාසනයට, ගිහියන්ට සිදුවිය යුතු යුතුකම් ඉෂ්ට කරමින්, සඟ ගරුත්වය රැකගෙන වැඩවසනවා මිසක් ගිහියන් ලවා උද්ඝෝෂණ කරවන්න යන්නේ නැහැ. (නි)
දැන් තමයි නියම මුහුණු ටික එළියට එන්නේ (නි)
වටලනවා? මොනවද මේ කතා?? (නි)
පාර්ලිමේන්තුව වටළන එක සංඝරත්නයට ඔබින දෙයක්ද? (නි)
ඇයි ඔබ වහන්සේලාම මැදිහත්වෙලා මේ කාර්යභාරය පටන්ගන්නේ නැත්තේ? ගිහියන්ට නුසුදුසු බව පිළිගන්නවා. එහෙත් පැවිද්දන්ට නුසුදුසු වැඩ කළා නම් බුදුරජාණන් වහන්සේගේ කාලෙයේ පවා පියවර ගෙන තිබෙනවා. ඒ සංඝයා මැදිහත්වෙලා. දැන් ඔබ වහන්සේලා මේ ඇතැම් චීවරධාරීන් කරන අකටයුතු වලට පියවර නොගන්නේ ඇයි? (නි)
මේ වැනි අවස්ථාවක පාර්ලිමේන්තුව වටළන හැටි දේශනාකර ඇත්තේ මොන ජාතක කතාවේදීද? හාමුදුරුවන් වෙනුවෙන් නීතියක් නොතිබුන නිසා තමයි සමහරු දේශපානලය කළේ, සමහරු කෝටි ගණන් මුදල් හම්බ කළේ සහ තවත් හාමුදුරුවන්ට අකැප දේ කළේ. බුදු දහම හරියට අදහන කිසිම කෙනෙකුට මීට විරුද්ධ වෙන්න හේතුවක් නැහැ. (නි)
බුද්ධාගම විනාශ කරන අය තමයි මේ ..(බ)
අනේ සීලවන්ත කමට ගිය කලක්! (ම)
බුදුන් වහන්සේ පනවා තිබෙන විනය නීති ඔබ වහන්සේලා හරියට පිළිපදිනවා නම් ආණ්ඩුවලට නීති පනවන්න හේතුවක් තිබෙනවද හාමුදුරුවනේ? (නි)
කොහොමත් සංගායනාවක් කළයුතු කාලය ඇවිල්ලා. හැබැයි ඒකට මුල්වෙන්න ඕනෑ මහනායක හාමුදුරුවරු නේද? උන්වහන්සේලාගේ නිහැඬියාව තුළ දුස්ශීලයෝ රිසි දේ කරනවා. ශාසනය පරිහානිය කරා ගමන් කරනවා. (නි)
සොපි මුළු භික්ෂු පරපුරම නිහඬකර තමුන්ගේ පටු පරගැති අරමුණු ඉටුකර ගැනීමට දේශපාලුවන්ට අවස්ථාවක් නොදිය යුතුයි කියන්න දෙයක් මෙම ගෙන එන නීති වල තිබෙනවද එහෙනම් මොනවද කියා අපිව දැනුවත් කොරන්න. පුවත්පත් බලනවානම් භික්ෂුන් ගේ ක්‍රියා කාරකම් බලා ගන්න පුළුවන්. (බ)
මමත් නම් හිතන්නේ මේක ඉතාම හොඳ යෝජනාවක් විරුද්ද වන්නේ දුස් සීලයෝ. (කෞ)
රාමන් ඔව් වෙන ආගම වලට හරවා ගැනීමට එන අයට ගමේ මිනිස්සුම දඬුවම් දෙනවනම් හොඳයි. (කෞ)
අනේ කහ සිවුරට වුණ හදියක්! (නි)
ගිහියෝ මල්,තෙල් රැගෙන පන්සල් යති. චීවරධාරින් පාර්ලිමේන්තුව වටලති. බුදුදහමට ගිය කල...! (නි)
මෙහෙමද සංඝරත්නය හැසිරෙන්නේ? (නි)
නීති වලට ඇයි ඔචිච්ර බය... (ර)
චිවරදාරින් දේසපාලනයට ගත්ත දේශපාලනයේ නායකයෝ මෙයට වගකියන්න ඕන. (ර)
සරත් ෆොන්සේකා හිරේ දානකොට රණවිරුවන් සුරැකීම ගැන ඔබ වහන්සේට මතක්වුණේ නැද්ද? (නි)
ඹන්න කට්ටියක් බයවෙලා. දැන් තේරෙනවා කවුද හොරු කියලා. සංඝරත්නයට නීතිරීති අාණ්ඩුව පනවන්නේ නැහැ කියලා කියනවනේ. (නි)
ඒ අතීතයේනේ. රජු දැහැමෙන් සෙමෙන් රට පාලනය කළා මිසක් හාමුදුරුවෝ මොනවද කරන්නේ කියලා හොයන්න ගියේ නැහැ. මම දන්නා හැටියට ඒ වගේම හාමුදුරුවෝත් රජු මොනවා කරනවද කියලා හොයන්න ගියෙත් නැහැ. හැබැයි ආගම් ගැන කතා කරනකොට අපි පරිස්සම් වුණොත් හොදයි. තිබෙන ප්‍රශ්න මදිවට ආගමත් පටළාගන්න හොඳ නැහැ නේද? (නි)
භික්‍ෂූන් සඳහා විනය නීති පැනවීමේ අයිතිය තිබිය යුත්තේ මහනායක හිමිවරුන්ට නොවේද? (නි)
එතකොට චමිල කියන්නේ රණවිරුවන් වෙනුවෙන් කතාකිරීම බුදුදහම අතහරින්න තරම් වරදක් කියලද? යුද්ධය තිබියදිත් අදත් ඒ වෙනුවෙන් පෙනීසිටින්නේ, කටයුතු කරන්නේ හාමුදුරුවරු තමා. අද ගොඩදෙනෙක් කටයුතු කරන්නේ අතීතය අමතක කරලා. (නි)
හාමුදුරුවනේ, ඔබවහන්සේලාගේ පැත්තෙන් බොහොම වැරදි තිබෙනවා. එනිසයි ගිහියන්ට ඔබවහන්සේලාට නීති ගෙනඑන්න සිදුවුණේ. මුදල් ඉපයීමේ චේතනාවෙන් කරන කිසිම දෙයකට ඔබවහන්සේලාට ඉඩදිය යුතු නැහැ. වාහන පැදවීමේ බලපත්‍ර ඔබට හිමි නැත. මේවට ඉඩ ලැබුනොත් පසු කලෙකදී විවාහවීමටත් ඉල්ලාවි. පළමු සංගායනාව ඇති වුණෙත් සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචන නිසා නේද? (නි)
මේ සමහරු දැන් චණ්ඩි වෙලා (නි)