විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට විදේශයන්හිදී සිදුවන අතවර හා ඔවුන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලධාරීන් අනුගමනය කරන පිළිවෙත ගැන සාකච්ඡා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගිය රාවණා බලය සංවිධානයේ ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමි ඇතුළු මහා සංඝරත්නයට දෝෂාරෝපණය කරන ස්වරූපයෙන් දබරගිල්ල දික්කරමින් එහි සභාපති අමල් සේනාධිලංකාර මහතා කතා කළේය.
සේනාධිලංකාර මහතා කීවේ සාකච්ඡා කිරීම සඳහා වෙනත් දිනයක් යොදාගෙන එන ලෙසයි.
සාකච්ඡාවට දිනයක් ලබා ගැනීමට කිහිප අවස්ථාවක් දුරකතන ඇමතුම් ගත්තත් එහි නිලධාරීන් සභාපතිට යොමු නොකළ බව රාවණා බලකායේ හිමිවරු කීහ.
සභාපති - ‘අපිත් හොඳ බෞද්ධ පවුල්වල මිනිස්සු. අපි හොඳ සේවයක් කරනවා. මං කාගෙන්වත් සතපහක් අරගෙන නෑ. ‘
රාවණා බලය - ‘නමට බෞද්ධයෙක් වෙලා වැඩක් නෑ. මේකේ සමහර නිලධාරීන් මුදලට යටවෙලා. ඇයි සාකච්ඡා කරන්න බැරි? ඇයි මාධ්‍යයට බයද?‘
හිමිවරු හා සභාපති අතර විනාඩි කිහිපයක් උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ අතර ඉන් පසු සභාපති පිටවී ගියේය.
සභාපතිගේ කාමරයෙන් එළියට පැමිණි රාවණා බලය තමන් ගෙන ආ ලිපියේ පිටපත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතාට ලබා දුන්නේය.
රාවණා බලය - සමහර ඒජන්සි අහිංසක මිනිසුන් විකුණනේ එකනේ කරන්නේ. සමහර ඒජන්ති තියෙනවා එකම පරම්පරාවේ.
රන්දෙනිය මහතා - ඔව් ප්‍රශ්න තියෙනවා. ඒවා කතා කරන්න පුළුවන්.
රාවණා බලය - මේකේ ඉන්න අය හම්බ කරන හැටි, දේශපාලනය කරන හැටි අපි දන්නවා. ජනාධිපතිතුමා ‘කන්නේ‘ එහෙම අය තමයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ, ඉවසීමෙන් වැඩකරන්න (නි)
මහා සංඝරත්නයට විතරක් නෙමෙයි රටේ හැම ආගමික නායකතුමෙකුටම වගේම රටේ තිබෙන සෑම ආගමකටත් ගරුකරන්න නීතියෙන් වගේම සදාචාරයෙනුත් බැඳීමක් තිබිය යුතුයි. ඒ වගේම ඉවසීම තියෙන්නත් ඕනෑ. (නි)
මෙයා නම් උදේ පාන්දරම හොදටම බීල වගේ (නදී)
මට නම් පෙනෙන්නේ මෙතන දෙදෙනාම කරලා තියෙන්නේ නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමක් වගෙයි (නි)
අපේ හාමුදුරුවන්ට ජය වේවා! (නි)
උගත්කමත් බල්ලට ගිහීල්ලා. මේවා බලන අපිට ලියන්න නම් ගොඩක් තියනවා. කොහොමත් මේ කේ මාධ්‍ය ප්‍රකාශකගේ පටන් අහිංසක ගෑණියෙකුට උන අසාධාරණයක් ගැන ඇහුවම නැට්ට උස්සගෙන ඩෙගා නටන අය ඉන්නේ. මතකනේ අර ඕමාන් ගෘහ සේවිකාවගේ ප්‍රශ්ණය බොරුවක් කරන්න ඩෙගා නැටපු හැටි. (නදී)
අද කාලේ නම් හරියට වීරයෝ ඉන්නවා. යුද්ධය කාලයේ ඒ අය කොහේ හිටියද මන්දා. (නි)
විදේශ සේවා එක නම් අන්තිම සවුත්තුයි. අහිංසකයන්ගෙන් ගන්න සල්ලිවලින් තමයි මෙයාලට පඩි ගෙවන්නේ. ඒ උනාට මෙයාල ඒ අහිංසකයෝ අමාරුවේ වැටුනම ගොඩක් වෙලාවට කිසිම දෙයක් කරන්නේ නෑ. පහුගිය දවසක පත්තරේ මේ සිදුවීම තිබුනේ. පිටරට ගිය කෙනෙකුට එහෙදි කරදරයක්වෙලා එ්ක මෙයාලට දැනුම් දෙනවා. මෙයාල කිසිම දෙයක් කරන්නේ නෑ ඒකට. පසුව ඒ මනුස්සය මැරිලා සිරුර ලංකාවට ගේනවා මෙයාල දන්නේ නෑ. මල ගෙදරදි කෙනෙක් මෙයාලට කෝල් කරලා අහනවා පැමිණිල්ලට උනේ මොකද කියල. මෙයාල කියනවා "එයා හොදින් එහෙ ඉන්නවා, ළගදි ගෙන්නලා දෙන්නම් කියා". ඒ වගේ විහිළුකාරයෝ තමයි මේ. (නදී)
රට නැවුම් මාවතකට හරවන්න සුදුසුම කාලය ඇවිත්. අපේ රටේ මිනිස්සුනේ තව තව මේවා බල බලා සුසුම් හලමුද ? නැත්තනම් අපි හැරෙමුද ? මේක දැක්කම මට මතක්වෙන්නේ අර පරණ කියමන. " ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිංහලුනේ " කියලා (නදී)
හාමුදුරුවොන්ට සලකන්නේ මල මිනි වලට වගේ. අවුරුදු 6 ක් පාර්ලිමේන්තුවේත් හිටපු මනුස්සයෙක් නේද මේ. අපොයි වෙලා තියෙන සංගෙඩිටක් (නදී)
හසිත, මේවට කොහොමත් බන්දුල ලියන්නේ නැහැ. අනෙක අපි මොකටද බන්දුලගේ තරහට බයවෙන්නේ? (නි)
ඒ මහත්තයා නම් පෘතග්ජනයෙක් කියමුකෝ. වැඩේ මුළුමනින්ම වැරදියි. නමුත් ශික්ෂාකාමී භික්ෂුවක් පුහුදුන් ජනතාවට මීට වඩා අනුකම්පා කළයුතුයි නේද? (නි)
අහිංසකයින් වෙනුවෙන් හඬ නඟන ස්වාමින් වහන්සේට අතපය දික්කරන මෙවන් නිලධාරීන් අහිංසක මිනිසුන්ට කොහොම සළකයිද?
රටේ නීතිය අවශ්‍ය ආකාරයට සම්පාදනය වෙලා ක්‍රියාත්මක වෙනවා නම් හාමුදුරුවරුන්ට ඒවාට ඇඟිලි ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ දේවල් වලින් රටේ පරිපාලනය කඩා වැටී ඇති ආකාරය පෙනෙනවා. රටක් හරියට පරිපාලනය කරනවා නම් ප්‍රශ්න අඩු වෙනවා. කළමනාකරණය බල්ලට ගිහිල්ලා. ප්‍රශ්න හැම තැනම. ඒවා විසදන්න පුළුවන් රටේ එතුමාට විතරයි කියල පෙන්නනවා. විචාර බුද්ධියක් නැති උදවිය ඒවා පිලිගන්නවා. දීන කමත් එක හේතුවක්. මේවා ඔක්කොම නාටක. (නදී)
සමරනායක මහත්තයා, ආණ්ඩුව වෙනස් කරලා හැම එකාටම යටත්වෙන, ලෝකෙටම නිවටයෝ වගේ දත නියවන, කැඳ හැලියේ ආණ්ඩුවක්ද පත්කරන්න කල්පනාව? (නදී)
මම මේ බොහොම මධ්‍යස්තව කියන්නේ. විදේශ කටයුතු ,රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සම්බන්ධ සියලුම කාර්යභාරයන් හැකි පමණින් කාර්යක්ෂම තත්වයකට පත්කරගත්තේ නැත්නම් රජයට ඉදිරියට ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු වෙන්න සිද්ධවේවි. විශේෂයෙන්ම අදාළ තනතුරු වලට සුදුසුකම් ඇති , ශීලාචාර, සිරිත් විරිත් දන්නා, හොඳ පවුල් පසුබිමෙන් යුත් අය පත්කරගෙන මේ පටලැවිලි ඉක්මනින් ලිහාගන්න තරමට හැමෝටම හොඳයි. (නි)
කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත.විදේශ රැකියාවල නියුක්තව ඉන්න දහස් ගණන් අයට වෙන අසාධාරන දේවල් ගැන කාටවත් ගානක් නැහැ. සමහර ලොකු පුටුවල ඉන්න සමහර ලොක්කෝ මිනිසුන් ගණන් ගන්නේත් නැහැ.හාමුදුරුවනේ, ඔබ වහන්සේ ගත් ක්‍රියාමාර්ගය හරියටම හරි (නි)
දර්ශන කියපු කතාව සීයයට සීයක් හරි (දිල්)
ඕක තමයි ලංකාවේ දැන් අලුත්ම තත්ත්වය. (නි)
මම නම් කියන්නේ දෙදෙනාටම තව ඉවසන්න තිබුණා (නි)
අමල් මහතාට හොඳ කොන්දක් ඇති බව නම් පෙනේ. (නදී)
දැන් මේ මොන ජයනිද අදහස් ලියලා තියෙන්නේ? කවුරු වුණත් කමක් නැහැ. අපිට තමයි දැන් පටලැවිල්ල එකම පුවතකට අදහස් දෙන්නම ලිව්වොත්. (නි)
විදේශ සේවා පිළිබද අමාත්‍යංශයක් තිබුනට වැඩිය හොඳයි ඕක අයින් කරලා දැම්මා නම්. මොකද එතකොට මිනිස්සුන්ගේ නිකන් බොරුවට දෙන රක්ෂණ ආවරණ මුදල ඉතුරු කරගන්න තිබුනා. රට යන්න ඕන අපේ සල්ලි වියදම් කරගෙන. මේ අය ඒකෙනුත් හිගාකල සල්ලි අරගෙන ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් උනොත් එ්ක නිරවුල් කරගන්න මේ නිලදාරීන් පස්සේ අපි බඩ ගාන්න ඕනා මුළු දවසෙම. මේකද ජනතා සේවය, මේකද විදේශ සේවය? (නදී)
අපි මොකටද බන්දුලට බයවෙන්නේ. හරි වැඩක්නේ මේක. එයාට තරහාගියා කියලා කවුද ගණන් ගන්නේ. (නි)
ජයනිට පුලුවන්නේ කාන්තා පෙරමුණක් පිහිටුවාගෙන වැඩේට බහින්න. ලියන හැටියෙන්ම පේනවා ඒ වැඩේ කරන්න පුළුවන් වෙයි කියලා. (නි)
දේශපාලන මති මතාන්තර කෙසේ වෙතත් අමල් මහතා කොන්දක් ඇති මහත්මයෙක් බව නම් පෙනේ. (නදී)
ඉහත ජයනි නමින් පළකරන අදහස් මගේ නෙමෙයි. මම දැන් අවුරුදු 3ක සිටයි මෙතන ලියන්නේ. මම මේ නම ලියාපදිංචි කරගෙන නැහැ. නමුත් අනුන්ගේ නමින් එපා කියද්දී ලියන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ. (නි)
කමෝන් ජයනි කමෝන්! අතහරින්න එපා. (නි)
අසරණයන් වෙනුවෙන් යුක්තිය සොයා ගිය බුද්ධ පුත්‍රයන්ට මෙසේ නම් අහිංසක දුප්පත් ජනතාවට කෙසේ විය හැකිද ?(හේ)
දැන් මෙතන තව ප්‍රශ්නයක් ඇතිවෙන්නයි යන්නේ. ඔය පසුව ජයනි නමින් ලියන්න පටන්ගත් කෙනා වෙනත් නමක් යොදාගත්තා නම් මේ ප්‍රශ්නය ඉවරයි. (නි)
දැන් නම් රට යන පොට හරි නැහැ.(හේ)
අනේ මට නම් කාන්තා පෙරමුණ හරියන්නේ නැහැ. මගේ දේශපාලන උනන්දුවක් නැහැ. (නි)
අපේ අසරණ කාන්තාවන්ගෙන් කරන ශ්‍රම සූරාකෑම අපි තරයේ හෙළා දකිනවා (නි)
හාමුදුරුවන්ට කෙසේ වෙතත් චීවරයට ගරු කරන්න තිබුන.කිසිම විනයක් හැදියාවක් නැති හැටි.මේ වගේ දරුවෝ හදන දෙමව්පියන්ට මඩු වලිගෙන් තලන්න ඕන. (අ)
අපොයි මේ රටට මොකද වෙලා තියෙන්නේ.(හේ)
සියලුම දේශපාලකයින් සිහිනුවණින් කටයුතු නොකළොත් තමන්ට අනාගතයේදී අලාභ පාඩු බොහොමයි කියලා තේරුම් ගත්තොත් හොඳයි. (නි)
ඔය සභාපතිතුමා හරිම හොඳ කෙනෙක් කියලයි මම නම් කියන්නේ. ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා නම් ඇයි ඒක සාධාරණ විදියට කරන්න බැරි? (නි)
අනේ මන්දා! කාටහරි ඉවසන්න තිබුණා (නි)
රාජ්‍ය සේවකයා මහජනතාවගේ සේවකයා මිස ස්වාමියා නොවේ.ස්වාමින් වහන්සේ කියන දෙය අසා වාඩි වී සාකච්ඡා කරනවා විනා නැගිටගෙන අත් පා විහිදුවමින් කතාකිරීම රාජ්‍ය සේවයට උචිත නොවේ. උණුසුම් වාතාවරණයක් සමනය කිරීමේ හැකියාව ඔහු නොපෙන්වයි. (නි)
හාමුදුරුවන්ට සලකන්නේ දන්නේ නැති මිනිහෙක්. (ස)
කෝ මේ අර බලවතුනට සළු වඩන බන්දුල ? මෙන්න බලාගන්න රටේ තත්වය. මෙහෙම තැන් වලට තමයි ලජ්ජා නැතිව කඩේ යන්නේ. (ස)
දුප්පත් ජනයාගෙන් ගසාකන මුදල් නිසයි ,ඒ අයට වන අසාදාරණ නිසයි අපේ හාමුදුරුවන් ප්‍රකාශයක් ඉදිරිපත්කරන්නේ කෝ දැන් අපේ මැති ඇමතිවරු? (ස)
මේ උදවිය පත් කරලා තියෙන්නේ කාගේ උපදේශයෙන්ද දන්නේ නැහැ. උගත්කම් කෙසේ වෙතත් හරිහමන් පවුල් පසුබිමකින් ආපු අයද මේ. පුජ්‍ය පක්ෂයේ කෙනෙකුට ඇඟිල්ල උලුක් කරන්නේ. (ස)
හාමුදුරුවන්ට අයිති වැඩක් නෙමෙයි මේක. දුප්පත් මිනිසුන්ගේ සල්ලි හොරකම් කරන මැති ඇමතිවරුන් ගැන කතා කරන්න ඔය හැම බලයක්ම බය ඇයි ? (ස)
කුමාර් ලගේ හිතේ හැටියට මහජනයාටයි පුජ්‍ය පක්ෂයටයි දත නියවන එකක් ද දැන් එතකොට මෙතනට සුදුසු. ? (ස)
ලේඛනයකට සහතිකයකට මිනිසා බුද්ධිමත් නොවන්නේය. මෙවැනි පාපී පුද්ගලයා මේ මෝඩයෙක්. (ස)
මේගොල්ලන් ගරු කටයුතු අයට මෙහෙම නම් සාමාන්‍ය මහජනතාව වැඩක් කරගන්න මේ තැන් වලට ගියාම කොහොම ඇද්ද ? ඒ වුනාට බන්දුල ලාගේ කටේ නරි වාදන් වල නම් අඩුවක් නැහැ. (ස)
බුද්ධ චීවරයේ ගරුත්වය නැතිකරගත්තොත් නම් මහජනයා ඇඟිල්ල දික්කරලා විතරක් නතරවෙන එකක් නැහැ (නි)
මෙයාව තනතුරෙන් පහකරන්න ඕනි. රජයේ සේවකයෙක්ට බැරිනම් බුද්ධ පුත්‍රයන්ට කතාකරන්න එයාව ගෙදර යවන්න. බුද්ධ පුත්‍රයන්ටත් තිබුන මහන වෙලා අනිත් අයගේ සහ බුදු දහමේ උන්නතියට වැඩ නොකර ඉන්න. (ස)
ඇයි කුමාරි දන්නේ නැද්ද තාම මෙතන බලයක් තියෙන්නේ එකම තැනක විතරයි කියල. එහෙම තත්වයක් නැති නම් පුජ්‍ය පක්ෂයට ඔතනට යන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. (ස)
මමත් විදේශ රැකියාවක් කරලා ඇවිල්ලා දැන් ලංකාවේ ඉන්නේ. කොහොම වුණත් අපි වෙන රටකට යන්නේ වෙන මිනිසුන්ට කියන එක මතක තියාගන්න වෙනවා. මම වැඩකළ තැන ලාංකික සිංහල දෙමල මුස්ලිම් හැමෝම වැඩ කළා. මේ කට්ටියගෙන් බොහොම දෙනෙක් ලංකාවේ විදියට හැසිරෙන්න පටන්ගත්තා. අන්තිමට වැඩි දෙනෙකුට ආපසු එන්න වුණා. මම නම් හිතන්නේ අපේ මිනිසුන්ගේ වැරදි නිසා තමයි රැකියාවේ ප්‍රශ්න වෙන්නේ. (නි)
බන්දුල පෙරේරා මෙහෙම තැන් වලදී කිරිමැටි ගිලපු කිඹුලෙක් වගේ ඉන්නේ. කෝ මොනවද මේ දේවල් ගැන කියන්නේ ? අපෝ සුළු දෙයක් . ඕවා කොහෙත් වෙනවා . එච්චරයි. (ස)
ගෞරව ලබන්න, ගෞරව කරන්න හැම මනුස්සයෙකුටම අයිතියක් තියෙනවා. ඒක සංඝයා වහන්සේ කෙනෙක් හෝ සාමාන්‍ය මනුෂ්‍යයෙක් කියලා වෙනස් වෙන්නේ නැහැ (නි)
මේ දේවල් වැරදියි රට යන අත හරි නැහැ.(හේ)
වැඩිදෙනෙක් බනින්නේ ගිහි පක්ෂයටනේ! (නි)
මොන බලය වුණත්, මොන සේනාව වුණත් කාර්යාල වලට මෙහෙම කණ්ඩායම් ලෙස පැමිණ, නිලධාරීන්ට සැරවැර දාලා රාජකාරියට බාධා කරන්න පුළුවන්කමක් නැහැ (නි)
සංඝයාත් දැනගන්න ඕනෑනේ තැනකට ගියාම සංවරව හැසිරෙන්න. චණ්ඩි වගේ හැසිරෙන්න ගියහම තමන්ට තිබෙන ගෞරවය නැතිවෙනවා. (නි)
ඔය වගේ තරහින් කතාකළවිට අහන්න පැමිණි ප්‍රශ්නය යටපත් වෙනවානේ. දැන් බලන්නකෝ හැමෝම කතා කරන්නේ හාමුදුරුවන්ට බැන්න එක ගැන. නියම ප්‍රශ්නය යටපත්වෙලානේ. (නි)
මිනී දහස් ගණනින් රටට ගෙනෙද්දී සමහරු කියන්නේ "හාමුදුරුවන්ට තව ඉවසන්න තිබුන " වගේ මෝඩ කතා. දැන් ඉවසුවා මදිද? පිච්චුන මිනී කීයක් ගෙනාවාද? ඕව කියන මිනිස්සුන්ට සව්දියේ වහල් වැඩ කරන, ගුටි කන,මිනිස්සුන් ගැන ගානක් වත් නැහැ. (නදී)
මේ කළේ ඇත්තටම හොඳ දෙයක්. අරමුණ කුමක් වුවත් අහිංසක මිනිසුන් වෙනුවෙන් මෙහෙමවත් කෙනෙක් ඉන්න එක ලොකු පිනක්. ඔබ වහන්සේට ශක්තිය තවත් ලැබේවා! (නි)
බෞද්ධයාට තිබුණු ලොකුම ධනය තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. ඒක නැතිවෙන්න අපි ඉඩදෙන්නෙ නැහැ (නි)
බොහෝ දෙනෙක් සිතන්නෙ නගර හා මාර්ග සංවර්ධන තමයි රටේ සංවර්ධනය කියලා. ඔවුන්ට නොදැනෙන නමුත් රටේ සාමාන්‍ය ජනතාවට දැනෙන අත්‍යවශ්‍ය සංවර්ධන වැඩ කොතෙක් නම් තියෙනවද? විදේශ සේවයත් ඉන් එකක්. (නි)
කාර්යාලයකට එක පාරට කඩා පැනලා එහෙම පුලුවන්ද? යම් ක්‍රම වේදයක් තියෙනවනේ අපේ පන්සල්වල උනත්. ඇයි මේ එක එක සේනා හදාගෙන වැඩකරන්නේ ? (නදී)
රංග මම ඔයාගේ ප්‍රතිචාරයට ගරු කරනවා.ඉදිරියේදී ඒක වෙනස් කර ගන්නම්. (ස)
මොනවත් කියන්නේ නැති බන්දුල ගැන කතා එපා. බන්දුලට තරහ යන්නේ ලොක්කට බෑ කිවුවොත් විතරයි. මම කියන්නේඑ් නිසා ලොක්ක හැමදාම රජා කියලයි. මේ එක ගෝලයෙක්.(අ)
වෙනත් පුවත් පතක තිබුනේ, හාමුදුරුවෝ මේ කාර්යාලයට අනවසරයෙන් ඇවිත් බාධා කලා කියල. හාමුදුරුවෝ මොනවා කලත් කිව්වත් යථාර්තය තමයි අද වෙනකොට විදේශ සේවාව අන්තිම අඩියකට වැටිලා කියන එක. ඕනෙම විදේශ ගතවෙච්ච කෙනෙක් දන්නවා මේකට වෙලා තියෙන දේ. ඉතින් වරද පෙන්නලා දෙන කෙනාගේ ඇඟිල්ල ගැන කතා නොකර වැරැද්ද ගැන කතා කලොත් නේද හොඳ. (ස)
ඔතනට වෙන කෙනෙක් අාව නම් මෙයා නැවෙන හැටි බලාගන්න තිබුනා ! (අ)
හමුදුරෝවෝ කලේ චන්ඩි කමක්. ආයතනයකට යන විදිහක් තියනවා. ඕනේ ඕනේ විදිහට යන්න බැහැනේ. ඔතන පගාවට ගොඩක් දේවල් වෙන තැනක්. ප්‍රශ්න තියනවා. එක ඇත්ත. එත් හාමුදුරුවෝ මාධ්‍ය අරගෙන චන්ඩි වගේ ඔහොම යන්න බැහැ. එ්ක වැරැද්දක්. හරි දේ කරන්න බහුතරයක් පුරුදු වෙලා නැහැ. ලංකාවේ. විනයක් නැහැ. ලොකුවට පටන් ගන්නේ ප්‍රෞඩ ජාතියක් කියල. එත් හැදියාව බින්දුවයි. හොර ඒජන්සි වලට සල්ලි ගෙවල හොර උප්පැන්න හදාගෙන හොරෙන් රට ජොබ් වලට යන්නේ රටට සල්ලි හොයන්නද? රජයේ ආයතන වලට සල්ලි හොයන්නද? නැහැනේ. තමන්ගේ ප්‍රශ්න විසඳගන්න. ඒවා වියදම් කරන්නේ තමන්ගේ ජිවිතේ වෙනුවෙන්. එහෙම රටකට ගියාට පස්සේ බල්ලෝ වගේ ඉන්න වෙනවා මිසක් අපිට සාධාරනයක් බලාපොරොත්තු වෙන්න බැහැ මොන දේ උනත්. අපේ රටවල් අය ගණන් ගන්නේ නැහැ. ඉතින් අපි වගේ දුප්පත් රටවල් අසරණයි ඔය වගේ රටවල් ලඟදී එක තේරුම් ගන්න. අන්තිමට විදේශ සේවා එකට බැනල වැඩක් නැහැ. එයාල ඉල්ලන් කන්නේ. බොරුවට රෙජිස්ටර් ෆීස් කියල තුට්ටු දෙකක් අරගෙන ලක්ෂ ගානක ඉල්ලන් කනවා. ලිබ්යාවෙන් කීපාරක් ගුවන් යානා යවල සේවකයෝ ගෙන්න ගත්තද? හාමුදුරුවරු දුප්පත් මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ? ඒ පවුල් වෙනුවෙන් මොනවද කරන්නේ? කිසි දෙයක් නැහැ. ඒ නිසා රට යවන්න එපා කියන එක වැරදී. මේ රට යවන්න එපා කියන කවුරුත් ඒ දුප්පත් මිනිස්සුන්ට කන්න කටක් දීල තියනවද? අායතනයේ වැරදී තියනව ගොඩක්. ඇඟිල්ල දික් කරපු එක වැරදී නැහැ. (ස)
මේ අර සේන මේ සේන යුද්දේ කාලෙ කොහේද හිටියේ? මේ වගේ චන්ඩ් හිටිය නම් යුද්ධය වසර තිහක් මොකට ගෙන ගියාද කියල හිතෙනවා. (ස)
හාමුදුරුවන්ට ප්‍රශ්නෙ තියෙන්නේ අහිංසක මිනිස්සු ගැන නෙවෙයි . ඒජන්සිය ගැන. කථාව හොඳට අහන්න. (ස)
හාමුදුරුවරු ඔය ගැටුම්කාරී ප්‍රශ්නවලට පැටලෙන්න හොඳ නැහැ. සඟ ගෞරවය නැති වේවි. ගිහියන්ටම දොස් පවරන්න බැහැ. රතන හිමි කියන්නේ මහින්ද පරද්දන්න හැම දේම කරනවා කියලා. හරි ෂෝක්. (නදී)
හාමුදුරුවන්ට මෙහෙම නම් දුප්පත් අයට කොහොම සලකයිද.වැස්සකටවත් පන්සලට ගිහින් නැති බව පේනවා (අ)
විදේශ සේවයට යන අයට සලකන විදිය බලන්න යන්න ඕනේ ගුවන් තොටුපලේ තියන විදේශ සේවා කාර්යාලයට .....ඒගොල්ලන්ට පගාව දීල අපි රට එන්න ඕනේ...කිසිම සේවයක් වෙන්නේ නැහැ මෙයාලගෙන්....ලොකු අය මෙහෙමනම් කටු කන අය කොහොමද ?(අ)
මෙවන් ආකාරයේ හැසිරීම් දකිද්දී පුදුම හිතෙනවා අපිට (නි)
රට කොහොට ද
විදේශ රැකියා යන අයට විදේශ සේවා කාර්යාලය මගින් කාර්යක්ෂම නිසි සේවාවක් ඉටුවන්නේ නැහැ.ගුවන් තොටුපලේ තියන විදේශ සේවාකාර්යාලය මගින් කරන්නේ රට යන අයගෙන් මුදල්අය කිරීම පමණි 2011/2012 O/ L A / L සමත් ළමුන්ට ශිෂත්ව දෙන්න විදේශ සේවා කාර්යාලයට අරමුදල් නැතිලු. ඒත් රටවිරු රියල් ස්ටාර් පවත්වනවා කොටි ගණන් මුදල් වැයකරලා. පරීක්ෂණයක් පවත්වන්නේ නම් රට රට වල නිළියොත් එක්ක රිඅල් ස්ටාර් කරන්ට යන වියදම් සහ හෝටල් බිල් ගැන විස්තර දෙන්න අපි සුදානම්. මාධ්‍යයෙන් ඉල්ලා සිටින්නේ මේවා ගැන හෙළිකරන්න කි. (ස) .
මේ හැසිරුන ආකාරය නම් අනුමත කරන්න බැහැ. පේනවා නේද ඡායාරූප? සංඝරත්නයට අපි ගරුකළ යුතුයි (නි)
මෙහෙම කරන එක වැරදියි, සංඝයා වහන්සේලාට (නි)
අහිංසකයින් වෙනුවෙන් හඬ නඟන ස්වාමින් වහන්සේට අතපය දික්කරන මෙවන් නිලධාරීන් අහිංසක මිනිසුන්ට කොහොම සළකයිද? (නි)
සෞදියෙන් විතරක් වසරකට සිරුරු කොපමණ මෙරටට එනවාද? ඇණ ගහගෙන එන අයගේත් සීමාවක් නැහැ. අහිංසක කාන්තාවන්ගෙන් පිටවන ගිනි වලින් ඔය ලොකු පුටු රත්වන කාලය වැඩි ඈතක නැහැ. (නි)
මෙවන් නිලධාරීන්ගෙන් අපි කුමක් බලාපොරොත්තු වෙමුද? (නි)
අපේ ඇඟේ ලේ රත්වෙනවා මේවා දකිනකොට... (නි)
දුප්පත් මිනිසුන් දහඩිය හෙළා හම්බ කරනවා, එයින් රටට සෙතක් වෙනවා. මේ අය රටට එසේ උදවු කරන අයට මොනවා වුණත් කමක්නැති ගානට නේද ඉන්නේ? හොඳ වැඩක් හාමුදුරුවනේ. ජාතියේ මුර දේවතාවන්ට සළකන්න දන්නේ නැත්නම් මේ බෞද්ධ රටේ ඔවුන් තනතුරු දැරිය යුතුද යන්නත් මට ඇතිවුණ ගැටළුවක් (නි)
විදේශ සේවා කාර්යාල පවත්වාගෙන යන්නේ විදේශ රැකියා වලට යන අයට සේවයක් කරන්න නොවේ මුදල් හම්බ කරන්න විතරයි. මේ වගේ ඉන්න මිනිස්සු සමහර කකුල් හතරේ සතුන්ට වඩා පහත් දේවල් කරනවා මුදලට නොකරන දෙයක් නැහැ. බුද්ධාගම කීවට විතරක් මදි ඇඟේ ලේවල පවා ධර්මය ගමන් කරන්න ඕනි. එතකොටයි බෞද්ධයෙක් කියල කට ඇරලා කියන්න පුළුවන්. රටේ 75%ක් විතර බෞද්ධයෝ ඉන්නවා ඒ උනාට සියලු දෙනාම වෙනත් ඇදහිලි බදාගෙන තමන් අදහන ආගම ධර්මය ගැන කිසි අවබෝධයක් නැහැ. (නදී)
ටික දවසක් යනකොට සමහර උසස් පුටු වලට පත් වෙන නිලදාරින්ට තමන් කවුරුන්ද යන්න අමතක වෙනවා. මෙයත් එහෙම කෙනෙක් තමයි. මේ වගේ නිලදාරීන්ට තලන්න වෙන්නේ මඩු වල්ගෙන් තමයි (නදී)
ආණ්ඩුව වෙනස් කිරීමට කාලය හරි. (නදී)
විදේශ සේවා කාර්යාංශයෙන් වන අක්‍රමකතා ගැන පොත් වල ලියනවා නම් පොත් ලක්ෂ ගානක් ලියන්න පුළුවන්. මම එහෙම කියන්නේ අපි මෙතෙක් ලබා ඇති අත්දැකීම් වලින්. අද අහිංසක සංඝයා වහන්සේලාට මේ ප්‍රශ්න වලට මැදිහත්වෙන්න වෙලා තියෙන්නේ අද ඉන්න දේශපාලකයන්ගේ වැරැද්දෙන්. වැදගත් නිලධාරියෙක් වශයෙන් දබරඟිල්ල දික්නොකර, කලබල නොවී මීට වැඩිය හොඳින් අදාල කාරණා සාකච්චා කරගන්න තිබුනා නොවේද? (නි)
ඔබ වටා සිටින නිලධාරීන්ට ඔබව හමුවීමට ඉඩ නොදෙන්නේ එම නිළධාරීන්ගේ දුෂණ හෙළිවන නිසා. විදේශ සේවා නියුක්ති කාර්යංශය විනාශ කර ඇත්තේ එ් නිලධාරීන්. යම් හොද නිලධාරියෙක් බ්ලැක් ලිස්ට් කරන ඒජන්සිය ඔහුටත් හොරෙන් නැවත බ්ලැක් ලිස්ට් කරපු එක අයින් කරනවා. ඒවාට කුට්ටි ගනන් ලැබෙනවා (නදී)
ඔබ කාර්යංශය යටතේ පවතින තානාපති කාර්යාල වල කම්කරු අංශයේ සහ සුරක්ෂා නිවෙස්වල වැඩ කරන බොහෝ නිලධාරීන් ගෘහ සේවිකාවන් වෙනුවෙන් එම රටවල් සමග නඩු කියා වන්දි අරන් දෙන්නේ නැහැ. ඔවුන්ට දැනුමක් නැහැ. ඔවුන් කරන්නේ හාම් පුතාගෙන් සහ එරට ඒජන්සි වලින් කුට්ටි ගනන් මුදල් කඩා ගෙන අර අහිසංකයින්ව හිස් අතින් එවන එක. වහාම සුරක්ෂා පාලනයට හොඳ උගත් කොන්ද පන ඇති නිලධාරීන් යවන්න. එවිට එරටදීම සාදාරණය ඉටු වේවි. බොහෝ ප්‍රශ්ණ අඩුවේවි. බොරුවට මාධය වලට හංගන්න සහන පියසට යවනවා. ඒවා නඩත්තු කරන්න කෝටි ගණන වැය කරනවා. ඒ මුදලින් ගෘහසේවිකාවන්ගේ සුභ සාදන කටයුතු කරන්න (නදී)
රැකියා සඳහා විදේශගත ගත වන අයෙකුගෙන් නොයෙකුත් ගණන් අවුරුදු දෙකකට වරක් අයකරනවා. ඒ ගෙවන හැම කෙනෙක්ම ප්‍රශ්න වලට මුහුණදීලා වන්දි ඉල්ලන්නේ නැහැ. එතකොට ඒ මුදල් වලට මොකද වෙන්නේ? අඩුම තරමේ මේවා ගෙවන උදවියටවත් අයිතියක් නැද්ද මේ ගැන දැනගන්න? (නි)
මේ සම්බන්ධයෙන් මම කිසිත් නොකියමි (නි)
විදේශ සේවා නියුක්ති ආයතනයේ සියලු තත්ත්වයන් මෙම ලියා තිබෙන දේවලින්ම පැහැදියි. (නි)
අත අරින්න එපා හාමුදුරුවනේ. ඔය කන්නේ බොන්නෙත් අපි එවන සල්ලි වලට පින්සිද්ද වෙන්න. එ්ත් අපිට සලකන්නේ බල්ලෝ බළල්ලු ගානට. දේශපාලන ගැති කම් කරලා පුටුවල වාඩි වෙලා දැන් අපිටම පාඩම් උගන්වන්න එනවා. මේවා දැක්කම අපේ ලේ පිච්චෙනවා. (නදී)
සංඝගරත්නයට ඔන්න ඔහොම සලකන කොට හුදී ජනතාව ගැන කුමන කතාද? (නදී)
බන්දුල පෙරේරා ඔන්න බලාගන්න (නදී)
ඔය වගේ උදවිය නිසයි අතේ ලාංඡනයත් අහිමි උනේ. ඉදිරි කාලයේදී ඔය දික් කරන ඇඟිල්ලත් අහිමි වෙයි වගේ (නදී)
බන්දුල පෙරේරා , හොදට බලාගන්ඩ වගකීමක් ගන්න බැරි අයව ඉහල තනතුරු වලට පත්කලාම වෙන දේ. මේ තමුන් ඉහලින් වර්ණනා කරන කට්ටියගේ තරම තමා. (නදී)
මම බියුරෝ අත්සන් කළේ නිලධාරිනියක් ඉදිරිපිට.එයා නිකමටවත් ඇහුවේ නැහැ වීසා එකේ විස්තර. මගේ පාස්පෝර්ට් එකේ රැකියාව නෙමෙයි වීසා එකේ තිබුනේ. ඉහළ රැකියාවක් වුණාට ඒජන්සිය හදලා තිබුනේ අඩු රැකියා නාමයක්. (නි)
උතුම් සත්‍ය බෞද්ධ ධර්මය අපි හොඳට දන්නවා. අපේ පණ තිබෙනතුරු ඒක විනාශ කරන්න දෙන්නේ නැහැ. (නි)
ආස්චර්ය හේදිලා තියෙන්නේ මෙහෙම තමයි (නදී)
කවුරුහරි නිලධාරියෙක් වැරැද්දක් කළා නම් හෝ කරනවා නම් ඒවා ගැන හොයලා දඬුවම් දෙන්න අදාල ආයතන වල නිලධාරීන් ඉන්නවා. ඒ අය ක්‍රියාත්මක නොවෙනවා නම්, ඒ අයට විරුද්ධව ක්‍රියාකිරීම බලධාරීන්ගේ රාජකාරියක්. (නි)
පිටරට දුක්විඳින මිනිසුන්වත් බිල්ලට දෙනවා. පුදුම කළකිරීමක් තියන්නේ මේවා ගැන (නි)
තව මාස 02 යි ඊට පස්සේ බලාගමු. (නදී)
ඔබ වහන්සේ මේ ගත් ක්‍රියාමාර්ගය හදවතින්ම අගය කරනවා (නි)
හාමුදුරු කෙනෙක්ටවත් ආචාරශීලීව කතාකරන්න බැරි අය කොහොමද අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්නේ. අපේ දහදිය මහන්සියෙන් හම්බකරගන්න එනකොටත් ඉන්ෂුරන්ස් කියල සල්ලි ගන්නවා. ඒවාට වෙන දේවල් දෙවියෝ තමයි දන්නේ. (නදී)
අපේ රටේ සංඝයා වහන්සේලාට මෙහෙමද ගිහි පක්ෂය සළකන්නේ? (නි)
මහජන මුදලින් වැටුප් ගෙවා, මොවුන් කරන්නේ මැදපෙරදිග යන අහිංසකයින් ලංකාවට එවන සල්ලි වලින් නඩත්තු වෙමින්, එම අහිංසකයන් පාවාදීම සහ තවත් කරදර වලට පත්කිරීමද? මෙම ඡායාරූප දුටුවම ඔවුන් ගැන ඇතිවන කෝපය මෙහි ලියා පළකිරීමට නොහැක (නි)
ඔබ අනුන්ට ගරුකළහොත් අනුන් ඔබට ගරුකරනු ඇත. ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙලෙස දබරඟිල්ල දිගුකිරීම වුණත් සාධාරණීකරණය කරන්න අමාරුයි නේද? (නි)
අන්තිමට මේවා කොහෙන් කෙළවර වෙයිද කියලයි මට බය (නි)
හමීඩ් මල්ලි, යුද්දේ කරද්දී ඔයාල කොහෙද හිටියේ? යුද්දයට මුහුණ දුන්නේ සිංහල ගමේ කොල්ලෝ. ඔබට මතකද කොළඹ විහාරමහාදේවි පාර්ක් එක ගාව පෙළපාලිය යුද්දේ නතර කරන්න රට බෙදන්න කියල. නගෝ, මෙර්වින් සිල්වා, නිමල්ක වගේ අය කල උද්ගෝෂණය? එකට විරුද්ධව ඉදිරියට අවේ අපේ හමුදුරුවරු ප්‍රමුක බලකායවල් තමයි. යමක් දැනගෙන කට අරින්න. (ස)
අනේ දෙවියනේ! මේ මොකද වෙන්නේ? (නි)
බුදු පිළිමයකුත් මෙයාගේ කාමරේ තියෙනවා පේනවා (දිල්)