ජනපතිවරණ ජයග්‍රහණය සඳහා සහයෝගය දැක්වු භික්ෂුන් වහන්සේලා පිරිසක් අරලියගහ මන්දිරයේදී අද (14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වුහ.
ගිරාඹේ ආනන්ද අනුනායක හිමි, කථිකාචාර්ය දඹර අමිල හිමි හා තිනියාවල පාලිත හිමියෝද මේ අවස්ථාවට එක් වුහ.
දින සියයේ වැඩපිළිවෙළ යටතේ විහාර හා දේවාලගම් පනත සම්මත කර ගැනීමටත් ,සංඝ අධිකරණය නැවත පිහිටුවීමටත් රජය බලාපොරොත්තු වන බව වික්‍රමසිංහ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු හිමි තම එකම සහ සබැ නායකයා ලෙස පිළිගන්න (අ)
හාමුදුරුවන්ට දේශපාලනය මම අනුමත නොකරමි (නි)
බලමුකෝ ඉදිරියට.... (නි)
උද්දික, ඔවා දෙනු පරහට තම සම්මතයෙහි පිහිටා සිට කියලා පැරණි කියමනක් අහලා නැද්ද? මේ හාමුදුරුවරු කළේ රට විනාශවෙන එක වළක්වාගන්න ඉදිරියට ආ එක. (නි)
සිවුරේ පාටටත් පොදු එකම පාටක් ගෙනායුතුය (නි)
ආ! මේ අර ලස්සන මාළිගාව නේද? හැබැයි සමහරු කිවුවෙ නම් මේකට එන්නේ නැහැ කියලා නේද? (නි)
වර්තමානයේ සමහර භික්ෂුන් අතින් සිදුවන දුෂණ අපරාධ සඳහා දඬුවම් දීම සංඝාධිකරණයකින් කළහැකිද යන්න ගැටළු සහගතයි. සාස්තරකාරයෝ කේන්දරකාරයෝ වගේ අය ශාසනයෙන් ඉවත්කළ යුතුයි (නි)
කොහොමද සැප ඉස්සර තිබුනේ මොන කෙහෙල්මල කරන්නත් සිරිකොත පමණි (බ)
පොදුවේ සංඝයාට අදාළ දේවල් කථා කරනවානම් ඒ ඒ පක්ෂයේ හාමුදුරුවරු නොව පොදු මහාසංඝයා සමඟ සාකච්ඡා කළයුතුයි නේද? (නි)
ගිරාඹේ නායක හාමුදුරුවෝ සහ තිනියාවල නායක හාමුදුරුවෝ කවදත් අපේ යු එන් පි එකට විශාල සේවයක් කරන ස්වාමීන්වහන්සේලා. . (නදී)
මේ ඉන්නේ එජපයේ හාමුදුරුවරු. කලින් හිටියේ නිදහස් පක්ෂේ අය. (නදී)
හාමුදුරුවරුන්ට දේශපාලනය මමද අනුමත නොකරමි (නි)
හාමුදුරුවරු ඉන්නේ ඕන පක්ෂ වලට සේවය කරන්න නෙමෙයි. කිසිම හාමුදුරුනමකට පක්ෂ දෙශපලනය උචිත නැහැ (අ)