සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අපවත් වී වාදල අග්ගමහා පණ්ඩිත සාහිත්‍යසූරි බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමියන්ගේ ආදාහන පුජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (07) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රය අසල ක්‍රිඩා අමාත්‍යංශ ක්‍රිඩා භුමියේදී සිදු කෙරිණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රමාත්‍ය දී.මූ.ජයරත්න ඇතුළු මැති ඇමතිවරුන්ද, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ නියෝජිතයන්ද ගිහි පැවිදි අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරිණි. කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ සිට රන්සිවිගෙයක තැම්පත් කළ දේහය නිදහස් චතුරස්‍රය වෙත රැගෙන ආවේ ත්‍රිවිධ හමුදාවේ ගෞරව සහිත රිය පෙරහැරකිනි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සෝචනියයි. මෙවන් නායක හිමිවරු අහිමිවීම වත්මන් ශාසනයට කෙසේවත් දරාගැනීමට පුළුවන් කමක් නැත. උන් වහන්සේ කළ සේවයේ අගය සදා අමරනියි. උන් වහන්සේ බිහිකළ සිසු පිරිසද සුවිශේසි. අපේ ගරුතර නායක හිමියන්ට නිවන් සැප ලැබේවා! (අ)
උතුම් බුදු පුතෙක්! මාහිමි, වඳිමි පාද පතා නිවන... (නි)
අපිට දුක ගම අමතක කර කොළඹට කිරි ගමට කැකිරි දීපු එකට. අපේ නැති බැරි කමට මොනවා කරන්නද. (නදී)
නිවන් සැප ලැබේවා!! (නි)
හාමුදුරුවන් අපෙන් වෙන්කළේ කවුද? (නදී)
සිහල සකු මගධ ඉංග්‍රීසි හා හින්දී.... මැනවින් උගෙන තෙවලා දහමෙන් සුසැදී... බණදම් දෙසා අප සැනසු පෙර දිනදී... හිමියනි කිමද මේ ලෙස ඔබ වැතිර නිදී.... සරු සඟ බිමේ සුවිසල් රුක් බිම පෙරළී... යනවිට සිත සැලෙයි මහා බියකින් ඇළලී.... ඇතිවන බවක් ඒ වැනි රුක් යලි නොසැලී.... නොදකින අප සිටින්නේ කොහොමද නොසැලී.... (නි)
ඔබ වහන්සේ කළ සේවය ඉතා අනර්ඝයි (නි)
නිවන් සැප ලැබේවා!! ශ්‍රී ලංකාවේ වැඩ විසින අනෙකුත් හිමියනට හොද ආදර්ශයක් (නදී)