මහා චක්‍රි සිරින් ද්‍රොං තායිලන්තයේ රජකුමරියගේ සීගීරි සංචාරය වාර්තා කිරිමට ගිය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට අවසර නොදෙන ලෙස සංචාරක අමාත්‍යංශයෙන් ජනාධිපති ආරක්ෂක අංශයට දන්වා ඇත.
සීගීය නැරැඹීමට පැමිණි අවස්ථාවේදී සීගිරිගලේ සිට මාධ්‍යවේදීනට ආපසු හැරී එන්නට සිදු විය.
තායිලන්ත රජ කුමරිය සමඟ සිගිරි පැමිණ සිටි විදුලිබල ඇමතිනී පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ ලංකාවේ මාධ්‍ය හැසීරීමේ ප්‍රශ්නයක් නිසා මෙවැනි තිරණයක් ගන්නට ඇතැයි තමන් සිතන බවයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් රජ කුමරියගේ සීගිරී සංචාරයට මාධ්‍ය ආවරණයක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව මාධ්‍යවේදීන් සීගිරීයට ගොස් සිටිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි නගින්නේ පරිස්සමින්. (නි)
මාධ්‍ය වේදීන්ට කන්ඩ දීල ලැප්ටොප් දීල කටපියාගෙන ඉන්න කිවා නේද? දැන් ඉතින් පලා තමා .(නදී)
මාධ්‍යයට කෙසේ වෙතත් බොදු රටකින් පැමිණි උතුම් රජකුමරියටවත් එතරම් පිළිගැනීමක් කරලා නැති පාටයි.(නදී)
අපේ ඔටුන්න හිමි කුමාරයා බලන්න කුමාරිකාවෝ එන්නේ.(නදී)
රාජුන්, පෑන නොවෙයි බලවත් පෑන තිබෙන අතයි. දැන් ඒ පෑන තිබෙන්නේ අයෝබල වූ අත්වල. දැන්වත් ඔය පෑන් තියෙන අත් ශක්තිමත් නොවුනොත් හෙට දවසේ ඔය අත්වලින් ඔයිට වැඩිය ඔබට වන දුක්ගැනවිලි ලියන්න වේවි. (නි)
මුකුනු වැන්නද, ගොටු කොළද ගිරා පලාද?(නදී)
පවිත්‍රා මැඩම් කියන එක හරි (නි)
සංචාරක අමාත්‍යංශයෙන් ආරාධනා කරන කිසිම දෙයකට මීට පසු මාධ්‍යවේදීන් නොයා යුතු බවයි මගේ අදහස. (නි)
සීගිරිය විකුණන්න නෙවෙයිනේ හදන්නේ. ඉතින් මාධ්‍යවේදීන්ට එන්න නොදෙන්නේ ඇයි. (නි)
කමල්, ඔයා හරියටම හරි (නි)
මීඩියා වල අයගේ කැමරා පොළවේ ගහපු රටේ පලා බෙදිල්ලත් අරුමයක්ද? (නි)
ඇත්තටම ලංකාවේ මාධ්‍ය හැසිරීම පිළිබදව ප්‍රශ්නයක් තියනවා. හැබැයි ලංකාදීපයේ නෙමෙයි (නි)
ඔතන අර දේවිගේ උපදෙස් මිස සිගිරි කලමනා කාරිත්වයේ වරදක් නැහැ. ඔවුන්ගේ තියන එකම වරද කොන්දක් නැති කම හා නිවට කම විතරයි. ඒ නිසා සීගිරි නිලධාරීන්ට බනින්න එපා, (අ)
කියන්න බැහැනේ. අපි දන්නවනේ (නි)
රජ කුමාරි බාර දීලා තියෙන්නේ කාටද අප්පේ? (නි)
පවිත්‍රා නෝනා මාධ්‍ය ගැන ගොඩක් දේ දන්නා හැඩයි. (නි)
අනේ අපොයි! (නි)
මොකක්ද අප්පේ මේ හැසිරීමේ ප්‍රශ්නය? මාධ්‍යවේදියෙක් නිර්වස්ත්‍රව බලවත් බවලතෙක්ගේ ෆොටෝ එකක්වත් ගන්න ගියාද? කාට කියන්නද මේ අවනඩු? (නි)
මේක මාධ්‍යය ආචාර ධර්මයක් නොවේ (නි)
අපෝ එතුමියගේ හැසිරීම ගැන අපි හොඳට දන්නවා මට අඩෙනවා තනි ඇහැට
මෙය ඒ රටේ ඉල්ලීම අනුව වෙන දෙයක් වෙන්න පුළුවන්. මෙහෙදී රජ පව්ලේ ඡායාරූප ගන්නේ එයාලගේ මාධ්‍ය ආයතනය පමණි. (නි)
අනේ අපොයි! (නි)
පවිත්‍රා නෝනා කියන්නේ ලංකාවේ මාධ්‍ය හැසිරීම වැරදියි කියලා වෙන්න ඇති. ඒ එතුමියගේ පුද්ගලික අදහස ද? රජයේ අදහසද? දේශපාලකයින්ගේ හැසිරීම ගැන සලකනවා නම් ඒකටත් වාරණයක් පනවන්න වේවි නේද? (නි)
හැසිරීමේ ප්‍රශ්නයක් වගේ තමා.මේ ටික ඇති. (නි)
දැන් මාධ්‍යවේදියෝ ඕනෑ නැතුව ඇති. යුධ කාලේදී විතරයි මාධ්‍යවේදියෝ ඕනෑ (නි)
කවුරු කවුරුත් දැන ගත්තොත් හොඳයි පෑන පොලු, මුගුරු, කඩු, තුවක්කු, බොම්බ ආදී හැම එකකටම වඩා බලවත් බව. (නි)
මාධ්‍යවේදීන්ට වඩා බොහොම ශීලාචාරව නම්බුකාර විදිහට හැසිරෙන හන්දද දේශපාලඥයෝ අරගෙන ගියේ. අනේ මට හිනහත් යනවා. (නි)