සීගීරියේ ගම් දහයක් පමණ හොල්ලාගෙන සිටි ‘නියපොත්තා’ නම් වල් අලියා නිර්වින්දනය කර සීගිරිය රන්ගිරිගමදී අල්ලා ගත් බව වන ජීවී නිලධරයෝ කියති.
සීගිරිය, දඹුල්ල හා පලාගල භිෂණය පැතිරවු මේ අලියා අතින් කිහිප දෙනෙක්ම මරුමුවට පත් වුහ.සුදුසු පරිසරයකට සතා මුදා හැරීමට නියමිතය
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි, අනේ පොඩි කුඩුවක් අරගෙන එන්න. ඔයාට මේ චුටි පැටියව හුරතලේට ඇති කරන්න ඉල්ලලා දෙන්නම්. මෙයාට කියලා ඔයාගේ නියපොතු ටික සුද්ද කර ගන්න පුළුවන්. ඔයාලගේ වත්තේ තණකොළ ටිකක් කන්න දුන්නම හොඳටම ඇති. (ස)
මේ කාලේ අලින් හසුරුවන එක හරිම අමාරු වැඩක් වෙලා. දෙකක් නෑ ඊයේ පෙරේදා මාතර...... (ස)
වන ජීවී නිලධාරීන් කරන මේ සේවයට මගේ උපහාරය. (ස)
අලියෙක් හින්ද ගෙනි යන මගදී මැරෙන එකක් නැහැ. (ස)
මේ කැලේ අලි පව් නේද?? (ස)
ලෑලි දිරල නැති බර වාහනයක් හරියට හොයලා මෙයාව ගෙනියන තැනකට අරගෙන යන්න .......මතකනේ කලින් කරපු ගොන් වැඩේ ? (ස)
උපාලි එතොකොට අපේ රජ්ජුරුවෝ .(නදී)
ගුණේ, ඔයා මගේ වත්තේ තණ කොළ ටික දෙන්ට කියන්නේ ඔයාගේ වත්තේ තණකොළ ටික ඉවර නිසාද?දැන් බඩු මිල ඉහලයිනේ.අලි හුරතල් බලන්ට මම නම් ආසයි. (ස)
බුදු අම්මෝ මේ සතා මනුස්සයොත් එක්ක මාර තරහකින් ඉන්නේ. ගෙනියන එකත් ගොඩක් පරිස්සමින් කරන්න..(නදී)
පනාමුරේ... පනාමුරේ පනාමුරේ ඇත් රාජා- පනාමුරේ ඇත් රාජා අභීත නද පා හස්තිරාජා ඒ සටන් කෙළේ තෙද පා පනාමුරේ ඇත් රාජා "ලංකාවේ ප්‍රථම කතානායක ප්‍රැන්සිස් මොලමුරේට රජයෙන් ලියා දුන් පුරා අක්කර 99,000 ක් පමණ වන මහා වන තීරයේ ජීවත්වූ අලි ඇතුන් විශාල ප්‍රමාණයක් අල්ලා හීලෑ කැර විකුණා දැමීමේ 1928 පමණ කාලයේ සිට පැවැති ඇත් ගාල් ක්‍රමය මුළුමනින්ම අහෝසි වී ගියේ මේ පනාමුරේ සද්දන්තයා වරිගය වෙනුවෙන් කළ මහා සටනේ ප්‍රතිඵලයක් වශයෙනි. 1950 අගෝස්තු 9 වැනි දා මේ සත්ත්වයා තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පූජා කෙළේය. ඇතුන්ගේ නිදහස වෙනුවෙන් පනාමුරේ අලියාගේ දිවි පිදීම මුළුමහත් ලෝකයේම ඇත්ගාල් ක්‍රමය තහනම් වීමට ප්‍රබල හේතුවක් විය. " (උපුටාගැනීමකි ) මට මෙයා දැක්කම පනාමුරේ ඇත් රාජා මතක්වුණා..(නදී)
පද්මිණි , මාත් හිටපු ගමන් අලි හුරතල් දානවා කැමති නම් සෙට් වෙමු මොකද කියන්නේ ? (අ)
පද්මිණි මේක කියන්නත් බයයි. වනජීවී ඇමතිතුමා දැනගත්තොත් වැඩේ කචල්. රාහසක් වසයෙන් රැකගන්න. මගේ ලගත් ඉන්නවා පොඩි අලි පැටියෙක්. මගේ වත්ත ඉවරයි. ඔයාගේ වත්තේ ඉඩ තියෙනවනම් දෙන්නම්. පොඩ්ඩක්කාල ටිකක් සෙල්ලම් කරයි. ඊට පස්සේ නාවන්න තියෙන්නේ..(නදී)
වන අලින්ට ඉන්න කැළෑවක් නැති එකයි මේ ප්‍රශ්නවලට හේතුව. අපි ඔවුන් රැකගනිමු (නි)
කොහොමද තේජස? දකින්න ආසයි. මහා ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවෝ පෞරව රජතුමාව යුද්ධයෙන් පරදවල තමන් ලඟට අරන් ආවාම ඇහුවලු 'මා ඔබට දැන් කෙසේ සැලකිය යුතුද' කියලා. පෞරව රජතුමා කිව්වලු 'මට රජෙකුට මෙන් සලකව' කියලා. ඇලෙක්සැන්ඩර් රජු තමන් දිනාගත් රාජ්‍යය පෞරව රජතුමාට ආපසු දුන්නා. මේ ඉන්නෙත් අපේ රජ කෙනෙක්. එයාට හොඳින් ආදරයෙන් ගෞරවයෙන් සලකන්න. (ස)
කුමාරි අක්කේ කොහොමත් මේ දවස්වල අලි මිනිස්සුත් ඒක්ක තරහකින් තමයි ඉන්නේ.(නදී)
මේ සද්ධන්තයා නපුරු සතෙක් කියලා මට නම් හිතෙන්නෙම නැහැ. දැක්කම පුදුම ආදරයක් හිතෙන්නේ. මෙයාව පරිස්සම් කරන්න. පින් සිද්ධ වෙයි. (ස)