(මහින්ද නිශ්ශංක)

ගෝල්ලීෆ්  සහ  බෙන්සන් ඇන්ඩ් හෙජස් යන සිගරට් වර්ග දෙකෙහි  සිගරට්ටුවක මිල රුපියල්  5 කින්   වැඩි කර ඇතැයි ලංකා දුම්කොළ සමාගම පවසයි  .

ඒ අනුව  ගෝල්ලීෆ්   සිගරට්ටුවක නව මිල රුපියල් 85 ක් වන අතර   බෙන්සන් ඇන්ඩ් හෙජස් සිගරට්ටුවක නව මිල රුපියල් 90 ක් දක්වා වැඩි වන බවද සමාගම පවසයි  .

පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ බද්ධ පෙරේදා (01) දින සිට ක්‍රියාත්මක වීම මෙම සිගරට්ටුවක මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බව සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය  .

මේ අතර සමාගමේ අනිකුත් සිගරට් නිෂ්පාදන වන  කැප්ටන්  , බ්‍රිස්ටල් , සහ ඩන්හිල් යන සිගරැට්   වර්ග වල  සිගරට්ටුවක  මිල  වැඩි කර නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසයි  .