IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


සාගරට එරෙහි නඩුවකට දින දෙයි

(රෝෂන් තුෂාර)

මහජන රැළියකදී කරන ලද ප්‍රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව පැවරූ නඩුව දෙසැම්බර් 20 වැනි දින කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (09)දින නියම කළේය.

දිසානායක මහතා සිය නීතිඥ සානිකා සිල්වා  මහත්මිය මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.

2023 අගෝස්තු 19 වැනි දින මැද කොළඹ පොදුජන එක්සත් පෙරමුණ සංවිධානය කළ මහජන රැළියකදී සිදු කළ ප්‍රකාශයකින් මෙම අපහාසය හා අපකීර්තිය සිදුවූ බවත් එමගින් සිදුවූ හානියට විත්තිකරුවන්ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා මෙම නඩුව ගොනුකර තිබිණි.

නඩුවේ විත්තිකරුවන් ලෙස සාගර කාරියවසම් මහතා සහ අදාළ ප්‍රකාශය ප්‍රචාරය කළේ යැයි කියන පුද්ගලික රූපවාහිනී නාලිකාව නම් කර ඇත.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අතිරේක දිසා  විනිසුරුවරයා විත්තියේ උත්තර දෙසැම්බර් 20 වෙන දින ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.



අදහස් (3)

සාගරට එරෙහි නඩුවකට දින දෙයි

Perera Saturday, 10 August 2024 06:25 AM

මෙයාට කිසිම පතිපත්තියක් නැති එකනේ අවුල

:       2       12

දිලන්ත Saturday, 10 August 2024 12:43 PM

සාගර ඉන්නේ ලෝකෙට ලොක්කා වගේමයි... ඔහුගේ එකම අරමුණ රාජපක්ෂ ප්‍රවර්ධනය කිරීම පමණයි. කොහොම වුණත් රට අගාධයට ගෙනයාමේ වගකීමෙන් භාගයක් පොහොට්ටුවේ මහ ලේකම් හැටියට මොහු වගකිව යුතුයි...

:       0       10

fairoos Saturday, 10 August 2024 11:10 AM

අනුර දින්නොත් මෙතුමා පැනයයි.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site