ජාත්‍යන්තරයේ භාවිතා වන නව රසායනික හා විද්‍යාත්මක ක‍්‍රම යොදාගනිමින් සීගිරි බිතුසිතුවම් සංරක්‍ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ සහය ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.
සීගිරි සිතුවම් සංරක්‍ෂණයට අවශ්‍ය සහය ලබාදීමට යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධ සංරක්‍ෂණය ප‍්‍රතිසංස්කරණය හා ස්මාරක පිළිබඳව අන්තර්ජාතික ආයතනයේ විශේෂඥයෙකු වන වනර් ස්මිත් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
ඔහු අද (05) අධ්‍යාපන අමාත්‍යවරයා හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
සීගිරි චිත‍්‍ර සංරක්‍ෂණය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගන්නා ලෙස අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර ඒ අනුව ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයට අනුබද්ධ සංරක්‍ෂණය ප‍්‍රතිසංස්කරණය හා ස්මාරක පිළිබඳව අන්තර්ජාතික ආයතනයේ සහය ලබාගෙන තිබේ.
ස්මිත් මහතා විසින් සීගිරි බිතු සිතුවම්වලට අමතරව දඹුලූ ලෙන් විහාර සිතුවම් සංරක්‍ෂණය පිළිබඳව ද අවධානය යොමු කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර සහය ලබාගෙන වැඩිදියුණු කරගැනීමට බලාපොරොත්තු වූ බිබිලේ දොඩම් වගාව..... කොච්චර හොඳද කිව්වොත් අපි ඕස්ට්‍රේලියාවටත් දොඩම් පටවනවා...... (නි)
අනේ අපේ සිතුවම් ටික! (නි)
ඇත්තටම හොඳ දෙයක් (නි)
බලාගෙන! තියෙන ටිකත් අන්තිමට නැතිවෙලා යයිද දන්නෙ නැහැ (නි)
ඇත්තටම ඕවා ආරක්ෂා වෙයිද, විනාශ වෙයිද? ඔය තියෙන විදිහට තිබුනොත් හොඳයි (නි)
ඉතා හොඳ කාලෝචිත ක්‍රියාවක් (නි)
කැටපත් පවුරට හානි කල අයට සමාව දීලා රජයේ රස්සාවකුත් දීපු රටේ සිගිරිය ආරක්ෂා කරන්න ජාත්‍යන්තර සහය. (ම)
ඒකත් ඉවරයි එකපාරක් ඇවිත් තාර ගෑවා (බ)
පහුගිය ආණ්ඩුවලිනුත් ප්‍රතිසංස්කරණය කළා හැබැයි වටිනා පුරාවස්තු වැඩිපුර ඇති තැන්. (බ)