සිගිරිය කිඹිස්සේ අවුරුදු 13 ක පාසල් සිසුවියක් බරපතල අපයෝජනයකට ලක් කළ බව කියන සංචාරක හෝටල් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් සීගිරි පොලීසිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව මහනුවර මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පීඑම් ජී බී පෙරමුණේ මහතා පැවසීය.
අවස්ථා කිහිපයකදීම සංචාරක හෝටල් ව්‍යාපාරිකයා තම දියණියණියට අතවර කැර ඇති බවට දියණියගේ මව පසුගිය සෙනසුරාදා (08) සීගිරිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.නමුත් මේවන තුරුත් සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන නැති බව සහ මෙම සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා හෝටල් හිමියාගේ පාර්ශවයේ පිරිසක් යෝජනා කරන බව මෙම කාන්තාව උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දීමත් සමඟ නියෝජ්‍ය පොලිස්පති පරීක්ෂණ කඩිනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd