සීගිරි ගලේ බඹර කූඩු ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉඩ නොදෙන බව වනජීවී ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි. අභය භූමියක සිටින සතුන් ගැන තීරණ ගැනීමට හැකි වනුයේ වනජීවී දෙපාර්තමේන්තුවට පමණක් බවද ඇමති කියයි. ඉදරි දින කීපදේයී බඹර කූඩු කඩා මාදුඔය රක්ෂිතයට රැගෙනගොස් දැමීමට සැලසුම් කැර ඇතැයිද දැනටමත් ඒ සඳහා දක්ෂයන් දෙදෙනෙකු ඉදිරිපත්වී සිටින බවද මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කලමණාකරු වජිර පර්ඩිනැන්ඩස් මහතා කියයි. දිගින් දිගටම සීගිරිය නැරඹීමට පැමිණි සංචාරකයන්ට එල්ලවන බඹර ප්‍රහාර හේතුවෙන් බඹරුන්ට කරදරයක් නොවන ආකාරයෙන් ඉවත් කිරීම සිදුකිරීමටත් අවධානය යොමුවී තිබෙන බවත් ඒ මහතා සඳහන් කරයි. ගොවිජනසේවා හා වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා කීවේ සීගිරි අභයභූමියේ සිටින කිසිදු සතෙකු රැගෙන යෑම හෝ ඒ අයට හිංසා පීඩා කිරීමට ඉඩ නොදෙන බවයි. අභයභූමියක සිටින සතුන් ගැන තීරණය ගැනීමට හැක්කේ වන ජීවී දෙපාර්තමේන්තුවට බවද අවධාරණය කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කියමු ඇමතිතුමාලගේ ගෙදර ගෙනියන්න කියලා...
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතා කියූ දේ ඉතා වැදගත්.එහි සදහන් වන පරිදි කටයුතු කිරීම මෙයට සුදුසු විසදුම බව මම සිතමි
මොකක්ද එයා කියල තියෙන්නේ.....මටනම් තේරුනේ නෑ...
මෙන්න විසදුම බලවතා දෙඹරා ද දිමියා ද යන්න දඹුල්ල පහලවැව තල්ගස් දෙඹරයකින් දැකගත හැකි විය. දෙඹර කූඩුව ආක්‍රමණය කළ දිමියෝ දෙඹරුන් ප්‍රාණ ඇපයට ගෙන කා දමන්නට වූහ. උරගයන් ගෙම්බන්ගේ ගොදුරු බවටත්, දිවියන් එළුන්ගේ ගොදුරු බවටත් පත්වනු කොසොල් රජතුමා දුටු සිහින වලින් කියැවෙන බව බෞද්ධ සාහිත්‍යෙය් දැක්වේ.
"කීට විඥාඥයින්ගේ අදහස් පරිදි මෙම බඹර කූඩු වෙනත් ස්ථානයකට රැගෙනයාම උචිත යැයි සිතමි." මෙය කලින් ඇනවුම් කරනවා ..කීට විද්‍යාඥයන්ගේ අදහස බඹරුන් ඉවත්කල යුතු බවද ???
ඉන්න බඹරු ඉවත් කිරීමත් ඒ වගේම නැවත බඹරු එන එක නැවැත්වීමත් වැදගත්, කොහේද අපේ රටේ නැහැනේ බඹරෙක්වත් එලවගන්න පුළුවන් කෙනෙක්, විදේශ කුමන්ත්‍රණ වලට බැන බැන ඉන්නවා මිසක්. සමහර අයනම් එහෙම නෙමේ අඩුම ගානේ කීට විද්‍යාඥයින්ට බෝලේ පාස් කරන්න හරි දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමේ.
කාමුක සල්ලාල පිරිමිද සීගිරි බඹරුන් වැනිය.දෂ්ඨ කළාම ප්‍රතිකාර නැත.
සුදුසු අය,සුදුසු තැන්වලට පත් නොකර,නුසුදුසු අය නුසුදුසු තැන්වලට පත් කිරීමේ අනිටු පල දැන් දැන් අපට දැක ගත හැක.අද කඩේ බඩු කිරන්නා මුදල් තිබේ නම්,ඊලග චන්දෙදි මුදල් විසිකර දිනුවාට පසු ඇමැතියෙකි.එවිට ඔහු රටේ තීරණ ගන්නා විද්වතෙකි.මෙයයි ශ්‍රී ලංකාවේ තත්ත්වය.මෙය වෙනස් වෙන දිනය කවදාද,එදාට හැම අංශයකම ක්‍රම වේදයක් සකස් වේවි.77 සිට අමත්‍යන්ශ කඩ කඩා විකිනීම කල ලොකුම වැරැද්දය.එය පවත්වාගෙන යාම එයිටත් වඩා අනුවන කමකි,එය මගේ මතයයි.සුදුසු ඇමති වරු සුදුසු ලෙස පත් කිරීමට මුලාසනය තේරුම් නොගැනීම වැරදි බව තේරුම් පසුවට තේරුම් යන විට අස්වය ගොස් හමාරය .
වල් අලි හිටිය කැලෑ අක්කර සිය ගාණකට ඔප්පු තිරප්පු හදාගත්ත අය වනජීවින් ගැන කතා තරන ලස්සන
එක එක කොල්ලෝ එක එක දෙවල්වලට මාත එක්කත් බෝලේ පාස් කරන්න ආවා එත් ඒ අයට මම අහුවුනේ නැහැ
හැම ප්‍රශ්නයකටම හරි විසදුම හොයන්න ඕනේ. ඉන්න බඹරු ටික කොහාට හරි ගිහින් දැම්ම කියල හරියන්නේ නෑ. කාලෙකට පස්සේ ආපහු එය්.
මෙහි අලිබබා යනුවෙන් නමක් යොදා සුජිත් නිශාන්ත හේවගේ නමැති පුද්ගලයාගේ පුකාශයන් ඉතා යෝග්‍යය යැයි පලකර ඇත. එවැනි පුකාශයක් මා පල නොකර අතර ඇමති තුමාගේ කථාව නිවැරදිය. මන්දයත් මෙවැනි පුශ්නයකදී සියලුම දෙනා එකතුව යෙදෙය යුතු ක්‍රම වේදයන් කුමක්දැයි සාකචිචා කිරිම ඉතා වැදගත්.
මමත් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාගේ අදහස් ඉතා යෝග්‍ය යැයි සිතමි
සීගිරියේ බඹරු කාලයක් තිස්සේ ඉදන් ඉන්නවනේ...අපේ අය බඹරුවගේ යනකොට උන් විදිනව ඉතින්.....
අයියෝ මේක වනජීවී එකේ වැඩක් වෙන්න බැරිද ??
බඹරු ටික විකුණමු...
ඉහත සඳහන් ප්‍රකාශය අනුව කියවෙන අදහස වැරදිය.මම කිසිවෙකුව විවේචනය හෝ අනුමත කිරීම නොකරමි.මුස්ලිම් දහම අනුව මට කිසිවෙකුගේ පැත්තක් ගෙන කිසිවෙකුට බැණ වැදිය නොහැකිය.මන්ද යත් අල්ලා දෙවිඳුන් එවැනි දේ අනුමත නොකරන බැවිනි.එම නිසා ඉහත මම නමින් කමෙන්ටුවක් පළ කර පුද්ගලයෙකුට අපහාස කර ඇත්තේ මම නොව වෙනත් අයෙකි.මම සුජිත් නිශාන්ත හේවගේ නොහඳුනන අතර මට ඔහුට අපහාස කිරීමටද කිසිදු වුවමනාවක් නැත.එසේ වුවද මගේ නම භාවිතා කිරීමෙන් ඒ මහතාට අපහාසයක් සිදුවූයේ නම් මම සමාව ඉල්ලමි.
සීගිරිය ද බඹරු ද රැක ගන්න ඕන කියන එක මුලින් ම තේරුම් ගන්න. සීගිරියේ සිතුවම් රැකෙන්න ඹබරුන්ගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක් ද කියන එක වෙනමම සොයා බැලිය යුතු කාරණයක්. ඉවත් කරන සතුන් නැවත එම ස්ථානයට නොඑන්නේ ද යන්නත් විමසා බැලිය යුතුම කාරණයක්. පාරිසරික පුරාවිද්‍යාවේ දැනුම මෙහි දී යොදා ගැනීමයි වැදගත්. කෙසේ වෙතත් වෘත්තීය පුරාවිද්‍යාඥයින්ගේ දැනුම මේ සදහා යොදා ගැනීම ඉතාම වැදගත්. ලංකාවේ බොහෝ ඇමතිවරු කියන්නේ තමන්ට ලැබුනු විෂයයෙහි කිසිදු දැනුමක් නොමැති බවක්. එයාලට මෙවැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් මෙවැනි කිසිදු මැදිහත් වීමක් සිදුකිරීමට ඉඩ නොදීම රටේ පුරාවිද්‍යාඥයින්ගේ වගකීමක්.
ඇටකිච්චා, ඇයි මේ ආචාර්යතුමා එක්ක තියෙන ආරවුල... ඇත්තටම...?
සතුන් වාසය සදහා තෝරගන්නේ සතුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයන්, සීගිරි බඹරැ සීගිරියට ආවෙ අද ඊයෙ ඉදල නෙවේ.. එම සතුන් ඉවත් කිරීම නොකළ යුතුයි....
බඹරුගේ සැර අඩු වෙන්න මොනවාහරි කරන්න බැරිද ?
සීගිරියේ බඹරුන් එහි පද්ධතියේම කොටසක්. උන් නැති කාලෙට සිගිරි චිත්‍ර වල ඇති සෙලියුලෝස්, ප්‍රෝටීන බදාමය පනුවෝ කනවා. බඹරු තමයි උන්ව පාලනය කරන්නේ.
ඇමතිතුමනි ඔබ හරි. මොකද බඹරු ඉන්න කල් සිගිරි චිත්‍ර ආරක්ෂා වේ. චිත්‍ර කන කීටයන් බඹරුන්ගේ ආහාරය වේ.
සීගිරි බඹරු කොහේ යන්නද?
අනේ, අපිට නම් ඔය බඹරුන්ට වැඩිය මිනිස් ජීවිත වටිනවා
ඇමතිතුමත් බඹරා වගේ තමයි
‘‘සීගිරි ගලේ බඹර කූඩු ඉවත් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉඩ නොදෙන බව වනජීවී ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි‘‘ මොනවද මේ කියන්නේ මෙයාල මොනවද දන්නේ. ඇයි මෙයාලගේ ඥාති බඹරු ඉන්නවාද දන්නෙ නෑ. පිස්සෙක් වගේ වැඩ කරන්න එපා ඇමති මහත්තයෝ....
එතකොට මදූ, ඔය රක්ෂිතය ලංකාවේ නෙමෙයිද ?? ඒක වනජීවී එකට අයිති නැද්ද .......
මෙයත් අපේ වරිගේ සුපර් ඹබරෙක් තමයි....
මේ ගොල්ලෝ ඉන්නේ වැඩ කරන්නද ?...නැත්නම් වැඩ නවත් වන්නද...?
බඹරා වගේ ඇත තවම විසේ සල්ලි නැතේ මට සල්ලි නෑතේ
බඹරෙක් ඇවිත් ඇමති තුමාට විද්දම තේරෙයි..
ගමුණු හරි, කඹ අදින්න යන්න එපා ඇමතිතුමෝ...
ඇමතිතුමාටත් ඹබරෙක් ඇන්නනම් හරි !!!
සීගිරිය මෙතුවක් කාලයක් ආරක්ෂා වූයේ බඹරුන් නිසා. ගැමුණු වගේ අයට කියන්නේ කටට ආපු හැම දෙයක්ම කියන්න එපා කියලා.
බඹරු ඉන්න කල් සිගිරි චිත්‍ර ආරක්ෂා වේ. චිත්‍ර කන කීටයන් බඹරුන්ගේ ආහාරය වේ. ඇමතිතුමනි ඔබ හරි.
නිතර නිතර ඹබරු ඇවිස්සෙන්නේ ඇයි කියල හොයල බලල පිළියමක් කරන එක නේද හොඳ .ඹබරු කලිනුත් සීගිරියේ හිටියා කලින් ඇවිස්සුනේ නෑනේ.....
සීගිරිය කියන්නෙ මධ්‍යම සංස්කෘතික අරමුදලට සල්ලි උල්පතක්. බඹරු ඉන්නේ සීගිරිය ආරක්ශා කරන්න, ඒක ඔප්පු වෙලා තියෙන්නෙ. ඈයි ඒක මධ්‍යම සංස්කෘතික අරමුදලට තේරෙන්නෙ නෑත්තෙ.
බඹරු ටිකත් විකුණන් කන්නද හදන්නේ
බඹරු ටිකත් විකුණන් කන්නද හදන්නේ
ඇමතිතුමා මෝඩයි
බඹරු ගියොත් සීගිරි චිත්‍ර ඉවරයි....පොතේ ගුරු හරි...
කීට විද්‍යාඥයින්ගෙන්ද අදහස් අරගෙන සුදුසු පරිදි කටයුතු කරන්න.ඒ සම මිනිස්සුන්ට බඹරුන් පහරදීම නිසා ඇතිවන තත්වය වළක්වා ගැනීමත් අත්‍යවශ්‍යයි.කීට විඥාඥයින්ගේ අදහස් පරිදි මෙම බඹර කූඩු වෙනත් ස්ථානයකට රැගෙනයාම උචිත යැයි සිතමි.
පොතේ ගුරා කිව්ව වගේ බඹරු හිටියේ අද ඊයේ නෙමෙයිනේ බඹරුත් රැකගෙන මිනුස්සුත් ආරක්ෂා කරගන්න බලන ඕනේ,,,,,,,,,,,නැත්තන් මලානි ෆොන්සේකා නෝනට කියල බලන්න එය 1978 මතකනේ බඹරු ඇවිත් ,,,,,,,,,,,
මොනවද මේ කියන්නේ ?බඹරා වගේ විදින්නමයි යන්නේ...
මේවා සතුන්ට අයිති දේවලුත් මිනිස්සු අයිති කරගන්ඩ යාමේ විපාක බව මිනිස්සුන්ට අවබෝද නොවීමයි දුක. එත් ඉස්සර සීගිරි බලන්ඩ ගිය මිනිස්සුයි අද යන යයි අතර වෙනස බබරුන්ට අවබෝද වෙලා. පරිසරයේ සමතුලිත තාවය බිදින්නේ මිනිස්සු මිස සතුන් නොවන බව අවබෝධ වනතුරු මේවට විසදුම් නැත.
ඇමතිතුමාත් හැසිරෙන්නේ හරියට වනජීවියෙක් වගෙනේ. සීගිරි ගලේ බඹරු ඉවත් කිරීම කියන්නේ බඹර විනාශ කරනවා කියල හිතන්න එපා. රටේ තව බොහෝ තැන් තියෙනවා බඹර බඳින්න. හැබැයි රටේ සිගිරි තියෙන්නේ එකම එකයි. ඔබතුමාගේ වනජීවී මොලේට ඕව තේරෙන්නේ නෑ. වල් අලි ටික ආරක්ෂා කොරගන්න බැරි උන්නැහේල බඹරු ගැන කිඹුල් කඳුළු හෙලනවා. අදෝමැයි !වල් අලින්ට වන අලි කිව්වා කියල උන් ආරක්ෂා වෙනවද. අන්න අරෙහෙ එළුවාගේ බෙල්ලත් කපල මුට්ටියත් බිඳලා. අලි පහර දෙන ගම්වලට ගිහින් බලන්න වනජීවී තුමෝ.