සිගිරිය අභය භුමියේ සංවිධානාත්මකව කරගෙන ගිය දඩ මස් අලෙවි කිරීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට සීගිරි වනජීවි කණ්ඩායමක් සමත් විය.
මුව මස් සමග පුද්ගලයන් හය දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ගලේවෙල වහකෝට්ටේ ප්‍රදේශයේ සිට සිගිරි අභය භූමියට පැමිණ කාලයක් තිස්සේ මෙම දඩ මස් ජාවාරම කරගෙන යන බවට තොරතුරු අනාවරණය කරගෙන තිබිණි.
මුව මස් එළවලු මලු වලට මැදි කොට අලෙවි කිරීම සදහා බස් රථයකින් රැගෙන යමින් සිටියදී පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ලද තොරතුරු මත අභය භුමියේ නවාතැන් ගෙන සිටි තවත් තිදෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මස් වැද්දන්ට සිංහල තේරෙන්නේ නෑ ඕකුන් ගෝනා මස් ඉල්ලුවහම දෙන්නේ මි හරක් මස්. (බ)
මේ මස් වැද්දන්ට නම් සමාව නොදිය යුතු වෙනවා. මුව මස් එළවලු මලු වලට මැදි කොට අලෙවි කිරීම සදහා ගෙනවිත් පාරිභෝගිකයා මිලදී ගන්නා විට එය බාගෙට කුණුවෙලා තියෙන්නත් පුළුවන් නේද ? (ම)
මිනි මරපු අයට දඩුවම් නැතිකොට සතෙක් මැරුවට දඬුවම් දෙයිද? (බ)
පව් අහිංසක සත්තු. (ර)
මේ කරන අපරාධ වලට හොද දඬුවම් දිය යුතුයි. (ර)