අප්‍රේල් 27 වැනි දා පිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝහල අධ්‍යක්ෂවරයා බ්‍රහස්පතින්දා (09) ශ්‍රී ලංකාවට ගෙන්වා අද (09) භාර වූ බව කොටුව පොලිසිය කියයි.
සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර් ජාතික පොලිසියේ සහාය ලබා ගැනුණේ කොළඹ නගරයේ සීසීටීවී ආරක්ෂක කැමරාවලින් ලත් තොරතුරු අනුවය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
සිංගප්පූරුවට පැන්නත් බේරෙන්න බැරිවේ
සුරංග ලක්ෂාන් Friday, 09 May 2014 01:42 PM
කාට අමතක වුණත් අපිට මතකයි. (ස)
ලංකා පෙරේරා Saturday, 10 May 2014 04:57 AM
තරාතිරම නොබලා නීතියෙන් නිසි දඩුවම් ලබාදෙන්න.මුදල් වලට නීතිය පාවාදෙන්න එපා.සමහරවිට මුදල් වලට හා ලොකුකමට ලබාගත් රස්සාවක් වෙන්න පුළුවන්.මොකද ආගම දහමට අනුව ජීවත් වෙන කෙනෙක් නම් මිනිස්කම් තියෙන කෙනෙක් නම් ඔහොම හැසිරෙන්නේ නැහැ. දිට්ඨ ධම්ම වේදනීය කම්ම කියන්නේ ඕවට තමයි.අනුන්ගේ දේවල් වලින් ජීවත් වෙන්න එපා. දිවි හිමියෙන් මවුබිමට තම තමන්ගෙන් ඉටුවිය යුතු ඉටුකම් කරමින් සාධාරනව ජීවත් වන්න (නි)
රංග Friday, 09 May 2014 01:45 PM
පිටකොටුවට ගියා මතකයි හැබයි කව්රුවත් හැප්පුනා කියලා මතක නැහැ.(නදී)
චන්දන මල්ලව ආරච්චි Friday, 09 May 2014 01:49 PM
මෙයාටත් කිසි දෙයක් මතක නැහැ කියයිද දන්නේ නැහැ.(නදී)
හෂාන් Friday, 09 May 2014 02:06 PM
වරද කරු ඇල්ලුවට මදි නිසි දඩුවම් දෙන්න ඕනා ඔය වගේ වැරදි නැවත නොකරන්න.(නදී)
නාරද ලක්ෂිත Friday, 09 May 2014 02:41 PM
මට මුකුත් මතක නැ. (ස)
අසෝකා Friday, 09 May 2014 02:44 PM
කාලයකින් අහන්න ලැබුන හරවත් පුවතක්. අපේ පොලිසියට ආචාරය! (ස)
කේවීන් Saturday, 10 May 2014 03:42 PM
විශාඛා මහත්මිය , මේ පුද්ගලයාගේ නම් රියදුරු බලපත්‍රය අවලංගු කල හැකි. එත් පසුගිය දිනවල බලපත්‍ර නැතිව රිය පදවා කහ ඉර මත මාරාන්තික අනතුරු කල අයගේ මොනවාද අවලංගු කරන්නේ ? (අ)
දොඩන්ගොඩ ආනන්ද Friday, 09 May 2014 03:27 PM
මොන දඬුවම් දුන්නත් මෙයා ජිවිතයක් නැති කරපු කෙනෙක්. අහිංසක ජීවිතය නැති වුණ පවුලට මොහුගෙන් ලොකු වන්දියක් අරන් දෙන්න. ඒක තමා ලොකුම දෙය. (ස)
චමිලා Saturday, 10 May 2014 07:34 AM
මෙහෙම මාරාන්තික රිය අනතුරු කර ඇඟ බේරාගත් දේශපාලු බලවතුන් ගැනත් මෙහෙම පොලිසිය ක්‍රියාත්මක වෙනවා නම් කොපමණ හොඳද ? (නි)
හිසාම් Friday, 09 May 2014 04:12 PM
අපගෙ නිලධාරින් හුඟක් දක්ෂයි. මගෙ සුභ පැතුම්. (ස)
අජිත් Friday, 09 May 2014 10:50 PM
දඬුවම් දෙන්න අපක්ෂපාතීව. (ස)
අජිත් ලාල් Friday, 09 May 2014 10:54 PM
සාධාරනව දඬුවම් දිය යුතුයි. (ස)
අජිත් දර්ශන Friday, 09 May 2014 11:04 PM
මන් හිතන්නේ ගොඩක් අය බලන්නේ පාට කන්නාඩි ගෙන නේද .ප්‍රශ්නයක් දිහා හරියට බලන්න. (ස)
සත්‍යයා Friday, 09 May 2014 11:10 PM
අවංක පොලිස් නිලධාරීන්ටත් නිගා දෙන අන්දමින් අපරාධ කාරයින් කොපමණ ප්‍රමාණයක් පාලන තන්ත්‍රය විසින් නිදහස් කරනු ලැබුවාද. ලොක්කන්ව අල්ලනවා කියන්නේ සාධාරණ නඩු තීන්දුවක් ලැබෙනවා කියන එක නොවේ. (ස)
මධු Friday, 09 May 2014 05:03 PM
පැසසිය යුතු කාරණාවකි. මොහුට නිසි දඬුවම් ලබාදිය යුතුමයි. (ස)
හේරත් Friday, 09 May 2014 05:32 PM
කියන්න බෑහැ මෙයත් හීනෙන් අැවිදින කෙනෙක්ද කොහේද?කොහොම වුණත් ඉක්මනින් ආ එක හොඳයි (නි)
ධනුෂ්ක Friday, 09 May 2014 05:37 PM
හැපුණ වෙලේ පොලිසි ගියා නම් හොඳයි කියලා හිතෙන්න ඇති. (නි)
චින්තක සංජීව Saturday, 10 May 2014 01:52 AM
නීතිියෙන් නිසි දඩුවම් ලබාදෙන්න.(ස)
රංජිත් සිල්වා Friday, 09 May 2014 12:32 PM
අපේ නිලධාරීන්ට මල් මිටක්. මෙන්න සුබ පැතුම් සමග. (ස)
පෙරේරා Friday, 09 May 2014 12:33 PM
මෙයාගේ නම ගම හෙළි කරන්නට අකමැති වගේ. (ස)
මහානාම Friday, 09 May 2014 12:38 PM
මෙහෙම කී දෙනෙක් සිංගප්පුරු ගියාද? ගිහින් ඇවිල්ලා දැන් ලස්සනට ඉන්නේ. මතක නැතිකර ගත්තා නම් හරි (නි)
පද්මේ Friday, 09 May 2014 12:54 PM
බලපෑම් නැත්නම් ඕනෑම හොරෙකු අල්ලාගත හැකියි. (ස)
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 09 May 2014 01:04 PM
මහානාම - සිංගප්පුරු ගිහින් ආවොත් ඔක්කොම අමතක වෙනවාලු නේද ? (නදී)
ගන්දර සයිමොන් Friday, 09 May 2014 01:05 PM
මිනිස් ජිවිත සමහරුන් සලකන්නේ කුකුලන් මියන් ගානට. මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා මිනිසා අමනුස්සයෙක්. මොන තරම් ලොකු නිලතල දැරුවත් ලොකු උපාධි තිබුනත් වැඩක් නැහැ. මිනිසත් බව හදවතේ නැත්නම්.(නදී)
ප්‍රභාත් Friday, 09 May 2014 01:06 PM
මේ වගේ මෙලෝ හදවතක් නැති අය තමයි එතකොට රෝහල් පාලනය කරන්නේ. විනයක් නැති නරි රජවෙනකොට එහෙමලුනේ.(නදී)
අමාලි Friday, 09 May 2014 01:18 PM
එයාගේ නම නම් දන්නවා. රෝහල නම් මොකද්ද කියලා තාම දන්නේ නැහැ. තිරිසන් වැඩ ඕවා. මම බලාගෙන ඉන්නේ මෙයාට දෙන දඩුවම මොකද්ද කියලා.(නි)
දේවි Saturday, 10 May 2014 03:47 AM
දඩුවම ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කිරිමයි (නි)
විසාකා Saturday, 10 May 2014 03:51 AM
රියදුරු බලපත්‍රය අවලංගු කරන්න ඕනෑ (නි)
සඳනි Friday, 09 May 2014 01:35 PM
'මට මතක නැහැ. මන් දන්නේ නැහැ. මන් සිංගප්පුරුවට ගියේ කොහොමද' කියලා අහයි.(නදී)
කුසුම් Friday, 09 May 2014 01:36 PM
මෙන්න මේවා තමයි රටේ යුක්ති ගරුක ජනතාව බලාපොරොත්තු වෙන සැබෑ ආශ්චර්යය. ජාත්‍යන්තර පොලිසියේද සහය ලබා ගනිමින් කඩිනමින් මෙවැනි වැටලීමක් සිදු කරමින් නීතියෙන් පලා යාමට උත්සහ කළ මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම ගැන ශ් රීලංකා පොලිසියට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (ස)
සිසිර Friday, 09 May 2014 01:37 PM
මෙයටත් ඔය සිද්ධිය අමතක වෙයිද දන්නෑ. (ස)