කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනයට යොදා ගත් බවට සැකකරන තුවක්කුව අතැතිව හය වැනි සැකකරු සිටින ඡායාරූප සහිත ලැප්ටොප් පරිගණකය කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයන අංශයට යොමු කර වාර්තාවක් කැඳවන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද නියෝග කළාය.
විදෙස් ගතව සිට කටුනායකින් ශ්‍රී ලංකාවට එද්දී හය වැනි සැකකරු දොන් ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ රහස් පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරන ලේකම්වරයකුව සිටි සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත්ගේ පුත්‍රයෙකි.
සැකකරු සමග පැමිණි ඔහුගේ මිතුරකු බව කියන හැරල්ඩ් රෝහිත කුමාර සිල්වා ළඟ තිබී ලැප්ටොප් පරිගණකයක් අත්අඩංගුවට ගත් බවත්, එය පරීක්ෂා කිරීමේදී මඩවල ඝාතනයට යොදා ගත් අවිය බවට සැකකරන පිස්තෝලය අතැතිව හයවැනි සැකකරු සිටි ඡායාරූප හමුවූ බවත් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන මහතා අධිකරණයට දැන්වීය.
අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ මඩවල ඝාතනයට ගිනි අවිය සැපයූවේ හය වැනි සැකකරු බවට පළමු සැකකාර සුජීව සුරංග ප්‍රකාශ කර ඇති බවයි.
හය වැනි සැකකාර ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ පළමු සැකකරු හා හයවැනි සැකකරුගේ පවුල් අතර අමනාපයක් ඇති නිසා එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් විමලසිරි මෙනවිය හය වැනි සැකකරු ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ අතර ගුවන්තොටුපළේදී ලැප්ටොප් පරිගණකය සමග අත්අඩංගුවට ගත් හැරල්ඩ් රෝගිත කුමාර මුදා හරින ලෙස නියෝග කළාය.
සුජීව රංග කුමාර පෙරේරා, අයේශ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන පළමු, දෙවැනි සහ තෙවැනි සැකකරුවෝ ද ලබන 27 වැනිදා වැනි දින දක්වා නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් සහ ඩබ්ලිව් පී සමන් නිශාමන් මීට පෙර මහාධිකරණයේ නියමය පරිදි ඇප ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මහා භාන්ඩාගාරයට සල්ලි නැතිද? මේ තරම්ම මිණිමරුවන් අතටම අසුවෙලත් ඇප අරගෙන නිදහස් කරන්නේ. සල්ලි වලට නිතිය සහා විණිසුරුවන් බලය අතට අරගෙන නිසාද අපේ රට මේ පාර විනය අතින් ලෝකයෙන්ම 110 ට ගියේ.(නදී)
මටනම් මතක නෑ. (ත)
අපේ බලගතු ආචාර්ය මැති වරයෙක්ගේ හොඳම යාළුවා මෙයා. ඕක නිකන් යට යනවා මන් දන්නා විදියට.(නදී)
ඔන්න යන්තම් නියම වැරදි කාරය අහුවුනා. අම්මපා! මේ හිත පිත් නැති පරිගණකත් කරන වැඩ. එයා කරපු වැඩේට අර අහක හිටපු මිනිස්සුනේ තව පොඩ්ඩෙන් අහුවෙන්නේ. (නි)
කන දුන්නේ කවුද.?(අ)
මිනී මරුමට හවුල් සියල්ලම ඇප මත නිදහස් වෙලා අවසානේ, මිනී මරුවව නිදහස්. ඔප්පු කරන්න ශාක්ෂි මදි නිසා. (නදී)
අපේ පොලිසිය දක්ෂයි කොහොම හරි පරිඝනකය අත් අඩංගුවට ගත්තනේ. ඔලුව වටේ අත දාලා නහය අල්ලනව කියන්නෙ මේවට තමා.(නදී)
නිදහස් කර දුන්න යයි කියන රට මේ අය තමයි අදපාලනය කරන්නේ. (අ)
කොව්වා කොහොම වුනත් ඕඩර් එක දුන්න කෙනා හැමදාම ගොඩ. කොනක ඉන්න කෙනෙක් හිරේ යවලා ඒ පුවුලට ගානක් දුන්නම එයාලා නිදහස්. අමතක කරන්න එපා දිට්ට ධම්ම වේදනීය කර්මය අපි පස්සෙන් එනවා.(නදී)
හසිත මඩවල තමන්ටම වෙඩි තියාගත්තා මිසක් වෙන දෙයක් මෙතන උනේ නැහැ.(නදී)
මර්වින් සිල්වා ගේ සහ සින්ගපූර් සරත් ගේ එම දින වල දුරකථන සංවාද වල හඬ පට බැලුවනම් (අ)