IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිංගප්පූරු සරත්ගේ පුතත් රිමාන්ඩ්

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනයට යොදා ගත් බවට සැකකරන තුවක්කුව අතැතිව    හය වැනි සැකකරු සිටින ඡායාරූප සහිත ලැප්ටොප් පරිගණකය කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයන අංශයට යොමු කර වාර්තාවක් කැඳවන්නැයි මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද නියෝග කළාය.

විදෙස් ගතව සිට කටුනායකින් ශ්‍රී ලංකාවට එද්දී හය වැනි සැකකරු දොන් ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ රහස් පොලිස් අත්අඩංගුවට පත් විය. ඔහු ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරන ලේකම්වරයකුව සිටි  සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත්ගේ පුත්‍රයෙකි.

 සැකකරු සමග පැමිණි ඔහුගේ මිතුරකු බව කියන හැරල්ඩ් රෝහිත කුමාර සිල්වා ළඟ තිබී ලැප්ටොප් පරිගණකයක් අත්අඩංගුවට ගත් බවත්, එය පරීක්ෂා කිරීමේදී මඩවල ඝාතනයට යොදා ගත් අවිය බවට සැකකරන පිස්තෝලය අතැතිව හයවැනි සැකකරු සිටි ඡායාරූප හමුවූ බවත් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන මහතා අධිකරණයට දැන්වීය.

අගතියට පත් පර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ මඩවල ඝාතනයට ගිනි අවිය සැපයූවේ හය වැනි සැකකරු බවට  පළමු සැකකාර සුජීව සුරංග  ප්‍රකාශ කර ඇති බවයි.

හය වැනි සැකකාර ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ පළමු සැකකරු හා හයවැනි සැකකරුගේ පවුල් අතර අමනාපයක් ඇති නිසා එවැනි ප්‍රකාශයක් කරන්නට ඇති බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්  විමලසිරි මෙනවිය හය වැනි සැකකරු ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ අතර ගුවන්තොටුපළේදී ලැප්ටොප් පරිගණකය සමග අත්අඩංගුවට ගත් හැරල්ඩ් රෝගිත කුමාර මුදා හරින ලෙස නියෝග කළාය.

සුජීව රංග කුමාර පෙරේරා, අයේශ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන පළමු, දෙවැනි සහ තෙවැනි සැකකරුවෝ  ද ලබන 27 වැනිදා  වැනි දින දක්වා නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් සහ ඩබ්ලිව් පී සමන් නිශාමන් මීට පෙර මහාධිකරණයේ නියමය පරිදි ඇප ලදහ.



අදහස් (0)

සිංගප්පූරු සරත්ගේ පුතත් රිමාන්ඩ්

දිල්කා මැණික් Thursday, 13 June 2013 10:43 PM

අපේ රටේ මහා භාන්ඩාගාරයට සල්ලි නැතිද? මේ තරම්ම මිණිමරුවන් අතටම අසුවෙලත් ඇප අරගෙන නිදහස් කරන්නේ. සල්ලි වලට නිතිය සහා විණිසුරුවන් බලය අතට අරගෙන නිසාද අපේ රට මේ පාර විනය අතින් ලෝකයෙන්ම 110 ට ගියේ.(නදී)

:       0       0

ජ.හේරත් Thursday, 13 June 2013 03:37 PM

මටනම් මතක නෑ. (ත)

:       0       0

දම්මික පෙරේරා Friday, 14 June 2013 12:11 AM

අපේ බලගතු ආචාර්ය මැති වරයෙක්ගේ හොඳම යාළුවා මෙයා. ඕක නිකන් යට යනවා මන් දන්නා විදියට.(නදී)

:       0       0

උපාලි Friday, 14 June 2013 12:20 AM

ඔන්න යන්තම් නියම වැරදි කාරය අහුවුනා. අම්මපා! මේ හිත පිත් නැති පරිගණකත් කරන වැඩ. එයා කරපු වැඩේට අර අහක හිටපු මිනිස්සුනේ තව පොඩ්ඩෙන් අහුවෙන්නේ. (නි)

:       0       0

ගැමුණු Thursday, 13 June 2013 04:56 PM

කන දුන්නේ කවුද.?(අ)

:       0       0

රන්දි Thursday, 13 June 2013 07:44 PM

මිනී මරුමට හවුල් සියල්ලම ඇප මත නිදහස් වෙලා අවසානේ, මිනී මරුවව නිදහස්. ඔප්පු කරන්න ශාක්ෂි මදි නිසා. (නදී)

:       0       0

චතුල වෙරෝනා Thursday, 13 June 2013 02:23 PM

අපේ පොලිසිය දක්ෂයි කොහොම හරි පරිඝනකය අත් අඩංගුවට ගත්තනේ. ඔලුව වටේ අත දාලා නහය අල්ලනව කියන්නෙ මේවට තමා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 13 June 2013 02:34 PM

නිදහස් කර දුන්න යයි කියන රට මේ අය තමයි අදපාලනය කරන්නේ. (අ)

:       0       0

කුමාරි Thursday, 13 June 2013 02:52 PM

කොව්වා කොහොම වුනත් ඕඩර් එක දුන්න කෙනා හැමදාම ගොඩ. කොනක ඉන්න කෙනෙක් හිරේ යවලා ඒ පුවුලට ගානක් දුන්නම එයාලා නිදහස්. අමතක කරන්න එපා දිට්ට ධම්ම වේදනීය කර්මය අපි පස්සෙන් එනවා.(නදී)

:       0       0

සංජීව Thursday, 13 June 2013 02:58 PM

හසිත මඩවල තමන්ටම වෙඩි තියාගත්තා මිසක් වෙන දෙයක් මෙතන උනේ නැහැ.(නදී)

:       0       0

සිසිර Friday, 14 June 2013 10:35 AM

මර්වින් සිල්වා ගේ සහ සින්ගපූර් සරත් ගේ එම දින වල දුරකථන සංවාද වල හඬ පට බැලුවනම් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site