රුපියල් හැත්තෑ එක් ලක්ෂ තිස් පන් දාස් හාරසිය පනස් හතරක් වටිනා වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සහ තරුණියක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
විදුලි උපාංග ව්‍යාපාරයක නිරත බව කියන 38 හැවිරිදි සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සමග සිටි තරුණිය 18 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය රැකියාවක් පතා සිංගප්පුරුවට යාමට පැමිණි බව රේගුවට පවසා ඇත.
ඔවුන්ගේ ගුවන් ගමන් විස්තර පිළිබඳ ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ගමන් මළු වල තිබී ඇමරිකානු ඩොලර් පනස් තුන් දාස් නමසීයක මුදලක් සොයාගෙන ඇත.
මොවුන් දෙදෙනා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අදිකාරීවරුන් වන අජිත් ගලහිටිය, එච්.එම්.ආර්.ඩබ්ලිව් නිවුන්හැල්ල, සහකාර රේගු අධිකාරීවරුන් සාගර කුමාර, කුෂාන් ගුණවර්ධන, සමිත ප්‍රේමතිලක, හේමන්ත කරුණාතිලක, ශෂික කුමාරසිංහ, තුෂාර පෙරේරා, සඳුලි මැඩොන්සා යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට පැමිණීමේදී ලංකා රුපියල් 5000 ක් හෝ විදේශ මුදල් ඩොලර් 15000ක් රේගුවට දැනුම් දීල ඇතුළු උනාම නැවත යනවිට ඉතුරු මුදල් ගෙනයන්නට බාදාවක් නොමැත. ලංකාවෙන් පිටත යනවිට ලංකා රුපියල් 5000ක් සහ විදේශ මුදල් ගෙන ආපු ඒවායින් ඉතුරු මුදල් ගෙනයා හැකිය. එසේ නොමැතිව ලංකාවේ සිට එක වර සංචාරය සඳහා යන අයට විදේශ මුදල් එසේ ගෙනයන්නට නොහැක. වැඩි විස්තර මෙයින් බලාගන්න http://www.iatatravelcentre.com/LK-Sri-Lanka-customs-currency-airport-tax-regulations-details.htm
ඔබ විදේශයක රැකියාව කරනවා නම් හෝ ජිවත්වනවා නම් ඔබගේ මුදල් ඔබගේ නමින් බැංකු ගිණුමක් ආරම්බ කරලා එයට යොමු කරන්න. නැතිනම් ආරක්ෂක ක්‍රමය එම මුදල් චෙක් පතකින් රැගෙන එන්න. සුළු මුදලක් මුදල් වශයෙන් ගේන්න. ඕක තමා සුරක්ෂිත ක්‍රමය (නදී)
සල්ලි වලින් කොපමණ ප්‍රමාණයක් ගෙන යා හැදික රේගුවේ නීති රීති වලට අනුව.පිළිතුරක් බලාපොරොත්තු වෙමි.(හේ)
බෙහෙත් ගන්න යනවා නම් දේසපාලුවෙක් නම් සීමාවක් ගුවනේත් නැත.(අ)
සිරිසේන මහත්තයෝ , දෙසපලුවෙක් වුණ පලියට ඕන තරම් සල්ලි වෙන රටවලට ගෙන යන්නත් බැහැ , එහෙන් මෙහෙට ගේන්නත් බැහැ , ලංකාවේ වාගේම එම රටවලත් පිට කිරීමේ සහ රැගෙන ඒමේ අවමයක් තිබෙනවා මුදල් නෝට්ටු වශයෙන් , නැතිනම් ඕන තරමක බිලක් ගෙවන්න පුළුවන් තම බැංකුවේ සල්ලි තියේනම් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් , ගෝල්ඩ් කාර්ඩ් සිල්වර් කාර්ඩ් හෝ ප්ලැටිනම් කෙඩිට් කාර්ඩ් වලින් ඕනෙම ලොකු මුදලක් ගෙවන්න පුළුවන් (අ)
මටත් දැන ගන්න ඕනි අපි විදේශිය රටක ඉදලා එනකොට කොපමණ මුදලක් ගෙන ආ හැකිද කියා.(හේ)