IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරු නොයයි

රුපියල් හැත්තෑ එක් ලක්ෂ තිස් පන් දාස් හාරසිය පනස් හතරක් වටිනා වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සහ තරුණියක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

විදුලි උපාංග  ව්‍යාපාරයක නිරත බව කියන   38 හැවිරිදි සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ  පදිංචිකරුවෙකි.

ඔහු සමග සිටි  තරුණිය 18 හැවිරිදි  වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය රැකියාවක් පතා සිංගප්පුරුවට යාමට පැමිණි බව රේගුවට පවසා ඇත.

ඔවුන්ගේ ගුවන් ගමන් විස්තර පිළිබඳ ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ගමන් මළු වල තිබී ඇමරිකානු ඩොලර් පනස් තුන් දාස් නමසීයක මුදලක්  සොයාගෙන ඇත.

මොවුන් දෙදෙනා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අදිකාරීවරුන් වන අජිත් ගලහිටිය, එච්.එම්.ආර්.ඩබ්ලිව් නිවුන්හැල්ල, සහකාර රේගු අධිකාරීවරුන් සාගර කුමාර, කුෂාන් ගුණවර්ධන, සමිත ප්‍රේමතිලක, හේමන්ත කරුණාතිලක, ශෂික කුමාරසිංහ, තුෂාර පෙරේරා, සඳුලි මැඩොන්සා යන නිලධාරීහු සිදු කරති.

 

 

 



අදහස් (0)

සිංගප්පූරු නොයයි

බාලසුරිය කොලොන්නාව Saturday, 08 November 2014 11:57 AM

ලංකාවට පැමිණීමේදී ලංකා රුපියල් 5000 ක් හෝ විදේශ මුදල් ඩොලර් 15000ක් රේගුවට දැනුම් දීල ඇතුළු උනාම නැවත යනවිට ඉතුරු මුදල් ගෙනයන්නට බාදාවක් නොමැත. ලංකාවෙන් පිටත යනවිට ලංකා රුපියල් 5000ක් සහ විදේශ මුදල් ගෙන ආපු ඒවායින් ඉතුරු මුදල් ගෙනයා හැකිය. එසේ නොමැතිව ලංකාවේ සිට එක වර සංචාරය සඳහා යන අයට විදේශ මුදල් එසේ ගෙනයන්නට නොහැක. වැඩි විස්තර මෙයින් බලාගන්න http://www.iatatravelcentre.com/LK-Sri-Lanka-customs-currency-airport-tax-regulations-details.htm

:       0       0

ජයසෝම වැල්ලම්පිටිය Saturday, 08 November 2014 12:37 PM

ඔබ විදේශයක රැකියාව කරනවා නම් හෝ ජිවත්වනවා නම් ඔබගේ මුදල් ඔබගේ නමින් බැංකු ගිණුමක් ආරම්බ කරලා එයට යොමු කරන්න. නැතිනම් ආරක්ෂක ක්‍රමය එම මුදල් චෙක් පතකින් රැගෙන එන්න. සුළු මුදලක් මුදල් වශයෙන් ගේන්න. ඕක තමා සුරක්ෂිත ක්‍රමය (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 08 November 2014 05:43 AM

සල්ලි වලින් කොපමණ ප්‍රමාණයක් ගෙන යා හැදික රේගුවේ නීති රීති වලට අනුව.පිළිතුරක් බලාපොරොත්තු වෙමි.(හේ)

:       0       0

සිරිසේන Saturday, 08 November 2014 01:40 PM

බෙහෙත් ගන්න යනවා නම් දේසපාලුවෙක් නම් සීමාවක් ගුවනේත් නැත.(අ)

:       0       0

උයන්ගොඩ Saturday, 08 November 2014 03:21 PM

සිරිසේන මහත්තයෝ , දෙසපලුවෙක් වුණ පලියට ඕන තරම් සල්ලි වෙන රටවලට ගෙන යන්නත් බැහැ , එහෙන් මෙහෙට ගේන්නත් බැහැ , ලංකාවේ වාගේම එම රටවලත් පිට කිරීමේ සහ රැගෙන ඒමේ අවමයක් තිබෙනවා මුදල් නෝට්ටු වශයෙන් , නැතිනම් ඕන තරමක බිලක් ගෙවන්න පුළුවන් තම බැංකුවේ සල්ලි තියේනම් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් , ගෝල්ඩ් කාර්ඩ් සිල්වර් කාර්ඩ් හෝ ප්ලැටිනම් කෙඩිට් කාර්ඩ් වලින් ඕනෙම ලොකු මුදලක් ගෙවන්න පුළුවන් (අ)

:       0       0

ටානියා පෙරේරා Saturday, 08 November 2014 07:01 AM

මටත් දැන ගන්න ඕනි අපි විදේශිය රටක ඉදලා එනකොට කොපමණ මුදලක් ගෙන ආ හැකිද කියා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site