ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂඥයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන කමිටුවක් පත් කරනු ලැබ ඇත.
මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති අදහස් සලකා බලා මෙම කමිටුව පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස යන මහත්ම මහත්මීහු එහි සෙසු සාමාජිකයෝ වෙති.
ශ්‍රී ලංකා - සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මගපෙන්වීම සඳහාවූ නිර්දේශ ලබාගැනීමටත් එමගින් අපේක්ෂිතය.
එසේම මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ සාමාජීය හා ආර්ථික තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම අධ්‍යයනය කිරීම ද කමිටුවේ විෂය පථයට අයත් වේ.
මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා සියලු පාර්ශ්වවලට විවෘතව ඉඩ සැලසෙන බවද ජනාධිපති කාර්යාල නිවේදනයේ සඳහන් වේ.
විශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප්‍රගතිය වරින්වර අතුරු වාර්තා මගින් ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන බවත් අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත භාරදීමට නියමිත බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මහ බැංකු කොමිසම පත් කරලා කළා වගේ ආණ්ඩුවේ පාර්ශවයක් අමාරුවෙ දාන්න කරන තවත් උප්පරවැට්ටියක් වත්ද? ලංකාවේ ස්වාධින කියන මාධ්‍ය තුල එයාර් ලංකා කොමිසම ගැන අර මහ බැංකු කොමිසම දවස් වල තිබුන වගේ කිසි කතා බහක් නැති උනාට මේක පටන්ගත්තදා ඉඳල අපට බලා ගන්න පුළුවන් කොටු ගහල, ඉරි ඇඳලා, පාට කරලා උදේ ඉඳන් එළි වෙනකල් පෙන්වන, පත්තර පුරා පිටු පුරවල පළකරන " බ්‍රේකින් නිව්ස් " ඇති වෙන්න.
සිරිමල් මේක ජනාධිපති විශේෂඥ කමිටුවක්. කලබල වෙන්න එපා. රටට ප්‍රගතියක් හෝ අගතියක් වෙයි දැයි අධ්‍යයනක් කිරීමක්...