(සුජිත් හේවාජූලිගේ)
ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ලොකු අවදානමකට මුහුණපෑමට සිදුවන බව ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකකින් සම්මත කර ගතහොත් ආරක්ෂක හේතුවක් මත හැරෙන්නට වෙනත් කිසිදු හේතුවක් මත යළි තුනෙන් දෙකක බලයකින් වෙනස් කර ගත නොහැකි බව පෙන්වා දෙන සමරවික්‍රම මහතා එවැනි අවදානමකට යෑම නුවණට හුරු නැතැයිද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද ඒ බව නීතිපතිවරයා ද තමාට දැනුම් දී ඇතැයිද ඔහු කීය.
මේ ගිවිසුම සකස් කළේ බොහෝ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව කී සමරවික්‍රම මහතා ඒ සාකච්ඡා මඟ හැරී ගිය සමහර දේශපාලන පක්ෂ දැන් බොරුවට කෑ ගසන බව ද සඳහන් කළේය.
මේ ගිවිසුමේ රටට හතුරු කිසිවකට ඉඩකඩ නැතැයිද එවැනි දෑ සඳහා තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ද ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අහිතකර කිසිදු දෙයක් එහි අන්තර්ගත නැත්නම් ඇයි එවන් ගිවුසුමක් හොරෙන් අත්සන් කලේ. මාධ්‍ය මගින් රටේ පුරවැසියන්ව දැනුවත් කරන්න තිබුනනේ. මහ බැංකුවෙත් කිසිදු මුදල් වංචාවක් සිද්ධ උනේ නැහැ කිව්වා නේද මේ කටවල් වලින්ම?
හරි හරි දාලා බලමුකෝ තුනෙන් දෙකෙන් සම්මත වෙයිද කියලා. සම්මත නොවුනොත් ඔබතුමාට ලොකු අවුලක් වෙන්ට පුළුවන් රටට කොහොම උනත්.
රටම විකුණන හැඩයි!. සිංගප්පූරු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළොත් අවදානමකට මුහුණපෑමට සිදුවනවා කියන්නේ, කොහොම හැන්ගිල්ලක්ද හංගලා තියෙන්නේ.
මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අනුමත කරගන්න ඕන නෑ කියලා නීතිපති කියනවා. ඒ අනුවයි මේ ප්‍රකාශය කෙරෙන්නේ. ගැටළුව වන්නේ මීට පෙර ඇමරිකාව සමඟ අත්සන් කරපු ආරක්ෂක ගිවිසුම තබා රුසියාව සමඟ අත්සන් කළ අභ්‍යවකාශ අවි සම්බන්ධ ගිවිසුමවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණාද?
වසර 10 ට පමණක් අධ්‍යාපනය ලැබූවන් බොහෝ දෙනෙකුගෙන් සමන්විත අපේ පාර්ලිමේන්තුවට මෙවැනි පනතක් විවාද කිරීමට දැමීමෙන් එතරම් අර්ථයක් නොමැත. එසේම සමහරක් දෙනා පාර්ලිමේන්තුවෙන් පිට මීට විරුද්ධව මොර ගෑවාට අද පක්ෂ, විපක්ෂ නායකයින් මෙවැනි ගිවිසුම් රටට අවශ්‍ය බව හොඳින් දනී. එබැවින්, ඡන්දයක් පැවතියත්, පක්ෂ නායකයින්ගේ උපදෙස් මත මන්ත්‍රීවරුන් විසින් මෙය අනුමත කරනවා ඇත.
අහන්න දෙයක්ද? අපි පත්තරේ දැක්කනේ.. බදුවලින් නිදහස්වන බදු ලැයිස්තුව තව කුණු කන්දල් ගොඩක්. එ්කනේ සමහරු කිව්වේ සිංගප්පූරු කුණුකන්දල් ලංකාවට ගේනවා කියලා...
මොහු හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලයි. පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය වෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කරන්න කියලා අපොස සා/ පෙළට දේශපාලන විද්‍යාව හදාරන සිසුන් පවා දන්නවා. මේක පාර්ලිමේන්තුවට දැම්මා කියලා පස්සේ මේක වෙනස් කරන්න 2/3ක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් ඔය හැම පනතක සම්මත කරගන්න 2/3ක බලය අවශ්‍යද? ඕක පාර්ලිමේන්තුවට කෙසේවෙතත් ජනතාවට ප්‍රසිද්ධ කරන්න. ඔබතුමාලා හොඳින්ම දන්නවා. ඕක කොච්චර හොඳ වුණත් අන්තිමට ජනාධිපතිතුමා ඕක නවත්වන බව...
ඉස්සෙල්ලම ඔබ තේරුම් ගන්න ඔබ කවුද කියලා. ඔබ මහජන ඡන්දයෙන් පත්වුණා පාර්ලිමේන්තු නියෝජිතයෙක් නොවෙයි. කොටින්ම කිව්වොත් " පින් ඇමති "කෙනෙක්. ඔබ පාර්ලිමේන්තුවට ආ දින පටන්ම ඔබට නොයෙකුත් මුල්‍ය චෝදනා තියෙනවා.. අමතකද බැඳුම්කර ප්රශ්නය ගැන. ඔබ එහි චූදිතයෙක්. ඊට පස්සේ තමයි මේ සිංගප්පුරු ගිවිසුම අරන් ආවේ. මොකද ඒක ඉක්මනටම හොරෙන් අත්සන් කලේ...? චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව ..වැනි රටවල් තව දුරටත් වෙන රටවල් වලින් අපද්‍රව්‍යය ආනයනය තහනම් කළා. සිංගප්පුරුව මෙහිදී ප්‍රශ්නයකට මුහුණ පා තිබෙනවා. ඒ ඔවුන්ගේ "කුණු අපද්‍රව්‍ය " ඉවත්කරන්න රටක් අහිමිවීමයි... ඉතිහාසය සොයා බැලුවා... ලෝකයේ ඉන්න අදුරදර්ශී, මෝඩ, නූගත්, කයිරාටික, ගෝත්‍රික දේශපාලකයන් ඉන්න රට ලංකාව බව වටහාගත්තා ...ඔබව හමුවුනා...ගාන කතාකරගත්තා කාටත් හොරෙන් ගිවිසුම ගැහුවා. ඔබට ලැබුණු ගානත් එහෙ බැංකුවේ ඇති. හැබැයි....සිංගප්පුරුවේ කුණු මෙහාට ආපු දවසට ඔබට මේ රටේ මිනිස්සු එකතුවෙලා ඒ කුණු කවාවි. ඔබ මේ වලපයයි, ගොඩපයයි තියාගෙන ඔය ගිවිසුම අවලංගු කරලා යන තැනකට වැඩක් කරගන්න. ඇත්තටම ලැජ්ජයි...