(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ගීතයක් ගායනා කරමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමන මහතාට බීමත් ප්‍රේක්ෂකයෙකු එල්ල කළ ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කොට්ටාව පොලිසිය පවසයි .
නත්තල් උදාව සමරමින් ඉකුත් (24)දා රාත්‍රී කොට්ටාව නගර මධ්‍යයේදී සුප්‍රසිද්ධ වාද්‍ය වෘන්දයක සහභාගිත්වයෙන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණි .
ඒ සදහා ආරාධනා ලැබ පැමිණ සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉදුනිල් අන්ද්‍රමන මහතා නිවේදකයාගේ ආරාධනයෙන් වේදිකාවට පැමිණ ප්‍රේක්ෂකෙන් අමතා වචන කිහිපයක් කථා කොට ගීතයක් ගායනා කිරීමට සූදානම් වනවාත් සමඟම ප්‍රේක්ෂකන් අතර සිටි පුද්ගලයකු ගල් ප්‍රහාරයක් වේදිකාව දෙසට එල්ල කර ඇතැයි පැවසේ .
එම ගල් ප්‍රහාරය වේදිකාව ඉදිරිපිට රැඳී සිටි ගායන ශිල්පි ඉඳුනිල් අන්ද්‍රමාන මහතාගේ වම් ඇස අසල නළල ප්‍රදේශයේ වැදී තුවාල සිදුව තිබූ අතර පසුව ඔහු සංවිධායකයන්ගේ මැදිහත්වීමෙන් පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇති බවත් ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවත් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් කාලකන්නි ඉන්නවනේ. ඕකම පුළුවන්නම් රට වනසන දේශපාකයෙන්ට ගහන්න බැරිද?