මතුගම පැලවත්ත මිරිස්වත්තේදී පමා වී ඇරඹූ සංගිත සංදර්ශනයක් නියමිත වේලාවට කලින් අවසන් කළැයි උරණ වූ පිරිස් ගල් මුල් ගැසිමෙන් සංගීත භාන්ඩ වලටවද අලාභ හානි වී ඇතැයි මීගහතැන්න පොලීසිය කියයි.
මුදල් අය කර සංගීතය පෙන්වා ඇතැයිද කිසිවෙකුටත් තුවාල සිදු වී නැතැයිද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට පටන් ගන්නේ නැති හැම උත්සවයකටම ගල් ගහන්න ...(අ).
සංගීත සංදර්ශනයට මුදල් අයකර තිබුනා නම් ,පමාවී පටන් ගත් එකත් වැරදියි. කලින් නවත්වපු එකත් වැරදියි. (නි)
කොහොම වුනත් නොදියුනු මිනිසුන් ජීවත් වන වංචාකාරී රටක්. මමත් එම කුලයට අයිති බැවින් මගේ කනගාටුව මෙසේ ප්‍රකාශ කරමි.(නදී)
ලංකාදීපෙට සුභ පතනවා ! (අ)
කිසිම තේරුමක් නැති වැඩ. සංගීතය අතරේ රටේ නැති අපචාර, සමහරු සංගීත සංදර්ශන සංවිධානය කරන්නේ ඒවටමයි.
සංගීත ප්‍රසංග වේලාසන පටන් අරන් ඉවර කලා නම් මේ වගේ සිද්දි අහන්න වෙන එකක් නැහැ. අපේ රටේ සංගීත ප්‍රසංග පවත්වන වෙලාව මදි කියල මම හිතනවා. මොකද ප්‍රසංගයක් පටන් අරන් සින්දු ටිකක් කියල ඉක්මනට ඉවර කරනවා. ඒක නිසා තමයි මේ ඔක්කොම.(නදී)
වසන්ත,කොච්චර කිව්වත් අහන්නේ,තේරෙන්නේ නැති මෝඩයෝ මෙහෙ ඕනෑ තරමක් ඉන්නවා (නි)
කොහොමත් ඔය මතුගම පැත්තේ ඉන්නේ හදටත් ගල් ගහන මිනිස්සු..සංගීතෙට ගල් ගහපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ..තෙවරප්පෙරුම මහත්තයාගේ ගමනේ.(අ)
මුදල් අරගෙන කරන සංගීතය මුලාවක් (නි)
මමත් ආසයි සංගීතයක් කරන්න ඔය වගේ. ගෙයක් හදා ගන්න ගල් ටිකක් හොයාගන්න.(නදී)
මොනවා වුණත් මේ ගල්මුල් ගැසීම නම් නොහොබිනා වැඩක්. (නි)
සංගීත කණ්ඩායමට කිසිම වරදක් කියන්න බෑ..වරද සංවිධායකයන්ගේ, (ස)
සංගීත කණ්ඩායමට කිසිම වරදක් කියන්න බැහැ. සංවිධායකයෝ තමයි වැරදි. (නි)
මොකක්ද ? සංගීත කණ්ඩායම ?(නදී)
බෑන්ඩ් එකට දොස් කියල වැඩක් නැ. සංවිධායක මණ්ඩලය ඒවා හරියට බලාගන්න ඕනි. (අ)
අද කාලේ ගල්මුල් පුජා පවත්වන්න ඕනෑ සංගීත ප්‍රසංග තවත් තියෙනවා හොඳේ..?(අ)
එළි වෙනතරු බයිලා ගහලා කඩේ වැහුවා නම් ඉවරයිනේ.(නදී)
අමල් මුන්ට ලුස් කණ්ඩායම.(නදී)
ටීවී එකේ බලනවා වගේද අතන? කොච්චර සතුටුද, ඔය පොඩ්ඩක් ගහ බැනගත්තට? (නි)
වසන්ත, මෝඩ කතා කියන්න එපා (නි)
දෙගොල්ලොම වැරදියි. නියමිත වෙලාවට ඇරබීම සහ නියමිත වෙලාවට අවසන් කිරීම ඉතාම වටිනවා. මත් ද්‍රව්‍ය ,වීදුරු බෝතල් , පිහි වැනි ආයුද එහෙම තහනම් කලයුතුයි.(නදී)
අමිල කටුනායක .., මුන්ට ලුස් කණ්ඩායමේ නායකයා කව්ද..? මමත් කියන්නේ හොද වැඩේ ගල් මුල් සංග්‍රහය.., සල්ලි අයකරල තිබුණු එකක් නම් පහුවෙලා පටන් ගත්තා නම් ටිකක් වෙලා වැඩිපුර තියන්න තිබුනා ., ගෘප් එක මොකක්ද දන්නේ නැහැ නේද...?(නදී)
පැලවත්තේ මොනවා කළත් ගුටි කෙළියකින් තමයි අවසන් වෙන්නේ (නි)
සංගීතයයි දේශපාලනයයි බාල්දු වෙලා, කිසිම වටිනාකමක් නැහැ. (නි)
මේ අය සංගීතයට ගල් ගැහුවේ ඒ වෙලාවේ මේ අය පොල් හරි කටුකම්බි හරි ගහලා හිටියද දන්නෙ නැහැ? (නි)
හෙළ සිරිත.(නදී)
මුදල් අයකර කරපු දෙයක් නම් . පමාවී පටන් අරන් ඉක්මනින් ඉවර කරාට ගල් මුල් ගැසුව එක සාදාරනයි. ආපසු මේ වගේ දේවල් නොකරන්නට.(නදී)
ඕන් ආවා...මේන් ගියා... දඩෝරියා කණ්ඩායමලු ආවේ... (නි)
ගල් මුල් ගහපු කණ්ඩායම "මේකත් කාලා පලයන්" කණ්ඩායමලු.... (නි)
ප්‍රේමයේ ආහාරය සංගීතය නිසානේ අපේ අය සංගීතය කන්නේ (නි)
චන්දි, ඕක කිවුවොත් මට දත් නැතුව බත් කන්න වෙයි (නි)
කලාවත් හොරාට කරන්න පුරුදු වෙලා වගෙයි (නි)
අපේ රටෙන් සංගීතයට පෙර දැන්වීම් වල ගායකයෝ විසිපහක් විතර ඉන්නවා. එන්නේ පස් දෙනයි. අනේ අපට මේ ගල් වලින් ගහන්න බැහැනේ ? (නි)
වරදකට ඉක්මන් නඩු තීන්දුවක් සහ ඉක්මන් දඩුවමක්.නරක නැහැ.කාලය නාස්ති නොකර මෙහෙම වුණ එක හොදයි. (නි)
සංගීතය ...රෝ ස්ටාර්... මොනවා නැතත් පොලිසියෙ මහත්තුරු නම් හොදට කාලා ජීප්පුවත් කුඩු කරගෙන ගියා...(ඇයි ඉතින් උන්නැහෙලනෙ කිව්වෙ 12.30 ට නවත්තන්න කියලා හදිසියෙම) (නදී)
අපි මොනවා ගැහුවත් උඹලා නටපල්ලා කියන සංගීත කණ්ඩායමක්ද දන්නෙ නැහැ (නි)
මිනිස්සු පටන් ගත් මුල් යුගයේ සංගීතේ පටන් ගත්තේ ගල් මුල් වලට ගහලනේ. අපි කවදත් මුල අමතක කරන ජාතියක් නෙමෙයිනේ (නි)
ටී වී එකේ ඕනෑ තරම් සින්දු යන්නේ.මොන එහෙකටද සල්ලි දීලා බලන්න යන්නේ. (නි)