IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


සංගක්කාර යළිත් ප‍්‍රසාද ලකුණු 900 ආසන්නයේ

පාකිස්තානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ලකුණු 490 ක් ලබාගත් කුමාර් සංගක්කාර වසර පහකට පසුව ටෙස්ට් පිතිකරුවන්ගේ අසීරු අභියෝගයක් වන ප‍්‍රසාද ලකුණු 900 කඩයිමට ලගා වෙමින් සිටී. පකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක දෙක ස්ථානයේ සිටි සංගක්කාර ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දස්කම් සමගින් නැවතත් අංක එක ස්ථානය අත්කරගත්තේය. මේ වන විට ප‍්‍රසාද ලකුණු 892 ක් හිමිකරගනිමින් සිය ආසන්නතම තරගකරුවා වන කොදෙව් පිතිකරු ෂිව්නරීන් චන්ද්‍රපෝල්ට වඩා ප‍්‍රසාද ලකුණු 36 කින් ඉදිරියෙන් සිටින සංගක්කාර සිය වසර 12 කට ටෙස්ට් දිවියේදී පිතිකරුවකු වශයෙන් ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව (936) ලබාගත්තේ  වසර 2007 දී එංගලන්ත පිලට එරෙහිව මහනුවරදී පැවැති තරගයෙන් අනතුරුව ප‍්‍රසාද ලකුණු 938 ක් ලබාගනිමිනි. කි‍්‍රකට් දිවියේදී උපරිම ප‍්‍රසාද ලකුණු 938 ක් ලබාගනිමින් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර සම හයවැනි ස්ථානය ලබා සිටින ශී‍්‍රමත් ගාෆීල්ඞ් සෝබර්ස්, ශී‍්‍රමත් විවියන් රිචඞ්ස් සහ ශී‍්‍රමත් ක්ලයිඞ් වෝල්කොට් සමග සංගක්කාරද එක පෙළට සිටී. වසර 2006 දී ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට එක්වීමෙන් පසුව සංගක්කාර මේ දක්වා පළමු 10 දෙනාගෙන් පහළට වැටී නැත. සංගක්කාර ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට එක්වූයේ වසර 2006 දී මහේල ජයවර්ධන සමග එක්ව දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ලකුණු 624 ක සම්න්ධතාවක් ගොඩනැංවීම සඳහා ලකුණු 287 කින් සම්මාදම් වෙමිනි. මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ දග පන්දු යවන්නා බවට පත්ව සිටින රංගන හේරත් ලෝකයේ හොඳම ටෙස්ට් පන්දු යවන්නන් අතර තමන්ට හිමි සිවුවැනි ස්ථානය තවදුරටත් රැකගැනීමට සමත්විය. පාකිස්තානු පිලට එරෙහිව කඩුලූ 15 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා වූ හේරත් මේ වන විට තමන්ගේ වසර 12 ක ටෙස්ට් තරග දිවියේ හොඳම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව වන 782 දක්වා සිය දස්කම් ඉදිරියට ගෙන ගොස් තිබේ. මේ අතර පාකිස්තානු පිලට එරෙහිව එකම ටෙස්ට් තරගයක් පමණක් කී‍්‍රඩා කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 8 ක් ඉදිරියට එමින් කොදෙව් පිලේ නායක ඩැරන් සැමී සමග 54 වැනි ස්ථානයේ සිටී. සෙසු ටෙස්ට් පිතිකරුවන් අතර තිලාන් සමරවීර 14 වැනි ස්ථානයද, මහේල ජයවර්ධන 19 වැනි ස්ථානයද ලබා සිටිති. එකම ටෙස්ට් තරගයක් සඳහ කී‍්‍රඩා කළ තිසර පෙරේරාද ස්ථාන 20 ක් ඉදිරියට පැමිණෙමින් පන්දු යවන්නන් අතර 80 වැනි තැනට පැමිණ තිබේ.

තරග දිවියේ හොඳම ප‍්‍රසාද ලකුණු ලබාගත් ටෙස්ට් පිතිකරුවෝ
1. ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ( ඕස්ටේ‍්‍රලියාව) 961
2. ශී‍්‍රමත් ලෙනාඞ් හට්න් (එංගලන්තය) 945
3. ශී‍්‍රමත් ජැක් හොබ්ස් (එංගලන්තය) 942
4. රිකී පොන්ටිං ( ඕස්ටේ‍්‍රලියාව) 942
5. පීටර් මේ (එංගලන්තය) 941
6. ශී‍්‍රමත් ක්ලයිඞ් වෝල්කොට් (බ.ඉ.කොදෙව්) 938
6. ශී‍්‍රමත් විවියන් රිචඞ්ස් (බ.ඉ.කොදෙව්) 938
6. ශී‍්‍රමත් ගාෆීල්ඞ් සෝබර්ස් (බ.ඉ.කොදෙව්) 938
6. කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) 938
10. මැතිව් හේඞ්න් ( ඕස්ටේ‍්‍රලියාව) 935
10. ජැක් කලිස් (දකුණු අපි‍්‍රකාව) 935
 
ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම
පිතිකරු ප‍්‍ර. ලකුණ
1. කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) 892
2. ෂිව්නරීන් චන්ද්‍රපෝල් (කොදෙව්) 856
3. ඒ. බී. ඩිවිලියර්ස් (ද.අපි‍්‍රකාව) 821
4. ජැක් කලිස් (ද.අපි‍්‍රකාව) 819
5. මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව) 771
6. හසිම් අම්ලා (ද. අපි‍්‍රකාව) 763
7. යුනිස් ඛාන් (පාකිස්තානය) 761
7. රොස් ටේලර් (නවසීලන්තය) 761
9. ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය) 756
10. ගේ‍්‍රඒම් ස්මිත් (ද. අපි‍්‍රකාව) 753
10. අසාර් අලි (පාකිස්තානය) 753
 
ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම
පන්දු යවන්නා ප‍්‍ර. ලකුණු
1. ඬේල් ස්ටෙයින් (ද. අපි‍්‍රකාව) 886
2. සයීඞ් අජ්මාල් (පාකිස්තානය) 832
3. ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය) 785
4. රංගන හේරත් (ශී‍්‍ර ලංකාව) 782
5. වර්නන් පිලැන්ඩර් (ද. අපි‍්‍රකාව) 764
6. ස්ටුවර්ට් බ්‍රෝඞ් (එංගලන්තය) 758
7. බෙන් හිල්ෆනවුස් ( ඕස්ටේ‍්‍රලියාව) 756
8. ගේ‍්‍රඒම් ස්වෝන් (එංගලන්තය) 742
9. පීටර් සිඞ්ල් ( ඕස්ටේ‍්‍රලියාව) 740
10. මෝනි මෝකල් (ද. අපි‍්‍රකාව) 733
සංගක්කාර රංගන හේරත්



අදහස් (0)

සංගක්කාර යළිත් ප‍්‍රසාද ලකුණු 900 ආසන්නයේ

සුමිත් Monday, 16 July 2012 05:48 PM

කදුරට කොල්ලෙක් නෙමෙයි, ලංකාවේ කොල්ලෙක්. ඔය මෝඩ ගතිය නිසා මදැයි අවුරුදු 30ක් මරා ගත්තා.

:       0       0

අසන්ක Monday, 16 July 2012 12:32 PM

නියමයි

:       0       0

අතපත්තු Tuesday, 17 July 2012 02:02 AM

ලෝකේ ඉන්න අංක එකේ විශිෂ්ඨම ක්‍රීඩකයා ඔබයි

:       0       0

ගංගා Tuesday, 17 July 2012 03:37 PM

අපේ දෙන්නෙක්ම ඉන්නවා .... සංගා තව ඉදිරියටම යමු ...........

:       0       0

සුභාෂිනී Monday, 16 July 2012 02:15 PM

සංගා ඔබ උගත් බුද්ධිමත් කෙනෙක් . ආඩම්බරයි...

:       0       0

චතුල වෙරෝනා Monday, 16 July 2012 07:00 PM

ශ්‍රීමත් කුමාර් සන්ගක්කාර කියල දාන දිනේ අපි බලගෙන ඉන්නෙ

:       0       0

බුද්ධි Monday, 16 July 2012 02:29 PM

ලංකාවේ ඇහෙන දේවල් වල හැටියට මේ වගේ පුවතක් ඇසීමට ලැබීම ඇත්තටම සතුටුයි

:       0       0

සනා Tuesday, 17 July 2012 04:46 PM

රටේ නම්බුව තියන්න දැන් ඉන්නේ උඹ විතරයි කොල්ලෝ.හැබැයි ‍දේශපාලනේ ගාව ගත්තොත් නම් උඹත් ඉවරයි.

:       0       0

දමිත් Monday, 16 July 2012 02:58 PM

ඔබ අපේ රටේ තවත් මුරලි කෙනෙක් වෙන්න හේරත් සුබපැතුම් !!!!

:       0       0

සුදා - ටවුන් හෝල් Monday, 16 July 2012 03:08 PM

නියමයි

:       0       0

menaka from Monday, 16 July 2012 08:18 PM

නියමයි සංගා ඔහෝම යමු. ඔහෝම යමු.

:       0       0

ෂෙරීෆ් Monday, 16 July 2012 08:54 PM

ලංකාව සැරසු ඔබට අපගේ ප්‍රණාමය , රංගන හෙට්ටිආරච්චිගේ දස්කම් අපට කිසිදා අමතක නොවෙනු ඇත.....

:       0       0

සුරේශ් Monday, 16 July 2012 03:19 PM

සංගා ඔබ සැබෑ වීරයෙකි. ඔබව අගයන අතර සුභ පතමි...

:       0       0

අචිනි Monday, 16 July 2012 04:01 PM

සුබපෙතුම් සංගක්කාර , හේරත් ඔබ අපට ආඩම්බරයක් ...!

:       0       0

කුරුවිට Monday, 16 July 2012 03:28 PM

අපේ රට පුංචි උනාට වැඩ ලොකුයි......සුභ පැතුම්...

:       0       0

පුන්ච Monday, 16 July 2012 04:15 PM

කදුරට කොල්ලෙක් නියමයි සංගා නියමයි ...

:       0       0

ප්‍රදීපා ඉතාලි Monday, 16 July 2012 04:21 PM

සංග ඔබට දිගු ගමනකට සුබ පැතුම්

:       0       0

නලින් Monday, 16 July 2012 10:31 PM

ආඩම්බරයි ඔබ ගැන.සාඩම්බර දිවියකට සුභ පැතුම්!

:       0       0

මලා Monday, 16 July 2012 04:46 PM

නියමයි සංගා. ඔබයි ලංකාවේ ඉන්න එකම හොදම පිතිකරුව. සුභපැතුම්

:       0       0

ට්‍රිෂාන් Monday, 16 July 2012 11:22 PM

ආඩම්බරකාර සිංහයන්ට අපෙන් සුභ පැතුම්!

:       0       0

රමිල Monday, 16 July 2012 11:59 AM

මේක සුභ ලකුණක් . අපි හදවතින්ම සුභ පතනවා..

:       0       0

ජීවන Monday, 16 July 2012 12:09 PM

ඔබ අපට ලොකු ආඩම්බරයක් සන්ගා. ඔහෝම යමු. ඔහෝම යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 180 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2293 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site