ආසියානු කැරම් සම්මේලනය සහ බංග්ලාදේශ කැරම් සංගමය එක්ව සංවිධානය කරන දකුණු ආසියානු (සාග්) කැරම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 6 දෙනෙක් සහභාගිවෙති. අද (11) සිට 14 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන මෙම තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල අද (11) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. සත්කාරක බංග්ලාදේශය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල් හයක් සහභාගිවෙති. ඉසව් හතකින් සමන්විත තරගාවලියේ පිරිමි හා කාන්තා කේවළ, යුගල හා මිශ‍්‍ර යුගල ඉසව්වලට අමතරව කණ්ඩායම් ඉසව්වක්ද (පිරිමි/කාන්තා) පැවැත්වේ. සාග් කැරම් තරග ඉතිහාසයේ මෙතෙක් ශුරතාව ඉන්දියාවට ද, අනුශුරතාව ශ්‍රී ලංකාවටද හිමිව තිබේ. සංචාරක ශ්‍රී ලංකා කැරම් පිල: පිරිමි නිශාන්ත ප‍්‍රනාන්දු (නායක), චමිල් කුරේ, එම්.ෂෙරිෆ්ඞීන් කාන්තා ජෝශප් රොෂිටා (නායිකා), මධුෂිකා කාංචනමාලා, චලනි ලක්මාලි විජය අමරසිංහ මහතා (කළමනාකරු), රෝහිණී මතායස් මහත්මිය (ප‍්‍රධාන තරග තීරකවරිය), හේමා පෙරේරා මහත්මිය (විනිසුරු), ලැන්ග්ලි මතායස් මහතා (ආසියානු කැරම් සම්මේලනයේ ලේකම්)
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ගලිදේශයට සාදරයෙන් පිලිගනිමු
ශ්රී ලංකා කණ්ඩායමට සුභපතමි
ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පතමි