IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සංගා ක්‍රිකට් බලන්න උතුරට යයි

උතුරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බිහි වූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර කිලිනොච්චිය මැදි විදුහල් ක්‍රීඩාංගණයට ගියේය.

සිව්වන වතාවටත් ආරම්භ කරන ලද මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය මෙවර කිලිනොච්චිය යාපනය හා මුලතිව් නගරයන්හි පැවත්වීමට කටයුතු යොදා ඇත.

මේ අනුව බදාදා(07) ආරම්භ වූ මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය ලබන 11 වැනිදා අවසාන මහ තරඟය මුලතිව්හි පැවත්වෙන අතර තරගාවලිය වෙනුවෙන් පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 16 ක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතය.

තරගාවලිය නැරඹීමට පැමිණි කුමාර් සංගක්කාර විසින් ‘ගුණ ජය සතුට පදනමේ‘ සම්බන්ධීකරණයෙන් බී.බී.ඩී.ඕ. ලංකා පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් පාසල් ළමුන් වෙනුවෙන් පාපැදි 20 ක්ද ප්‍රධානය කරන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණියේ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාය.

sanga_201510801_1 sanga_201510801_2 sanga_201510801_3 sanga_201510801_4 sanga_201510801_5 sanga_201510801_6

 



අදහස් (0)

සංගා ක්‍රිකට් බලන්න උතුරට යයි

කල්හාරි Thursday, 08 October 2015 06:37 AM

කවදද එංගලන්තයේ මහකොමසාරිස් පදවියට යන්නේ ? (ර)

:       0       0

වරුණ Thursday, 08 October 2015 07:44 AM

නියම ශ්‍රී ලාංකිකයෙක් සංගා ඔහුගෙන් අපේ දේශපාලකයන්ට උගත හැකි පාඩම් බොහෝයි අවංකබව නිර්ව්‍යාජ බව මානව හිතවාදී කම වගේ දේවල් (බ)

:       0       0

ජයනාත් Thursday, 08 October 2015 02:45 PM

හොඳ ඇරඹුමක් සංගා...! ලංකාවේ පළාත් නමයෙන් ම ජාතික ක්‍රිකට් සංචිතයට දක්ෂයින් තෝරා ගැනීමට බැරිද ..? හැමදාම බස්නාහිර , දකුණ, මධ්‍යම,වයඹ, සබරගමුවෙන් විතරමද ..? උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද, ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් අවස්තාවක් ජාතික සංචිතයට එන්න වැඩ පිළිවලක් ගැන හිතන්න. (ර)

:       0       0

තාජුඩින් Thursday, 08 October 2015 10:45 AM

එතෙක් මෙතෙක් බිහිවූ පරිපුර්ණ ක්‍රීඩකයෙක් සුබපැතුම් සංගා !(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site