උතුරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බිහි වූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර කිලිනොච්චිය මැදි විදුහල් ක්‍රීඩාංගණයට ගියේය.
සිව්වන වතාවටත් ආරම්භ කරන ලද මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය මෙවර කිලිනොච්චිය යාපනය හා මුලතිව් නගරයන්හි පැවත්වීමට කටයුතු යොදා ඇත.
මේ අනුව බදාදා(07) ආරම්භ වූ මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය ලබන 11 වැනිදා අවසාන මහ තරඟය මුලතිව්හි පැවත්වෙන අතර තරගාවලිය වෙනුවෙන් පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 16 ක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතය.
තරගාවලිය නැරඹීමට පැමිණි කුමාර් සංගක්කාර විසින් ‘ගුණ ජය සතුට පදනමේ‘ සම්බන්ධීකරණයෙන් බී.බී.ඩී.ඕ. ලංකා පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් පාසල් ළමුන් වෙනුවෙන් පාපැදි 20 ක්ද ප්‍රධානය කරන ලදි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණියේ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදද එංගලන්තයේ මහකොමසාරිස් පදවියට යන්නේ ? (ර)
නියම ශ්‍රී ලාංකිකයෙක් සංගා ඔහුගෙන් අපේ දේශපාලකයන්ට උගත හැකි පාඩම් බොහෝයි අවංකබව නිර්ව්‍යාජ බව මානව හිතවාදී කම වගේ දේවල් (බ)
හොඳ ඇරඹුමක් සංගා...! ලංකාවේ පළාත් නමයෙන් ම ජාතික ක්‍රිකට් සංචිතයට දක්ෂයින් තෝරා ගැනීමට බැරිද ..? හැමදාම බස්නාහිර , දකුණ, මධ්‍යම,වයඹ, සබරගමුවෙන් විතරමද ..? උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද, ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් අවස්තාවක් ජාතික සංචිතයට එන්න වැඩ පිළිවලක් ගැන හිතන්න. (ර)
එතෙක් මෙතෙක් බිහිවූ පරිපුර්ණ ක්‍රීඩකයෙක් සුබපැතුම් සංගා !(ම)