IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘සොඛ්‍යයටයි අධ්‍යාපනයටයි වැඩි මුදලක් වෙන්කළා‘

රටේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප‍්‍රතිපාදන ඉහළ නංවා ඇති බවත් එමඟින් ජනතාවට වඩා වැදගත් ආකාරයට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාව ලබාදීමට කටයුතු කරන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ නව තෙමහල් හා දෙමහල් ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

රුපියල් මිලියන 200 ක වියදමකින් දින 50 ක කාලයක් තුළ වර්ග අඩි 58,000 ක අවකාශයක මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකර ඇත. මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිසාන් ජයසිංහ මහතාගේ සැළසුමකට අනුව මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ එවකට අධ්‍යක්ෂ චම්පා අලූත්වීර මහත්මියගේ පරිපාලන කාලය තුළ මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත. මීගමුව මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප‍්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණයෙන් ගොඩනැඟිල්ල ඉදිකර ඇත.

negombohospitl_20151012 negombohospitl_20151012-2 negombohospitl_20151012-3 negombohospitl_20151012-4 negombohospitl_20151012-5

           

 



අදහස් (0)

‘සොඛ්‍යයටයි අධ්‍යාපනයටයි වැඩි මුදලක් වෙන්කළා‘

රූපවතී Tuesday, 13 October 2015 05:17 PM

මහානාම සොයුර අපේ රටේ කොටසක් මහජන මුදලින් ඉතාමත් සැපවත් ජීවිත ගත කරමින්..මහජන මුදල් කොල්ලකාගෙන විදෙස් බැංකුවල තමන්ගේ තැන්පතු වශයෙන් අයිතීන් කියාපාමින් ..සිටීනම් ..ඒ මුදල් වලින් කොටසක් රටේ දුප්පතුන්ගේ සුභ විහරණය උදෙසා වැය කලාට මානම් වරදක් විදියට දකින්නේ නැහැ ...මේ මංකොල්ල රැල්ල වත් නවතීවි ..දුප්පත්න්දරුවන්ගේ කුසට අහරක් වැටේවි..? අසරණ කාන්තාවෝ කිරි දරුවන් නිවසේ දමල මැද පෙරදිග යාම ටිකක් වත් නවතීවි..? අම්ම ගෙදර දරුවන් සමග සිටීනම් පියාගෙන් අතවරයට පත්වෙන දරුවන් සංඛ්‍යාව අඩු වේවි ..! (බ)

:       0       0

රූපවතී Tuesday, 13 October 2015 05:23 PM

මහජනයා නැඟී සිටින්න ඕනෑ මේවා දිනාගන්නයි (නි)

:       0       0

දුමින්ද Monday, 12 October 2015 08:55 AM

මේක අලුත් ආණ්ඩුවේ අලුත් වැඩක්ද ? (ම)

:       0       0

ප්‍රනාන්දු Monday, 12 October 2015 08:56 AM

අගයමු වටිනාම දේ එක ......පහුගිය කලේ උද්දේ ඉවර වෙලත් උද්දය වෙනුවෙන් මොන තරම් වියදමක් ...පසුගිය රජයෙන් කළද.....රටකට මේ දැක්ම වෙනුවෙන් තමයි පළමු කාර්ය හැටියට ම දකින්නේ.....(ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Monday, 12 October 2015 10:11 AM

නිරෝගී ජනතාවක් සහ උගත් බුද්ධිමත් පරපුරක් රටට අවශ්‍යම මොහොතයි. ඔබේ දැක්ම නිවැරදියි ජනපතිතුමනි. දුටුගැමුණු, වළගම්බා මහා පරාක්‍රමබාහු රාජාවලියට ඔබත් එකතු වනු නියතයි.(ම)

:       0       0

මහානාම - කඳාන Tuesday, 13 October 2015 12:16 PM

රුපවති නෝනා , කවදාවත් සහනාධාර ඉල්ලන්න හෝ දෙන්න කියා පුරුදු වෙන්න එපා . (බ)

:       0       0

රූපවති Monday, 12 October 2015 10:31 AM

අපි හැමදාම පාන් කෑල්ලයි කහට කොප්පෙයි එක්ක පොර බදලා රටේ ලොකු ලොක්කන්ට සැප විදින්න පහසුකම් ලබලා දෙන්න බදු ගෙව්වා. අපි හැමදාම දුප්පත් උනේ ඒක නිසයි. (ර)

:       0       0

වසන්ත Monday, 12 October 2015 10:37 AM

හොඳ අදහසක්, ආයෝජකයින්ට උපරිම සහාය ලබා දී කර්මාන්ත අංශය සඳහා ආයෝජකයින් දිරිමත් කරන්න. අලුත් ආයෝජනකලාපයෙක් 2016 බලා පොරොත්තු වෙමු. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 13 October 2015 02:14 AM

අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත්කර ගැනීමෙන් රටට සහ ජනතාවට අත්වන්නාවූ යහපත් ප්‍රතිඵල දකිනවිට එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින් කළ උදාර මෙහෙයය ගැන නිහතමානීව ආඩම්බර විය හැකියි. (නි)

:       0       0

චන්දික Monday, 12 October 2015 11:20 AM

හොද දේවල් අගය කරමු. (ර)

:       0       0

පද්මිනි Monday, 12 October 2015 11:51 AM

අර වැසිකිලියක් නොමැති පාසල් 500ක් තියෙනවලු. එම පහසුකම මුලිකයිනේ. ඒ ගැන කටයුතු කිරීම කඩිනමින් කරන්න. (ර)

:       0       0

සරලා Monday, 12 October 2015 12:17 PM

හොද වැඩක්. (ර)

:       0       0

‍ජී‍ව Monday, 12 October 2015 12:36 PM

ධර්ම ජයවික්‍රම, ‍ද‍වල්‍ ‍හී‍න ‍ද‍කි‍න‍ව ‍ද? (ර)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 October 2015 12:49 PM

රුපවතී, ප්‍රගතිසිලි වෙලා තියෙන තරමක්, නගේ කනගාටු වෙන්න දෙයක් නැහැ බුද්ධිමත් දුර දක්නා නුවනක් ඇති නායකත්වයක් එක්ක රට ඉහලට අපි ඉදිරියට. (ර)

:       0       0

ලාල් Monday, 12 October 2015 12:55 PM

ධර්ම ජයවික්‍රම සමඟ සියයට සීයක් එකඟයි. අනගතයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී නාමය ශ්‍රීලංකාව තුල පමණක් නොව ඡත්‍යන්තරයෙත් බැබලෙනවා. (ර)

:       0       0

මහානාම - කඳාන Wednesday, 14 October 2015 02:50 AM

රූපවති මගේ ප්‍රතිචාරය වරදවා වටහාගෙන. මා ඔබතුමිගේ අදහස ගැන 100% එකඟයි. ඔබතුමිය අසා නැද්ද බංගලාදේශේ නොබෙල් සම්මාන ලැබී ප්‍රොෆෙසර් මොහොමෙඩ් යුනුස් කියපු දේ? කන්න කවුරුහරි යමක් ඉල්ලුවොත්, මාලුවෙක් දෙන්න එපා, බිලි පිත්තක් දෙන්න කියලා. (නි)

:       0       0

දිලිප් Monday, 12 October 2015 01:28 PM

නැති බැරි අයට රක්ෂණ ක්‍රමයක් හදමු. (ර)

:       0       0

කමල් Tuesday, 13 October 2015 05:03 AM

ඔබට ජය! (නි)

:       0       0

රෝහණ Tuesday, 13 October 2015 05:05 AM

ජනාධිපතිතුමනි, ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

චම්පික Monday, 12 October 2015 03:36 PM

ඔබ නියම නායකයෙක්. දුප්පත් දරුවන් ගැන ගොඩක් හිතන්න. අරලගන්විල (අ)

:       0       0

සුගා Monday, 12 October 2015 03:53 PM

ජනතාව විශ්වාස කරන්නේ ජනාදිපති තුමා විතරයි (අ)

:       0       0

රූපවතී Monday, 12 October 2015 05:17 PM

හරි විදියට නම් බේදයක් නැතුව ලංකාවේ රජයේ රැකියා නොකරන සියලුම පවුල්වලට මාසික රු, 5000/= දීමනාවක් දෙන්න.මේ අපරාධ රැල්ල වගේම දුප්පත් දරු පැටවුන්ට මන්දපෝෂණය, කාන්තාවෝ හොරකම් වලට ඇබ්බැහිවීම වැනි නොයෙකුත් අපරාධ වළක්වා ගන්න හැකිවෙනවා මෙන්ම, ජනතාවගේ හොඳ සෞඛ්‍ය තත්වයක් නඟාසිටුවන්න හැකිවනවා ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 393 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site