රටේ සෞඛ්‍යය හා අධ්‍යාපනය සඳහා වෙන්කරන මුදල් ප‍්‍රතිපාදන ඉහළ නංවා ඇති බවත් එමඟින් ජනතාවට වඩා වැදගත් ආකාරයට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාව ලබාදීමට කටයුතු කරන බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (12) මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ නව තෙමහල් හා දෙමහල් ගොඩනැඟිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
රුපියල් මිලියන 200 ක වියදමකින් දින 50 ක කාලයක් තුළ වර්ග අඩි 58,000 ක අවකාශයක මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකර ඇත. මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිසාන් ජයසිංහ මහතාගේ සැළසුමකට අනුව මීගමුව දිස්ත‍්‍රික් මහ රෝහලේ එවකට අධ්‍යක්ෂ චම්පා අලූත්වීර මහත්මියගේ පරිපාලන කාලය තුළ මෙම ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත. මීගමුව මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප‍්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණයෙන් ගොඩනැඟිල්ල ඉදිකර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම සොයුර අපේ රටේ කොටසක් මහජන මුදලින් ඉතාමත් සැපවත් ජීවිත ගත කරමින්..මහජන මුදල් කොල්ලකාගෙන විදෙස් බැංකුවල තමන්ගේ තැන්පතු වශයෙන් අයිතීන් කියාපාමින් ..සිටීනම් ..ඒ මුදල් වලින් කොටසක් රටේ දුප්පතුන්ගේ සුභ විහරණය උදෙසා වැය කලාට මානම් වරදක් විදියට දකින්නේ නැහැ ...මේ මංකොල්ල රැල්ල වත් නවතීවි ..දුප්පත්න්දරුවන්ගේ කුසට අහරක් වැටේවි..? අසරණ කාන්තාවෝ කිරි දරුවන් නිවසේ දමල මැද පෙරදිග යාම ටිකක් වත් නවතීවි..? අම්ම ගෙදර දරුවන් සමග සිටීනම් පියාගෙන් අතවරයට පත්වෙන දරුවන් සංඛ්‍යාව අඩු වේවි ..! (බ)
මහජනයා නැඟී සිටින්න ඕනෑ මේවා දිනාගන්නයි (නි)
මේක අලුත් ආණ්ඩුවේ අලුත් වැඩක්ද ? (ම)
අගයමු වටිනාම දේ එක ......පහුගිය කලේ උද්දේ ඉවර වෙලත් උද්දය වෙනුවෙන් මොන තරම් වියදමක් ...පසුගිය රජයෙන් කළද.....රටකට මේ දැක්ම වෙනුවෙන් තමයි පළමු කාර්ය හැටියට ම දකින්නේ.....(ම)
නිරෝගී ජනතාවක් සහ උගත් බුද්ධිමත් පරපුරක් රටට අවශ්‍යම මොහොතයි. ඔබේ දැක්ම නිවැරදියි ජනපතිතුමනි. දුටුගැමුණු, වළගම්බා මහා පරාක්‍රමබාහු රාජාවලියට ඔබත් එකතු වනු නියතයි.(ම)
රුපවති නෝනා , කවදාවත් සහනාධාර ඉල්ලන්න හෝ දෙන්න කියා පුරුදු වෙන්න එපා . (බ)
අපි හැමදාම පාන් කෑල්ලයි කහට කොප්පෙයි එක්ක පොර බදලා රටේ ලොකු ලොක්කන්ට සැප විදින්න පහසුකම් ලබලා දෙන්න බදු ගෙව්වා. අපි හැමදාම දුප්පත් උනේ ඒක නිසයි. (ර)
හොඳ අදහසක්, ආයෝජකයින්ට උපරිම සහාය ලබා දී කර්මාන්ත අංශය සඳහා ආයෝජකයින් දිරිමත් කරන්න. අලුත් ආයෝජනකලාපයෙක් 2016 බලා පොරොත්තු වෙමු. (ර)
අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත්කර ගැනීමෙන් රටට සහ ජනතාවට අත්වන්නාවූ යහපත් ප්‍රතිඵල දකිනවිට එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින් කළ උදාර මෙහෙයය ගැන නිහතමානීව ආඩම්බර විය හැකියි. (නි)
හොද දේවල් අගය කරමු. (ර)
අර වැසිකිලියක් නොමැති පාසල් 500ක් තියෙනවලු. එම පහසුකම මුලිකයිනේ. ඒ ගැන කටයුතු කිරීම කඩිනමින් කරන්න. (ර)
හොද වැඩක්. (ර)
ධර්ම ජයවික්‍රම, දවල් හීන දකිනව ද? (ර)
රුපවතී, ප්‍රගතිසිලි වෙලා තියෙන තරමක්, නගේ කනගාටු වෙන්න දෙයක් නැහැ බුද්ධිමත් දුර දක්නා නුවනක් ඇති නායකත්වයක් එක්ක රට ඉහලට අපි ඉදිරියට. (ර)
ධර්ම ජයවික්‍රම සමඟ සියයට සීයක් එකඟයි. අනගතයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ශ්‍රී නාමය ශ්‍රීලංකාව තුල පමණක් නොව ඡත්‍යන්තරයෙත් බැබලෙනවා. (ර)
රූපවති මගේ ප්‍රතිචාරය වරදවා වටහාගෙන. මා ඔබතුමිගේ අදහස ගැන 100% එකඟයි. ඔබතුමිය අසා නැද්ද බංගලාදේශේ නොබෙල් සම්මාන ලැබී ප්‍රොෆෙසර් මොහොමෙඩ් යුනුස් කියපු දේ? කන්න කවුරුහරි යමක් ඉල්ලුවොත්, මාලුවෙක් දෙන්න එපා, බිලි පිත්තක් දෙන්න කියලා. (නි)
නැති බැරි අයට රක්ෂණ ක්‍රමයක් හදමු. (ර)
ඔබට ජය! (නි)
ජනාධිපතිතුමනි, ඔබට ජයෙන් ජය! (නි)
ඔබ නියම නායකයෙක්. දුප්පත් දරුවන් ගැන ගොඩක් හිතන්න. අරලගන්විල (අ)
ජනතාව විශ්වාස කරන්නේ ජනාදිපති තුමා විතරයි (අ)
හරි විදියට නම් බේදයක් නැතුව ලංකාවේ රජයේ රැකියා නොකරන සියලුම පවුල්වලට මාසික රු, 5000/= දීමනාවක් දෙන්න.මේ අපරාධ රැල්ල වගේම දුප්පත් දරු පැටවුන්ට මන්දපෝෂණය, කාන්තාවෝ හොරකම් වලට ඇබ්බැහිවීම වැනි නොයෙකුත් අපරාධ වළක්වා ගන්න හැකිවෙනවා මෙන්ම, ජනතාවගේ හොඳ සෞඛ්‍ය තත්වයක් නඟාසිටුවන්න හැකිවනවා ඇත (නි)