
(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මුව ආවරණය නිවැරදිව පැළදීම සහ මීටරයක පරතරය ලබාගැනීම ඇතුළු ‘කොවිඩ්’ වයිරසයෙන් ආරක්‍ෂාවීමේ උපදෙස් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථාන අද (16) ආරම්භ කළේය.
බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
බස්නාහිර පළාත් රථ වාහන නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා කොළඹ නරගයේ දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින් පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමත් සමඟ ජනතාව ආරක්‍ෂිත උපදෙස් අමතක කිරීම නිසා මෙම වැඩසටහන ආරම්භ කළ බවත් මෙය අත්අඩංගුවට ගැනීමේ ව්‍යාපෘතියක් නොවන බවත්ය.
ඡායාරූපය: ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නාවලපිටියේ අලුතෙන් පත්වුණු සභාපති වරයා පිළිගන්නට ඇමතිවරයෙක් ඇතුළු විශාල පිරිසක් එකතු වුණු එක වැරදියි කියලා ඒ පිරිස දැනුවත් කළොත් හොඳයි නේද? නැත්තන් ඉතින් "එක රටක් එක නීතියත්" නිකන් විහිළුවක් වෙන්න පුළුවන්... මේකටත් අර අලුතෙන් අදහස් දක්වන්න පත්කර ඇති කණ්ඩායම මොනවා හරි ලියයිද දන්නේ නෑ.
රටක් විදිහට හැමදාම වරදින තැන ඕකම තමයි. මුලින් කරන්න ඕනෑ දේ අන්තිමට කරනවා. ජයවේවා..!!!