(සුජිත් හේවාජුලිගේ )
සෞඛ්‍ය සේවකයන්ට තෙවැනි එන්නතක් (බූස්ටර් ) ලබාදීමට විශේෂ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
සෞඛ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇතත් එලෙස එන්නත ලබාගත් සමහරුන්ට කොවිඩ් ආසාදනයවී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවට තොරතුරු හෙළි වී ඇති බවත් බූස්ටර් එන්නතක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇත්තේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන බවත් හෙතෙම සඳහන් කළේය.
සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන් සඳහා පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොවිඩ් මර්දන පළමු එන්නත ලබා දුන් බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුනට දෙවැනි එන්නත පසුගිය අප්‍රේල් මාසයේදී ලබා දුන් බවද පැවසුවේය.
කොරෝනා පාලනයට සෘජුව දායකව සිටින සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිරන්තරව සොයා බැලීමට කටයුතු කිරීම වැදගත් බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සෞඛ්‍ය සේවකයන්ට ’’ බූස්ටර්’’ එන්නතක්
sam Sunday, 08 August 2021 03:48 PM
සෞඛ්‍ය සේවකයින්ට අඩුගානේ කොවිඩ් හැදුණොත් ප්‍රතිකාර ගන්න වෙනම පහසුකම් සලසා තියෙනවද?
Prase Sunday, 08 August 2021 04:12 PM
ගොන් කතා කියන්න එපා. සෑම ජීවිතයක්ම වටිනාකමක් තියෙනවා. වෙනස් තැන් හදන්න ඔවුන් වෙන මානුෂීය ජාතියක්ද?
Ratne Sunday, 08 August 2021 08:59 PM
බූස්ටර් නෙවෙයි කොවිඩ් මර්ධනය සඳහා තීරණ ගත යුතු අයට ඇන්ටනා සවි කළ යුතුයි. මොකද ඔවුන් සෑම විටම ක්‍ෂණිකව ගත යුතුම ක්‍රියාමාර්ග දින ගණනාවක් ප්‍රමාද වී ගැනීම මඟින් කොවිඩ් මාරයාට හිස එස වීමට අවස්ථාව ලබා දීමක් සිදු කරයි.
Asela Sunday, 08 August 2021 11:32 PM
බූස්ටර් එක දෙන්න ඕනේ දෙවැනි එන්නතෙන් මාස 6 කට පසුවය