
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පලාත තුළ ගැවෙන පිරිස් මුඛ ආවරණ නිසි අයුරින් පැළඳ සිටින්නේ එය ද යන්න සොයා බැලීමේ විශේෂ මෙහෙයුමක් අද දින සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය.
පසුගිය දින කීපය තුල කොරෝනා වයිරසය මහජනයා අතර පැතිරීම වැඩි වීමක් දක්නට ලැබෙන අතර අදින් ආරම්භ කෙරෙන මෙම මෙහෙයුම උත්සව සමය නිමාවන තෙක් පැවැත්වීමට තීරණය කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබා දී ඇති උපදෙස් කඩකරන්නන්ට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා පොලිසිවලට උපදෙස් ලබාදී තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම ගිහින් ජනපතිව අල්ලන්න.. ලෝකෙටම පේන්න මුඛ ආවරනේ නැතුව හිටියා දැක්කේ නැද්ද?
පසුගිය දිනක සඳගිරි සෑය ලඟත් එක්කෙනෙක් හිටියා මුක ආවරණ මුකුත් දාන්නේ නැතිව , පොලිසිය එයාව අත්අඩංගුවට ගන්නේ කවදද ?
අයියෝ මෙහෙයුම් වලට කාලයයි මුදලුයි වැය කරන්න එපා.ලොක්කෝ දෙන්නා යන එන තැන වලින් බුරුතු පිටින් අල්ල ගන්න පුළුවන් කම තියෙද්දී
ඔය හදන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක්...
බස් ස්ටෑන්ඩ් වලට කඩා පනින්න ඒ අය මාස්ක් දාන්නේ නෑ විතරක් නොවේ... එක සිගර්ට් කොටේ බෙදාගෙන බොනවා. බස් අස්සේ මුත්‍රා කරනවා කෙල ගහනවා. ගොඩක් වෙලාවට රටේ බහුතරය සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවා.. නූගත් ස්තරය තමයි නැත්තේ... ඒ අයට බලය යෙදීමක් අවශ්‍යයි.