අපවත්වී වදාළ සේරුවිල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සෙනසුරාදා (7) සිදු කිරීමට නියමිත අතර එයට දායක වී දානයේ කටයුතු අවසන් කිරීමෙන් පසු අධිකරණය මගින් සේරුවිල විහාරයේ භාරකාරත්වය පවරන පාර්ශවයකට තම අසපුව පූජා කළ බඩු බාහිරාදියද බාරදී ඉන් ඉවත්වන බව මහමෙව්නාව භාවනා අසපුව විශේෂ නිවේදනයකින් දැනුම්දෙයි.
දෙපාර්ශවයක් සේරුවිලට අයිතිවාසිකම් කියන බැවින් දෙපාර්ශවයේම අතරමැදියකු ලෙස මහමෙව්නාව අසපුව ඉදිරිපත් වූයේ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හොඳින් සිදු කිරීමට පමණක් බවත් එක් පාර්ශවයක් සමග හොඳින් කටයුතු කරද්දී අනෙක් පාර්ශවයේ සැකයටත් ගැරහීමටත් ලක්වන බවත් දක්නට ලැබුණු බව එම නිවේදනයේ දැක්වේ.
කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවී මහමෙව්නාවේ සඟ පිරිස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් පසු සේරුවිලින් ඉවත්වන බවත් සංඝයා සමගියෙන් කටයුතු කිරීම සැපයක් බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සුඛෝ සංඝස්ස සාමග්ගී‘
සිරි Friday, 06 May 2016 06:25 AM
මෙය නම් පින් කැමති දෙවි මිනිසුන්ට මහත්ම අලාභයක්!!! (ම)
රාජිත Friday, 06 May 2016 07:04 AM
සියල්ල අතාරින්න කියා බණ දෙසන බහුතර හාමුදුරුවරුන්ට පන්සලේ යතුරු කැරැල්ලේ,ඔප්පු මිටියයි අත අරින්ඩ හිත හදා ගන්ඩ බැනේ (ම)
සදිසා Friday, 06 May 2016 08:42 AM
යොමා බුදු නෙත කුලුනිනේ වඩිනු මැන නිදුකාණනී (බ)
චම්පිකා මහවිතාන Friday, 06 May 2016 10:34 AM
මහමෙව්නාව තුළින් යම් දෙයක් කරනවා නම් හරියට බුදු දහමට අනුකූලව කරනවා (නි)
රජිත් Sunday, 08 May 2016 04:32 AM
අහසේ පොළොවේ සිටින - පිනැති දෙවියන් බඹුන් වෙසෙත්වා සියළු කල - දියුණු කළ මෙත් සිතින් ඒ සියලූ දෙව් බඹුන් - යොමා කරුණා නෙතින් රකිත්වා හැම ලෙසින් - සිල්වතුන් ගුණවතුන් (ර)
නිමලරත්න Friday, 06 May 2016 06:19 AM
හාමුදුරුවරුන්ට පන්සලේ අයිතිය ලබා ගන්න තියෙන තණ්හාව තරම් තණ්හාවක් මේ හාමුදුරුවරුන්ට නැහැනේ. මේ රටේ සිංහල බෞද්ධ අයිතිය රැකගන්න (ම)