අපවත්වී වදාළ සේරුවිල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සෙනසුරාදා (7) සිදු කිරීමට නියමිත අතර එයට දායක වී දානයේ කටයුතු අවසන් කිරීමෙන් පසු අධිකරණය මගින් සේරුවිල විහාරයේ භාරකාරත්වය පවරන පාර්ශවයකට තම අසපුව පූජා කළ බඩු බාහිරාදියද බාරදී ඉන් ඉවත්වන බව මහමෙව්නාව භාවනා අසපුව විශේෂ නිවේදනයකින් දැනුම්දෙයි.
දෙපාර්ශවයක් සේරුවිලට අයිතිවාසිකම් කියන බැවින් දෙපාර්ශවයේම අතරමැදියකු ලෙස මහමෙව්නාව අසපුව ඉදිරිපත් වූයේ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හොඳින් සිදු කිරීමට පමණක් බවත් එක් පාර්ශවයක් සමග හොඳින් කටයුතු කරද්දී අනෙක් පාර්ශවයේ සැකයටත් ගැරහීමටත් ලක්වන බවත් දක්නට ලැබුණු බව එම නිවේදනයේ දැක්වේ.
කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවී මහමෙව්නාවේ සඟ පිරිස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයෙන් පසු සේරුවිලින් ඉවත්වන බවත් සංඝයා සමගියෙන් කටයුතු කිරීම සැපයක් බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නම් පින් කැමති දෙවි මිනිසුන්ට මහත්ම අලාභයක්!!! (ම)
සියල්ල අතාරින්න කියා බණ දෙසන බහුතර හාමුදුරුවරුන්ට පන්සලේ යතුරු කැරැල්ලේ,ඔප්පු මිටියයි අත අරින්ඩ හිත හදා ගන්ඩ බැනේ (ම)
යොමා බුදු නෙත කුලුනිනේ වඩිනු මැන නිදුකාණනී (බ)
මහමෙව්නාව තුළින් යම් දෙයක් කරනවා නම් හරියට බුදු දහමට අනුකූලව කරනවා (නි)
අහසේ පොළොවේ සිටින - පිනැති දෙවියන් බඹුන් වෙසෙත්වා සියළු කල - දියුණු කළ මෙත් සිතින් ඒ සියලූ දෙව් බඹුන් - යොමා කරුණා නෙතින් රකිත්වා හැම ලෙසින් - සිල්වතුන් ගුණවතුන් (ර)
හාමුදුරුවරුන්ට පන්සලේ අයිතිය ලබා ගන්න තියෙන තණ්හාව තරම් තණ්හාවක් මේ හාමුදුරුවරුන්ට නැහැනේ. මේ රටේ සිංහල බෞද්ධ අයිතිය රැකගන්න (ම)