නවපරපුරේ ජනප්‍රිය ගායකයන් අතලොස්සේ ඉදිරියෙන්ම සිටින යොවුන් ගායකයෙකු වන සංඛ දිනෙත් ප්‍රමුඛත්වයෙන් පවත්ව "ලයිව් ඉන් කොන්සට්" ප්‍රසංගය අද දිනයේදී (ජුනි 25 වැනිදා) මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී සවස 6.30ට පැවැත්වීමට නියමිතව ඇත. මේ ඒ පිළිබඳව ඔහු "සාරවිට" අපිට දැක්වූ අදහස් මේ.
"මේ දිනවල බොහෝ පිරිසක් අතර කතා වෙන මහරගම පිළිකා රෝහලට අවශ්‍ය කරන ෆෙට් ස්කෑන් යන්ත්‍රයට මූල්‍යමය අතින් දායක වෙන්න තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ. මම හිතන විදිහට දැනට මේ ෆෙට් ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය කරන මුදල් සොයා ගෙන තියෙනවා. නමුත්, ඒ යන්ත්‍රයට අවශ්‍ය කරන තවත් උපංග බොහෝමයක් තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය කරන උපංග ලබාගැනීමට ශක්තියක් වෙන්න තමයි අපි මේ ප්‍රසංගය පවත්වන්නේ.
ජාතික තරුණ සේවා සභාවේ සුබ සාධක සංගමය හා මහරගම තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅන්ග මහතා සමග කළ අදහස් හුවමාරු කරගැනීමක් මත තමයි මේ ප්‍රසංගය පවත්වන්න සැලසුම් කළේ. මා සමගින් මේ ප්‍රසංගයට ජනප්‍රිය ගායක, ගායිකාවන් යුවළක් වන ආත්මා ලියනගේ හා සමිතා මුදුන්කොටුව දායක වෙනවා. ඊට අමතරව නවක ගායිකාවක් ලෙස නිරාෂා ඒකනායකත් මෙහි ගීත ගායනයෙන් සාහය වෙනවා. සංගීතය සපයන්නේ තරුණ සේවා සභාවේ වාද්‍ය වෘන්දය."
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සංඛ දිනෙත් 'ලයිව් කොන්සට්'