මිගහතැන්න සමනළ වත්ත නිප්පොන් බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවන අසූ අට රියන් පිළිම වහන්සේ ඇතුළු සංකස්ස පුර නිර්මාණයේ කටයුතු කඩිනමින් අවසන් වෙමින් පවතී .
මෙහි ඇස්තමේන්තු මුදල රුපියල් ලක්ෂ පන්සීයයකි.
ප්‍රදේශවාසී දායක කාරකාදීන්ගේ දායකත්වය ද මේ සඳහා ලැබෙන අතර විහාරාධිපති උඩගම සුමංගල හිමියන්ගේ විදේශ හිතවතුන්ගේ දායකත්වය ද මේ සඳහා ලැබී තිබේ.
අකුරැස්සේ සෝමදාස ගනේගොඩ සහ චන්ඳ්‍රසිරි ගනේගොඩ යන මූර්ති ශීල්පීන් විසින් මෙහි කටයුතු සිදු කරයි.
විහාරවාසී සාමනේර හිමිවරුන් ද ශ්‍රමයෙන් මේ සඳහා දායක වෙති.
දුරකතනය - 034 22 84 604
0718114807
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වටිනා, අගය කළයුතු වැඩක් (නි)
විවෘත කරන්න නම් කටපුරා හිනාව දාගත් දේශපාලකයෝ එයි. පළාතට ගන්න එපා. (නි)
ඉතා හොඳයි. සාර්ථක වේවා! (නි)
අනේ මෙහෙමත් අපරාධ, හුණු බදාම යකඩ කොන්ක්‍රීට් දුප්පත් මිනිස්සු 500 කට ගෙවල් තනා දෙන්න තිබුනා, (හේ)
උඩගම සුමංගල හිමියන් විසින් මීගහතැන්නේ දරුවන් සඳහා පවත්වාගෙන යන වෘත්තීය අධ්‍යාපන ආයතනය මෙන්ම සමනළවත්තේ විහාරස්ථානයේ ඉදිකරගෙන යනු ලබන යෝධ බුදු පිළිමයද ජාතියේ චිරස්තිථිය මෙන්ම බොදු දහමේ පැවැත්ම සඳහාද කැපකෙරෙන මහඟු දායාදයක්. මේ වසරේ ලංකාවට ගිය විටදී උන්වහන්සේ ඇතුළු අනෙක් හිමිවරුන්ගේද දායකයින්ගේ සහ ආචාර්යවරුන්ගේ කැපවීම අපට සියැසින් දැක බලා ගැනීමට ලැබුණා. මේ කටයුත්තට දායකවීම ඇත්තෙන්ම යහපත් පුණ්‍යකර්මයක්. (නි)
ඉතා හොඳ නිර්මාණයක්.... (නි)
ලස්සන වැඩක්.(හේ)
ශ්රී ලංකාව බුදුන්ගේ දේශයයි !! අපි ඉපදී සිටින්නේ බුදුන් උපන් දේශයේ මගේ මවුබීමට බුදු සරණයි.(හේ)
බුදුන් හා සම්බන්ධ බොහෝ සිද්ධස්ථාන සියැසින් දැක වැඳපුදාගෙන අපිටත් පෙන්වීමට යමක් ගෙන ඒම ගැන ලංකාදීපයට බොහොමත් ස්තුතියි. (නි)
අතිවිශිෂ්ට නිර්මාණයක් .බොහෝ පින්කුසල් රැස්වෙන දෙයක් සාදු සාදු සාදු කියා නමස්කාර කරමි .සංකස්ස පුරයේදී සිදුවුණු සිද්දියේදී තථාගතයන් වහන්සේ අහසින් රන්වන් හිනිමගකින් මිහිතලයට වඩින ආකාරයයි සාමාන්‍යයෙන් අප දැක ඇත්තේ .එම සිදුවීමම ඒ කාරයෙන් දක්වන්නට ඇත්නම් ඉතාමත් සතුටුයි .බුද්ධ ජීවිතයේ ඉතාමත්ම අසිරිමත් අවස්ථාවක් එම අවස්ථාව .තවත් තැනක හෝ එම සිදුවීමම ඉතාමත් දැවැන්ත මුර්තියකින් කවරෙකුහෝ ඉදිකරන්නේනම් බොහෝ අගනා බවත් කියන්න සතුටුයි .(දිල්)