මහ ජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් ලබාගෙන වංචා කළ බවට චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ ඇතුළු සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගමේ අධ්‍යකෂවරුන් එකොළොස් දෙනා අතුරින් අධිකරණයට නොපැමිණි එකොළොස් වැනි විත්තිකරු මාසයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇපකරුට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා විත්තිකරු උසාවියට ඉදිරිපත් නොකළොත් රුපියල් දස ලක්ෂයේ ඇපය රාජසන්තක කරන බව දැනුම් දුන්නේය.
2006 නොවැම්බර් 01 වැනිදාත් 2008 සැප්තැම්බර් 31 වැනිදාත් අතර කාලය තුළ නුගේගොඩදී තැන්පතු මුදල් බාරගැනීම සඳහා සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ටක්ෂන් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් ජනතාව විසින් ආධිපත්‍ය බාරදුන් රුපියල් 16,28,468,000
මුදලක් වංචා කිරිමට හෝ වංචා කිරිමට ඉඩහැරීමට කුමන්ත‍්‍රණය කළ බවට 01, 02 සහ 05 වැනි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ඒ අනුව සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම නමින් ආයතනයක් ආරම්බ කොට කරමින් ජනතාව විසින් ආධිපත්‍ය බාරදුන් රුපියල් 16,28,468,000 මුදලක් වංචා කිරිමට හෝ වංචා කිරිමට ඉඩ හළ බවට 01, 02 සහ 05 වැනි විත්තිකරුවන්ට එරෙහිවද මෙලෙස මුදල් වංචා කිරිම ස`දහා ආධාර අනුබල දුන් බවට සෙසු විත්තිකරුවන්ට එරෙහිවද නිතිපතිවරයා විසින් චෝදනා 10ක් යටතේ නඩු පවරා ඇත.
චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ, කුමාරි අනුරාධිනි, ඩබ්.ඒ. දර්ශනී මධුවන්ති, දිමන්ති සංදීපිකා අධිකාරම්, නීතීඥ ජේ. ඒ. උපේක්ෂා සංකේතා ජයසුරිය, බී. ඒ. අසිත ප‍්‍රභාත්, නාලක තුෂාර කරුණානායක, චතුරි අප්සරා සරත්චඥ, සිත්රුවන් ධනංඡුය හේවාගම, චානක සුරේස් සිරිවර්ධන, සහ කේ.බී. කේසර සාමකුමාර චෝදනා ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම හොයන සල්ලි වලින් මොනවා කරන්නද හිතට එකඟව? (නි)
අසරණ මිනිසුන්ගේ සල්ලි වලට වන සාධාරණය කුමක්ද? (නි)
උපරිම දඬුවම් දෙන්න (නි)
කෝ අර මාධ්‍යවේදියා? (බ)