ඉංග්‍රිසි ගුරුවරයකු වී පසුව ව්‍යාපාරිකයකු වු සක්විති රණසිංහට ඇප නොදෙන්නයි නිතිපති අද (15) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය. සක්විති නිවාස හා ඉදිකිරිම් සමාගමක් නුගේගොඩ පිහිටුවා තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 163 ට ආසන්න මුදලක් වංචා කළැයි සිද්ධිය කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ඉදිරියේ නඩුව විභාගයට ගැනිණි.
ඔහුගේ නිතිඥයා ඔහුට ඇප ඉල්ලීය. රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ දිලිප පිරිස් මහතා ඊට දැඩි විරෝධය පළ කළේය.
තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කර දිර්ඝ කාලයක් ගත වී ඇතත් එම මුදල් ආපසු ගෙවීමට ඔහු කිසිවක් කර නැතැයි එහෙයින් ඔවුන්ට ඇප නොදිය යුතු යැයි ඔහු තරයේ කියා සිටියහ.
2006 සහ 2008 කාලයේ දී තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 163 කට වංචා කළැයි සක්විතිට අමතරව බිරිය කුමාරි අරුන්දති, දර්ශනී මධුවන්ති,සන්දීපිකා අධිකාරම්, උපේක්ෂා ජයසුරිය, අසිත ප්‍රභාත්, දොන් නාලක තුෂාර,චතුරි අප්සරා, සිත්රුවන් ධනංජන, චානක සුරේෂ් හා කේසර සමන් කුමාර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මොහුගේ බිරිඳ නිදහස් කරන්න කටයුතු කරනවා නම් එය අහිංසක දරු දෙදෙනකුට කරන ලොකු සහනයක්. මෙය මානුෂීය මුහුණුවරකින් බලන ලෙස කාරුණිකව ඉල්ලමි (නි)
මේ වංචාකළ මුදල වගේ සිය ගුණයක් එහෙම නැත්නම් දහස් ගුණයක් වංචාකළ අයට දින කිහිපයකින් ඇප ලැබෙන්නේ ඔවුන් දේශපාලකයින් නිසාද?? (නි)
එතකොට සක්විතිගේ උපදේශකට මොකද වුණේ? (නි)
මට මතක විදියට සක්විතිගේ කාර්යාලයේ ගසාතිබුනේ හිටපු ජනාධිපතිතුමාගේ පින්තූරයක්. අලුත් නීතිය අනුව ඔහුටත් මෙට්ටයක් යැව්වොත් හොඳයි නේද? (නි)
මහා බැංකුවේ ගණන මීටත් වැඩියි නේද. එ්ත් නඩුත් නැහැ පැමිණිලිත් නැහැ. (නි)
වරදක් කළාට පස්සේ දරුවාට බිරිඳට අනුකම්පා කරලා මානුෂිකව බලන්න ඕනෑ නැහැ. ඒවා ගැන හිතන්න තිබුනේ වරද කරන්න කලින්. (නි)