‘අපි බලයට පත්වුණොත් පාර්ලිමේන්තුවේ සෙංකෝලය අරගෙන දුවන බව ඇතැම් මන්ත්‍රීවරු කියා තිබුණා. ඒ අයට සෙංකෝලය අරන් මහින්ද රාජපක්ෂ හදපු හම්බන්තොට සූරියවැව පිට්ටනිය වටේට ගිහින් දුවන්න කියලා මම කියනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා බණ්ඩාරගම මිල්ලනියේ පැවති එජාප රැලියකට එක්වෙමින් පැවසීය.
‘දැන් පාක්ෂිකයන්ට ගහනවා. එහෙම උන්මත්තකයකුට රට බාරදෙනවාදැයි ඔබලා කල්පනා කර බලන්න‘ යැයිද අගමැතිවරයා එහිදී කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් පරණ අයට පුරුදු හොරකම් කරන එක බොරු මවාපාන් කරන්න අනුන්ගේ දේ උදුරගෙන දුවන ඒවා තමා. මුන් අායෙත් හදන්නේ හොර නඩයක් වගේ පාර්ලිමේන්තුවට රිංගගෙන මුන්ගේ බඩ කට පුරවා ගන්නනේ. වරෙන්කො මේ පාර ඡන්දෙ ඉල්ලගෙන අපේ ගෙවල් වලට. (බ)
ඉන්න කට්ටිය දැක්කම තේරෙනවා මේ ලෝකේ සංසාරයක් නෑ කියල. (ස)
තරුණයන්ට භීෂණ සමය වගේ කනත්ත වටේ තමා දුවන්න වෙන්නේ .(ම)
29 වතාවක් පැරදුනු අය අනිත් අයට උන්මන්තකයෝ කියති.(නදී)
රටේ භූගෝලයවත් හරියට නොදන්නා කෙනෙක් ඔහුට රට බාරදෙන්නලු! (නදී)
මේ උන්නැහේල ( සැම පක්ෂවල) කියන බොරු වලට ලංකාවේ උතුර පමණක් නොවෙයි දෙකටම පැලී නොයන්නේ (නදී)
වැඩකට නැති කතා කියන කෙනෙකුට රට බර දෙනවද කියල ඔබල හිතා බලන්න . (අ)
උත්තරීතර පාර්ලිමේන්තුවත් කලින් හිටපු අය හෑල්ලු කළා. ඉදිරි මැතිවරණයේදී පත් කළ යුත්තේ එහි ගරුත්වයට හානි නොකරන උගත් බුද්ධිමත් පිරිසක් වන බවට ජනතාව දැන්වත් වග බලා ගත යුතුය. (බ)
සූරිය කන්ද මතක් වෙන්නේ නැද්ද? (බ)
හැකි තරමක් ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය යවමු (බ)
කෝ සෙනග?? සූ ගාලා 20 ක් ඉන්නවා. (බ)
නියම කථාව.ඒ අයට සෙංකෝලය අරන් දුවන්න සුදුසුම තැන හම්බන්තොට සූරියවැව පිට්ටනියයි.(ම)
නීල් හැබැයි මේකට සෙනග බස් වලින් ඇදලා එහෙම නෑ වගේ නේද?(ම)
හොරු ගැන ඉව අල්ලන්න පුළුවන් ජවිපෙ එකට ජන්දෙ දෙන්න. (ම)
වට්ටක්ක ගෙඩි, අපවිත්‍ර වැසිකිලි කටවල්,උප්පැන්න සුදාලා,ගෙම්බන් පිලේ කට්ටිය, ගෙදර යැව්වොත් හොඳයි නේද? (බ)
සෙංකොලයට අපහාස කරන්න එපා. එය නිපදවපු මනුස්සයට කරන අපහාසයක්.(ම)
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අගමැති වෙනත් පාර්ශවයකට සෙංකොලය රැගෙන දුවන්න කියා අනුබල දෙන එක තමුන්ගේ තත්වයට සුදුසුද ? (ම)
යහපාලට එක්කෙනෙක් අමතක වුණා! අර මේ රටවල් වල ඇවිත් ජීවයේ අඛණ්ඩතවය රකින ගැහැනිය සහ මිනිසා වෙනුවට , අපේ සංස්කෘතියට පවා නිගරු කල , 'අර' කියන විකුර්ති 'එස් ට' මනාපය දුන් කුරුඳු පොලු ! (අ)
බීලා,බූරුවා ගහාලා,නිදාගෙන,උත්තරීතර පාර්ලිමේන්තුවට අපහාස කළ අයට,සෙංකෝලයට අපහාස කරන එක කඡ්ජක්ද? (බ)
නිල්, ඇස් බලාගත්තොත් නරකද ?(බ)
එක සැරයකුත් සෙන්කොලය අරන් දිවුවා වගේ මතකයි. (ම)
අනිත් පාර මේකේ ප්‍රවෘත්ති කියවන කොට කන්නාඩි කුට්ටම දාගෙන බලන්න. (නදී)