ඝාතනයට ලක්වුයේ යැයි සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ ගොඩගත් දේහය ඔහුගේම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා එසැණට පැවසීය.
ඇතැම් මාධ්‍ය කියා සිටියේ ගොඩගත් සිරුර පිළිබඳව සැකයක් පවතින බවයි. රගර් ක්‍රීඩකයාගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී කලක් යනතුරු සිරුර මිහිදන් කළ ස්ථානයට කිසිදු ආරක්ෂාවක් නොතිබූ බවත් සති දෙකකට ප්‍රථම ආරක්ෂාව දැමීමට පෙර ඔහුගේ සිරුර අස්ථාන ගත කිරීමටත් වෙනත් සිරුරක් එම ස්ථානයේ තැන්පත් කිරීමටත් යමෙකුට අවස්ථාව තිබුනේ යැයි එම මාධ්‍ය පැවසීය.
ඒ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේ කීවේය.
‘එහෙම වෙන්න විදියක් නැහැ. ඔහුගේ පවුලේ අය සිරුර හඳුනා ගත්තා. ඔවුන් ඉදිරියේදී සිරුර ගොඩගත්තේ. අවශ්‍ය නම් ඩී.එන්.ඒ පරීක්ෂණයකුත් කරන්න පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තීරණේ ආවත් අවුලක් නෑ එතකොට ඡන්දේ ඉවරනේ (බ)
ඔහුගේ සිරුරම දත් කඩලා, කම්බිකුරු බස්සලා, පිහි ඇනුම් කරලා සාක්ෂි වෙනස් කරලා ආයේ වළ දාලා තියෙන්නත් පුළුවන් නේද ?(ම)
ඔව් ඔය පරීක්ෂණ කරලා සිරුර ඔහුගේම බව සොයා ගත්තත් ඔහුව ඝාතනය කලේ අහවලුන් යි කියල ඔප්පු කරගන්නත් සාක්කි අවශයයි. නැතිනම් ඔය මහන්සියේ ප්‍රතිපලයක් නැහැ (නදී)
මල මිනී වලට කතා කරන්න පුළුවන් නම් ලොකු කතාවක් කියයි (නදී)
මොන ප්‍රතිපලද? ඡන්දෙන් මොන පැත්ත දිනුවත් ඊට පස්සේ ඕක දියාරු කරලා දානවා. මේක ඡන්ද තුරුම්පුවක් විතරයි. නැති නම් ජනවාරිවල මේක කරන්න තිබුනා. එතකොට වෛද්‍ය වාර්තා මෙලහට ඇවිල්ලා. එ්කෙන් ඇත්ත එළිවෙන බව දන්නා නිසා ඡන්දෙ අත ළඟ තියල මේ වැඩේ කරන්නේ මහින්දට මඩ ගහන්න. ලැජ්ජයි, ලැජ්ජයි.(නදී)
කල පව් පස්සෙන් එළවන කොට දුවන්න පාරවල් මදි වෙනවා.ඒක කාටත් පොදු ධර්මතාවයක් .(ම)
හොරකම් අල්ලපු එකේ පාර්ට් 2 පටන්ගත්තා. (බ)
දහම්, මහින්දට අලුතෙන් මඩ ගහන්න දෙයක් ඉතුරුවෙලා තියෙනවද ? වටේ ඉන්න එයාගෙම කට්ටිය මඩ බාල්දි ගණන් නාවල තියෙද්දී (ම)
දහම්ගේ නමටත් ලැජ්ජයි. (නි)
යහපාලනය ජනතාවටද බඩවඩා ගැනීමටද'? පසුගිය මාස 07 ම කළේ පරණ දේවල් ඇවිස්සීම විතරයි. රටට කරපු දේ මොකක්ද? (අ_
මේ සමහර මිනිස්සු තාමත් හොරුන්ට , අපරාධකාරයන්ට, ස්ත්‍රී දුෂකයන්ට,කුඩුකාරයන්ට තමයි කඩේ යන්නේ. මම වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ අය පුනරුත්තාපනය කරන්න රටපුරා පුනරුත්තාපන කඳවුරු ඇති කරන්න කියලා (නි)
තරාතිරම නොබලා මිනීමරුවන්ව පෝරකයට යවන්න. (නි)
අනේ මම වීරයෝ කියලා හිතපු අයගේ ඇත්ත තත්වය මම දැන් දන්නවා. (නි)
ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. මෙහි අදහස් දක්වා ඇති අය මෙවැනි කණගාටු දායක සිදුවීම් වනවිට අන්දයෝ වගේ සිට ඇති බව පැහැදිලියි (ම)