ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී බදාදා ඇරැඹෙන 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානයේ බෞද්ධ මන්ධිරය අද (22) නිල වශයෙන් ඇරැඹිණි.
ක්‍රීඩා උළෙලේ බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවෙල රේවත හිමියෝ බර ඉසිලීමේ ශ්‍රී ලංකා කණ්ඩායමට සෙත් පතමින් අද එහි ආගමික වතාවත් ඇරැඹීය.
රන් පදක්කම් ලාභී චින්තන විදානගේ සුරතෙහි පිරිත් නූලක් බඳිමින් රේවත හිමියෝ ඔහුට සෙත් පැතූහ.
දිනපතා උදෑසන භාවනා වැඩසටහන්, තරඟවලට පෙර ක්‍රීඩකයනට ආශිර්වාද කිරීම, සතිපට්ඨාන භාවනාව ඇසුරෙන් මානසික ආතතිය ඇති කිරීම සිත එකඟ කර ගැනීමේ භාවනා අභ්‍යාස ඕනෑම රටක ඕනෑම ආගමිකයකුට කියා දෙන බව රේවත හිමියෝ එසැණට කීහ.
අද උත්සවයට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්කොට්ලන්ත ක්‍රීඩා ගමේ බෞද්ධ විහාරයක්
රොෂාන් ප්‍රනාන්දු Tuesday, 22 July 2014 09:46 AM
මේ රටවල ආගමික නිදහස ගැන සතුටු විය හැකියි. (නි)
ජනක Tuesday, 22 July 2014 09:52 AM
පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට සහභාගිවෙන අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! ජයග්‍රහණ ලබාගෙන රටට කීර්තියක් ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! සදහම් සුවඳින් ස්කොට්ලන්තය බබළවන පුජ්‍ය කඹුරාවෙල රේවත හිමිගේ සේවයත් ඉතා අගය කරනවා(බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය) (නි)
දේදුනුපිටියේ උපනන්ද හිමි Tuesday, 22 July 2014 06:54 PM
අපේ උණුසුම් සුභ පැතුම් හා හදපිරි සතුට ප්‍රකාශ කරමු. බුදු සරණයි! (නි)