ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී බදාදා ඇරැඹෙන 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානයේ බෞද්ධ මන්ධිරය අද (22) නිල වශයෙන් ඇරැඹිණි.
ක්‍රීඩා උළෙලේ බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවෙල රේවත හිමියෝ බර ඉසිලීමේ ශ්‍රී ලංකා කණ්ඩායමට සෙත් පතමින් අද එහි ආගමික වතාවත් ඇරැඹීය.
රන් පදක්කම් ලාභී චින්තන විදානගේ සුරතෙහි පිරිත් නූලක් බඳිමින් රේවත හිමියෝ ඔහුට සෙත් පැතූහ.
දිනපතා උදෑසන භාවනා වැඩසටහන්, තරඟවලට පෙර ක්‍රීඩකයනට ආශිර්වාද කිරීම, සතිපට්ඨාන භාවනාව ඇසුරෙන් මානසික ආතතිය ඇති කිරීම සිත එකඟ කර ගැනීමේ භාවනා අභ්‍යාස ඕනෑම රටක ඕනෑම ආගමිකයකුට කියා දෙන බව රේවත හිමියෝ එසැණට කීහ.
අද උත්සවයට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සහභාගී වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල ආගමික නිදහස ගැන සතුටු විය හැකියි. (නි)
පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට සහභාගිවෙන අපේ කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! ජයග්‍රහණ ලබාගෙන රටට කීර්තියක් ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා! සදහම් සුවඳින් ස්කොට්ලන්තය බබළවන පුජ්‍ය කඹුරාවෙල රේවත හිමිගේ සේවයත් ඉතා අගය කරනවා(බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය) (නි)
අපේ උණුසුම් සුභ පැතුම් හා හදපිරි සතුට ප්‍රකාශ කරමු. බුදු සරණයි! (නි)