කතානායක සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සුහද සාකච්ඡාවකට යොමු කරවා ඔවුන් අතර ඇති අර්බුදය විසඳීමට කටයුතු කරන බව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාටින් චුන්ගන් පැවැසීයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.
එසේ විසඳිය නොහැකි වුවහොත් පරීක්ෂණයක් පවත්වා විසඳුමක් ලබා දීමට සිදුවන බව මහලේකම් කීවේයැයි ගම්මන්පිල පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සුවෙන් වගේ.. කියන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියල දන්නැති අසරණයෙක්. අනුකම්පා කරන්න. මේ තමා නීතියෙන් බේරෙන්න කරන දැගලිල්ල. (බ)
ඇදුම් බැග් හොයා ගත්තද .පුදුම දේවල් වෙන්නේ නේද . දැන් ඉස්සර වගේ කට්ටියට ගුවන් ගමන් නොමිලේද.(අ)
නිල විපක්ෂයක් තිබියදී ආණ්ඩු පක්ෂයේම කොටසක් විපක්ෂයක් ලෙස කටයුතු කරන එකත් එහෙම කරන්න ඉඩ දීල තියෙන එකත් අමුතුම ජාතියේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් කියල ඒ ගොල්ල කිව්වේ නැද්ද? (බ)
අධිරාජ්‍යවාදීන්ට කේලම් කියන්න එපා. බොරු දේශප්‍රේමී සළු පොරවගත්තු පුහු දේශප්‍රේමීයෝ ...(බ)
බලාගෙන ඉන්නකෝ ලැබෙතුරු එහෙනම්... (නි)
මට මතකයි මහින්ද ජනාදිපති කාලේ විපක්ෂය ජිනීවා ගිය එකට කීවා ගෙදර ගිනි පිටට දෙන්න එපා කියලා. (88 -89 කාලේ මහින්ද මහතා පවා ජිනීව පැමිණිලි කරන්න ගියා.) (බ)
මේකද අවසාන උත්සාහය කියලා අපි දැනගන්න කැමතියි (නි)
වීරවංශ මහත්තයෝ මේක විදේශීය කුමන්ත්‍රණය නොවෙයිද ? දෙශීය එකක්ද? (බ)
රටේ ව්‍ය්වස්ථාදායකයට ජාත්‍යන්තර අත පෙවීමක් කියලා වීරවංශ ලොක්කා කියයිද දන්නේ නැහැ. (බ)
එදා ජිනීවා නරක සුද්දන්ගේ අධිරාජවාදී උගුලක් කිවූ ඔබ අද ජිනීවා ගැන ඔබේ අදහස පළමුව පැහැදිලි කරන්න. (බ)
බටහිර අධිරාජ්‍යවාදී ජිනීවා කුමන්ත්‍රණ කරුවොන්ගේ තීන්දු පිළිගන්නේ නෑනේ මේ සිංහලේ අපි. (අ)
ජාතික ඇඳුම නැතුව යුරෝපා කබා දමා එදා කබරයා අද තලගොයි පැටියා කළා එදා වින්ද සැප දැන් දැන් අඩු හින්දා බොරු බේගල් දෙසති හැමදෙනා මෝඩ සිතා(අ)
විමර්ශනය කර බැලු විට මොහුගේ පැටිකිරියද , පසුගිය කාලසීමාව තුල කටයුතු කල ආකාරයද අනුව ඉදිරියේදී අන් අය විකුණා හෝ ජනප්‍රිය වීමට මාන බලන්නෙකි.(කෞ)
ඕකත් අධිරජ්‍යවාදී කුමන්තනයක්ද දන්නේ නැහැ.(හේ)
ඡන්ද පැරදිලා සඳලුතලයෙන් ගමේ පිලට විසිවුණහම ඉතින් සමහරුන්ගේ ඇඟට පතට අමාරු තමයි (නි)