IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘සාකච්ඡාවෙන් තීරණ ගන්නවා‘ - මංගල

රටේ සමස්ත ජනතාවට ජීවත්වීම සඳහා ස්ථාවර , සුරක්ෂිත වටපිටාවක් සැකසීම හා තිරසාර ආර්ථික සෞභාග්‍යයක් ළඟා කරදීම වත්මන් රජයේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ සියලු ජාතීන් ගේ අවශ්‍යතා සුරකින  පරිදි සාකච්ඡා මාර්ගයෙන් ගන්නා තීරණ ඔස්සේ කටයුතු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය බවයි.

නව අමාත්‍යධුරයේ රාජකාරි කටයුතු බාර ගැනීමෙන්  අනතුරුව මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කර තිබේ.

වත්මන් රජය ලෝකය සමඟ මිත්‍රශීලීව හා සහයෝගයෙන් කටයුතු කිරීමට සැලසුම් සකස් කර ඇති බව  විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.

දූෂණය පිටුදැකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මූලධර්ම මත පදනම් වූ නව නීති හා ආයතන පිහිටුවීම නව රජයේ මූලික අරමුණ බවද මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

 

 

 



අදහස් (0)

‘සාකච්ඡාවෙන් තීරණ ගන්නවා‘ - මංගල

නිමල් ලාලිත Monday, 31 August 2015 02:55 PM

මේක සිංහලයාට ඇති එකම රට බවත් ,ඔය සර්ව සාධාරණ බහු ජාතික බහු ආගමික එකම කෙනෙකුටවත් අසිංහලයන් වැඩිම ප්‍රදේශ එකකවත් මැතිවරණයට තරංග කර ජය ගත නොහැකි බව මතක තබා ගතහොත් යෙහෙකි. (බ)

:       0       0

ප්‍රියන්ත Monday, 31 August 2015 06:52 PM

දින 100 ට නොගිය රටක් නැතුව ඇති. දැන් ඉතින් බයක් නැහැනේ. (නි)

:       0       0

නාරද Monday, 31 August 2015 09:35 AM

කල්පනාවෙන්, සුක්ෂමව හැසිරෙන, හසුරවන නිලධාරීන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි (බ)

:       0       0

මුණසිංහ Tuesday, 01 September 2015 03:02 AM

එහෙනම් අපි වැඩට බහිමුද! (නි)

:       0       0

මුදලිගේ Tuesday, 01 September 2015 03:10 AM

ඒක හොඳයි (නි)

:       0       0

මැගී Monday, 31 August 2015 12:59 PM

බලමු .බලමු (බ)

:       0       0

සොපී Tuesday, 01 September 2015 05:32 AM

මෙතුමාගේ ක්‍රියාකලාපය ගැන මට නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site