රටේ සමස්ත ජනතාවට ජීවත්වීම සඳහා ස්ථාවර , සුරක්ෂිත වටපිටාවක් සැකසීම හා තිරසාර ආර්ථික සෞභාග්‍යයක් ළඟා කරදීම වත්මන් රජයේ අපේක්ෂාව බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ සියලු ජාතීන් ගේ අවශ්‍යතා සුරකින පරිදි සාකච්ඡා මාර්ගයෙන් ගන්නා තීරණ ඔස්සේ කටයුතු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය බවයි.
නව අමාත්‍යධුරයේ රාජකාරි කටයුතු බාර ගැනීමෙන් අනතුරුව මෙරට සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවූ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් පළ කර තිබේ.
වත්මන් රජය ලෝකය සමඟ මිත්‍රශීලීව හා සහයෝගයෙන් කටයුතු කිරීමට සැලසුම් සකස් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත.
දූෂණය පිටුදැකීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ මූලධර්ම මත පදනම් වූ නව නීති හා ආයතන පිහිටුවීම නව රජයේ මූලික අරමුණ බවද මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සිංහලයාට ඇති එකම රට බවත් ,ඔය සර්ව සාධාරණ බහු ජාතික බහු ආගමික එකම කෙනෙකුටවත් අසිංහලයන් වැඩිම ප්‍රදේශ එකකවත් මැතිවරණයට තරංග කර ජය ගත නොහැකි බව මතක තබා ගතහොත් යෙහෙකි. (බ)
දින 100 ට නොගිය රටක් නැතුව ඇති. දැන් ඉතින් බයක් නැහැනේ. (නි)
කල්පනාවෙන්, සුක්ෂමව හැසිරෙන, හසුරවන නිලධාරීන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි (බ)
එහෙනම් අපි වැඩට බහිමුද! (නි)
ඒක හොඳයි (නි)
බලමු .බලමු (බ)
මෙතුමාගේ ක්‍රියාකලාපය ගැන මට නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)