( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රාජ්‍ය ස්කාගාර සංස්ථාවේ සේවකයකුගේ දොඩංගොඩ පිහිටි සුවිසල් නිවසක ගබඩා කර තිබු රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් ස්ප්‍රීතු බැරල් 15 ක් අද (14) දොඩංගොඩ පොලීසිය බාරයට ගෙන තිබේ.
එම බැරල්වල ස්ප්‍රීතු ලීටර් තිස් පන් ලක්ෂ පන්සීයක් තිබූ බව පොලීය සඳහන් කරයි.
මෙම නිවසට දහවල් කාලයේදී නාඳුනන පුද්ගලයින්,වාහන පැමිණෙන බවට පොලීසියට ලැබී තිබුණු තොරතුරක් අනුව ඒ පිළිබඳව අවධානයෙන් සිටී පොලීසියට මෙම ජාවාරම හසු කර ගැනීමට හැකි වී තිබේ.
මෙම ස්පීතු තොගය රාජ්‍ය ස්කාගාර සංස්ථාවෙන් හොර රහසේ ගෙන ආ ඒවාදැයි සැක පවතින බව පොලීසිය සඳහන් කරයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙන බව පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම හොරෙන් ගෙනාපුවා වෙන්න ඕනේ... නැත්නම් ස්කාගාර සංස්ථාව සේවකයන්ට ස්ප්‍රිතු වලින් වැටුප් ගෙවන සිරිතක් නැහැනේ ?
ඔන්න රාජකාරිය පැය 24ම කරන අවංක සේවක මහත්මයෙක්.
සුවිසල් නිවසකුත් තියෙනවා නම් කොටි 3ක ස්ප්රිතුත් ගබඩා කරලා තිබුණා නම් මොහු අනිවාර්යයෙන්ම සේවාකාලය තුළ සංස්ථාවෙන් ප්‍රකෝටි ගණනක් හොරකම් කරලා ඇති.. හරි නම් මොහුගේ වත්කම් සියල්ල සොයාබලා රාජසන්තක කරලා අඩුම තරමේ අවුරුදු 30-40 වත් සිරේ යැවිය යුතුයි. චීනේ මේවගේ වැඩක් කළානම් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරනවා.. සෞදියේ නම් හිස ගසා දමනවා..
හැමරජයේ අයතනකම වංචාව , දුෂණය, මැති ඇමතිවරුන්ගේ අනුදැනුම ඇතිව ඕවා වෙන්නේ.. කෝ නීතිය තව ටික කාලයිනේ...
අනේ ඒ බැරල් එකක් මටත් ගන්න ඕන. එකක් ලීටර් ලක්ෂ දෙකක් අල්ලන බැරල් එකක්. කීයක් ගියත් කමක් නෑ.
හෙට වෙනකොට වැහි වතුර එකතු කරපුවා වෙන්න පුළුවන්...
මා දන්නා පරිදි දැනට රාජ්‍ය ස්කාගාර සංස්ථාවක් නැත.
මෙහි සඳහන් සමහර දේවල් ශිෂ්ට, සදාචාර බෞද්ධ රටකට ගැලෙපෙන වචන නොවෙයි. තරහ එකක්, නමුත් නීතියන් කියලා එකකුත් අපේ රටේ තවම තියනවා.
ඔය පැත්තේ හොර අරක්කු හදනවනේ ඒවාට දෙන්න ගෙනල්ල ඇති
නිතිය කියල එකක් තිබුනට නඩුවක් අහල ඉවර කරන්න අවම වශයෙන් අවරුදු 10 වත් යනවා . වැරදිකරයන්ගෙන් 50% විතර නිකන්ම බේරිලා යනවා. හොරකම ලොකු වෙන තරමට මනුෂ්‍යය සමාජයේ දරන තනතුර වැඩි වෙන තරමට දඩුවම අඩුය. උදාහරණ මහබැංකු කොල්ලය සහ සක්විති
මිලියන 33 ක් රජයෙන් වංචාකර කෞතුකාගාර හදපු එකට කලුකෝට් කරුවන් මගින් අත්අඩංගුවට නොගන්නා අධිකරණ නියෝගයක් ගන්න පුළුවන්කම තිබුණා නම් මිලියන 3ක් වැනි සොච්චම් වරදකට අත්අඩංගුවට නොගන්න කියා නියෝගය ඔහුටම ගෙදර ඉඳගෙනම කෝල් කර ඉල්ලන්න පුළුවනි කියා කීවොත් වැරදිද?