මිනිස් ශිෂ්ඨාචාරයේ පැවැත්මට පවා තර්ජනයක් විය හැකි මට්ටමට පත්ව ඇති සිකා වෛරසය මදුරුවකුගෙන් පැතිර යන්නේ යැයි විශ්වාස කළ ද එය ලිංගික එක්වීමෙන් ද පැතිර යන බව ඇමෙරිකානු රෝග පාලන ආයතනය පවසයි.
ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ සිකා වෛරසය ශරීරගත වූ රෝගියකු ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වීමත් සමගිනි.
මේ කාන්තාව වෛරසය පැතිර ඇති කිසිදු රටක සංචාරය කර නොමැති අතර ඇගේ සැමියා වෙනිසියුලාවේ සංචාරයක නිරතවූ බව ඇමෙරිකා රෝග පාලන ආයතන තහවුරු කරගෙන ඇත.
මදුරුවකුගෙන් පැතිර යන බව සොයාගත් මේ වෛරසය ගැබිණි මවකගේ සිරුරට ඇතුළු වුවහොත් ඇය බිහිකරන දරුවාගේ මොළය අඩුවෙන් වර්ධනය වීමේ අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. එවැනි දරුවකුගේ හිස්කබල ද සාපේක්ෂව කුඩා වෙයි.
මේ වන විට රෝගය අමෙරිකාව තුළ ද පැතිර යමින් පවතින අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සිකා වෛරසය හේතුවෙන් මහජන සෞඛ්‍ය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය.
ඕස්ට්‍රේලියාවෙන් ද සිකා වෛරසය ආසාදනය වූ දෙදෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් කැරිබියන් දූපත්හි සංචාරයක නිරතව පැමිණි අය බව හෙළි වී ඇත.
මේ වෛරසය මුලින්ම පැතිර ගිය බ්‍රසීලය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට තවත් රටවල් 20ට රෝගය පැතිරගොස් ඇති බවයි.
ඇමෙරිකානු රෝග පාලන ආයතනය පවසන පරිදි මේ වෛරසය ලිංගික සංසර්ගයෙන් ද පැතිර යන්නේ නම් එය තවත් වේගයෙන් පැතිරයනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඔය ලෙඩ හැදුණ දෙසිය ගාණක් ඉන්නවා පාර්ලිමේන්තුවේ (බ)
අපිනම් බය නැහැ. අපේ රටේ මදුරුවෝ කියල නාමයක් නැහැ. මදුරුවා කියන්නේ මොන වගේ සතෙක් ද? (ර)
මේ රටේ මදුරුවන් නැති කරන්න දෙන්නෙ නැත්තේ මදුරු දඟර සමාගම්. මදුරුවො නැති වුනොත් එයාලගෙ අලෙවිය පහළ බසිනවා. මීට කලින් ගෙන්වපු මදුරු කීටයින් වනසන බැක්ටීරියාව භාවිතා නොකරන්නේ ඇයි? මෙහෙ අය පරීක්ෂණ පැවැත්වුයේ එම බැක්ටීරියාව සාර්ථකව භාවිතා කිරීම පිළීබදව නොවෙයි...ඒක අපේ රටට ගැළපෙන්නෙ නැහැ කියල ඔප්පු කරන්නයි. (බ)
.මේ වෛරසය ලිංගිකව සම්ප්රෙෂනයවන බව 2009 දී සොයාගත්තා. ඒ බ්‍රයන් ෆෝයි කියන විද්‍යාඥයා නිසා.මදුරුවන් දෂ්ටකිරිමන් රෝගය ශරීර ගතවුන ඔහුගෙන් " අනාරක්ෂිත ලිංගික එක්වීම " නිසා ඔහුගේ බිරිඳට වැළඳුනා. මදුරුවෙකුගෙන් පැතිරෙන වයිරසයක් ලිංගිකව තවත් මිනිස් සිරුරකට සම්ප්‍රේෂණය කළ පළමුවැන්නා ලෙස බ්‍රයන් ෆෝයි ඉතිහාසයට එක්වුණා. (බ)
ඩෙංගු වලින් පෝලිමට මැරෙනවා.තාම අපේ ආණ්ඩුවට තාම බැරි උනා එක ඉවරකරගන්න .රටේ ජනතාවට බනිනවා දඩ ගහනවා නගර සභාවෙන් දන්නේ එච්චරයි. (ර)
රෝගය පැතිරෙන රටවල් වලින් මෙහි පැමිණෙන පුද්ගලයන් පිලිබඳ විමසිලිමත් විය යුතුයි. අපේ රටේ ඩෙංගු තවමත් තියෙන නිසා තවත් කරදරයක් මිනිස්සුන්ට ලැබිය යුතු නැහැ.(ම)
අපේ රටේ අයනම් මොන සීකා ආවත් බය නෑ කියන්නේ.(හේ)
අපේ රටට මේ මදුරුවෙක් ආවොත් කොහොම හිටීද? අපි කිසිම විදියකින් සුදානමක් නැහැ. මදුරුවෝ හැමතැනම. (නි)
යන විදියට නම් මහපොළොවේ මිනිස් පරපුර යලිත් වානරයාගෙන් පටන්ගනිවී වගේ. (ම)